
(බී.ජී.චතුරංග )
රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදු කෙරුණි.
සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.
ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.
මෙරට රජයේ රෝහලක පළමු වරට මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.
මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි
ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතාය. ඔහු ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමින්ය.
මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට ( සිහි මුර්ජා තත්ත්වයට ) පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුන අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation ) පවත්වා ගන්නා ලදි.
මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් , ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් , සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස ( ගෙඩිය / tumour ) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇත්තේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.
ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.
මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත් ඇතුළු කණ්ඩායමක් විසින්ය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "C" ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට සහ 31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්
Mohan Mangala Monday, 16 October 2023 04:23 PM
අපිට හොඳ දක්ෂ දොස්තරලා සහ සෞඛ්‍ය ස්ටාෆ් එකක් ඉන්නවා .ඇත්තෙන්ම ආඩම්බරයි
මහසෙන් Monday, 16 October 2023 05:15 PM
ජීවකයින්ගේ දරුවන්... ආඩම්බරනීය සුබපැතුම්...!
සුරංග Monday, 16 October 2023 09:58 PM
ඇත්තටම මෙතරම් දක්ෂ දොස්තර මහත්වරු මහත්මීන් අනුරාධපුර රෝහලේ සිටිද්දී දේශපාලුවෝ සිංගප්පූරු යනවා. සමහර පිරිස් ජාතික රෝහලට යනවා. මෙතරම් සූක්ෂම සැත්කම් කරන්න හැකියාව තියෙද්දි ජැක්සන් මහතා කොළඹට ගෙනාවේ?
ගමේ එකාලා Tuesday, 17 October 2023 08:47 AM
විස්මිත සැත්කම සාර්ථකව කරපු දොස්තර මහත්වරු ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා...!