(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුඩා දරුවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් හත් දෙනකුත් තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයකු අද දින මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් සිටි පිරිස රැගත් වෑන් රථය කිලො මිටර් 10 දශම 6 මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේදී ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.