(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුල මීට මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති බවට සැක කරන ඇතකුගේ සහ අලින් පස් දෙනකුගේ මළ සිරුරු තැන තැන තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
ඉන් ඇතාගේ සහ අලින් දෙන්නකුගේ මල සිරුරු ඇති ස්ථාන ප්‍රදේශ වාසින් කිහිප දෙනෙකු 22 මාධ්‍යවේදීන් කණ්ඩායමකට පෙන්වූ අතර ඉතිරි තිදෙනාගේ මල සිරුරු ඇති ස්ථානවලට ගමන් කිරීමේ ඇත්තේ බඳන තුවක්කු බැද තිබීම නිසා අවධානමක් ඇති බවත් තොරතුරු ලබාදුන් පිරිස නිසි ලෙස ඉසව්ව සන්නිවේදනය නොකළ බව ඔවුහු පවසති.
ඇතාගේ දළ යුගල ගලවාගෙන ගිය බවට එහි ඇති කොටස්වලින් තහවුරු වේ.ෙ
ප්‍රදේශයේ තරුණයෝ දෙදෙනෙක් මාධ්‍යවේදීන් අද 22 පෙරවරුවේ රැගෙන ගොස් මෙම අපරාදය පෙන් වූහ. මෙම අපරාධය වැළලී යාමට බොහෝ ඉඩකඩ පවතින බව ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතික අපරාදයක් ,මේවා බලන්න මාලිමා ආණ්ඩුවේ කයිතන් උන්දලට උවමනාවක් . වෙලාවක් නැහැ වගේ ,ඔක්කොම රක්ෂිත වල රැකවරණය ත්‍රිවිද හමුදාවට භාරදෙන්න කාලේ හරි දැන්