IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඇමති ආරක්ෂකයා කතරගමදි වෙඩි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තැබීමට යොදා ගත් බව කියන ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.

මෙම ගිනි අවියට අමතරව එම ගිනි අවියේ මැගසින් හතරක් සහ ජීව උණ්ඩ 128 ද සැකකාර පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල වනවා සමගම නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පලා ගොස් නූලෙන් දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

පුද්ගලික අමනාපයක් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති.

ඇමති ආරක්ෂක අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා ළඟ තිබී  සොයා ගත් ගිනි අවිය මැගසින් හතර සහ ජීව උන්ඩ තොගය ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ඒවා බව බවට පොලීසිය සැකකරයි.

 



අදහස් (2)

ඇමති ආරක්ෂකයා කතරගමදි වෙඩි තියලා

ගැමුණු Tuesday, 29 August 2023 08:34 PM

මුන් හරිම භයානකයි, මිනිස් වෙස් අරන් දෙවියොත් ඔය පැත්තේ එහෙ මෙහෙ යනවාලු. මුන් දෙයියන්ට වුනත් කොකා ගස්සන්න පුළුවන් . ඔය ඔක්කොම මහින්ද කියන පජාත නරියා හදපු බයියෝ.මේවගේ උන්ව ඔන් ද ස්පොට් වෙඩි තියලා තොලොංචි කරන්න ඕනා.

:       0       4

Perera Wednesday, 30 August 2023 06:59 AM

වෙඩි තියන්න ඕනෑම එකාට නෙමෙයිනේ වෙඩිල්ල තියලා තියෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 832 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2038 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site