(රංජිත් රාජපක්‍ෂ )
දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්‍ෂණ චාරිකාවක් සදහා පාලම මතින් අද (20) ධාවනය කෙරිණි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ඉකුත් (13) අලූයම එම පාලම මතදී පීලි පැනීමට ලක් විය.
එම පාලම ප‍්‍රතිසංස්කරණය කිරිමට සති තුනක කාලයක් ගතවන බවට සැලසුම් කර තිබිණි.
එම පාලමේ යෝග්‍යතාවය තහවුරු වීමෙන් පසු මගීන් රැගත් දුම්රියන් එම පාලම මතින් ධාවනය කිරිමට කටයුතු කරන බව එහි ප්‍රතිසංස්කරණය කටයුතු කළ ඉංජිනේරුවෝ පැවසූහ.
ඉදිරියේදි මෙම පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී වේගය සීමා කිරිමට සැලසුම් කර ඇත.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන්
raveendra Thursday, 20 July 2017 07:13 AM
ඉතා ඉක්මනින් පාලම හා මාර්ගය අලුත් වැඩියා කිරීම ගැන ඔබසැමට අපගේ ප්‍රණාමය.
sanjeeva Thursday, 20 July 2017 07:18 AM
මෙම කර්තවයට දායක වුන දුම්රිය සේවකයින් සහ ඉංජිනේරු සහ අනෙත් සියලුම අයට ගොඩක් ස්තුති
palitha Thursday, 20 July 2017 09:11 AM
ඉතාම ඉහලින් අගය කල යතු වැඩක්. මෙවැනි නිලධාරීන්ට සහ සේවක මණ්ඩලයට අපගේ ප්‍රණාමය.
sachith Thursday, 20 July 2017 09:11 AM
මෙන්න අපේ දුම්රිය සේවකයෝන්ගේ හැකියාව. එත් හැම ආණ්ඩුවක්ම පත් වුණාම දුම්රියේ පාලකයෝ විදිහට තමන්ගේ හෙන්චයියෝ දාලා මේ සේවය දැන් රටට එපා කරවල තියෙන්නේ. කවද මේ වගේ අවංක සේවකයෝන්ගේ නියම සේවය අපේ රටේ දුම්රියට ලබයිද.
Thushara Thursday, 20 July 2017 10:55 AM
එතකොට මේ රට හින්දු රටක් ද..?? මේ දුම් අල්ලන්නේ..?
Atiya Thursday, 20 July 2017 01:27 PM
පාලම දෙවියන්ට භාර කරලා
aravindaFriday, 21 July 2017 09:33 AM
සමහරු සිතනවා ඇයි මේ හින්දු ආගමට අයත් පුජාවක් පවත්වන්නේ කියා. අපි මතක තබාගත යුතු කරුණක් නම්, මීට වසර 100 කට පෙර මේ පාලම් සුද්දන් විසින් ඉදි කරන ලද්දේ එවකට මේ ප්‍රදේශ වල පදිංචිව සිටි ඉන්දියානු කම්කරුවන්ගේ ලේ, දහදිය, මහන්සිය හා ජීවිත කැප කිරීමෙනි. එබැවින්, මේ අවස්ථාවේ හින්දු ආගමික පුජාවක් පැවැත්වීමේ වරදක් මා දකින්නේ නැහැ.
manoj Friday, 21 July 2017 04:44 AM
අපේ රටේ ඉංජිනේරුවන්ගේ හා සාමාන්‍යය සේවකයන්ගේ හැකියාව හා දැනුම හරිම උසස්. නමුත් ඒ ගැන නොසලකා උසස් ව්‍යාපෘති විදෙස් රටවල අයට පවරන අයගේ ඇස් මෙවැනි හැකියාවන් බලා ඇරෙන්න ඕනේ. ඔබ කල වටිනා ක්‍රියාවට අපගේ උත්තමාචාරය