
(ඩයනා උදයංගනී)
සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාවයේ නිරතව සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.
(ඡායාරූප: හිමත් මතීෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති පාර්ලිමේන්තුවට යනකම් ඉඳලද ගේ වට කෙරුවේ? ඔන්න ඔහොම තමයි අනික් වැඩත්. විපක්ෂය කියන්නේ ආණ්ඩුවට ගැලපෙනම කට්ටිය. යන්නේ කොහේද මල්ලේ පොල්...!
ඉතිං එහෙනං බොරුවට පාරවල් ගානේ කෑගහන්නේ නැතුව මෙයාලගේ නායකයා සජිත් ප්‍රේමදාස ආණ්ඩුව ගත්තා නං හරිනේ. අගමැති කම දෙන්න හදද්දී හැංගි හැංගි ඉදලා දැන් මේ දගලනවා. ඒ තියා රංජිත් මද්දුමබණ්ඩාර ගෙනාපු 21 වෙනි සංශෝධනයත් ජනමත විචාරණයකට තුඩු දෙන කාරනා 10 ක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරානේ. ඒ ලැජ්ජාව වහ ගන්න මේ බොරුවට කලබල කරනවා. පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. ඔහොම කරා කියලා ප්‍රශ්න විසදෙනවද?
ඔහොම යමු පෙරහරෙ කස කාරයා තමාහිරුනිකා , ඊට පස්සෙ අනිත් ටික සිදුවෙවි , මතකනෙ ගොබ්බසෙනගේ මිරිහනෙ ගෙදර මුලින්ම අවෙ හිරුනිකා අද ගොබ්බසේ ගෙදරත් නැහැනෙ ? එය ඉන්නෙ බංක්?
මහින්ද රාජපක්ෂ ඇයට දේශපාලනයට ඒන්නට උදවු කරා.
අර අහින්සක මනුස්සයව උස්සගෙන ගියාවගේ ... ඇයි රනිල්වත් උස්සගෙන යන්න බැරි.
නියමයි. රනිල් ගෙදර හිටියත්, නැතත් සංකේතාත්මකව හරි මෙව කරන්න ඔන. මෙකෙ අදහස් දාන සමහර මිනිස්සු ගෑනු වගේ ගෙට වෙල් ඉදගෙන මෙ කරන ටිකත් විවෙචනය කර කර ඉන්නව.
පාලුගෙයි වලන්බිදීමක් ලක්ශ 55 ජනපදනමක් ඇති කාන්තා නියෝජනය ප්‍රදර්ශණය කිරීමක් ලැජ්ජයි.
රනිල් කියන්නේ මහපොලවේ අඩිය ගහගෙන සිටින ජනතාවට සංවේදී නායකයෙක් නෙවෙයි. අද හාල් ටිකක් ගන්න විදිහක් නෑ... කන්න ඕනෙ වේල් ගැන පාර්ලිමේන්තුවේ කියනවා. ජනතාව ප්‍රතික්ෂේප කළේ එමනිසයි.
අර උද්ඝෝෂණ කාරයින්ට වතුර ගහන වාහන මෙතැනට එව්වා නම් හොඳට නාවලා ගෙදර යවන්න තිබුණා..
මේ හැම කෙනෙක්ම කරන්නේ මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල්මයි. රජය විපක්ෂය හෝ දේශපාලනයට සම්බන්ධ සියලුදෙනා එහෙමයි. රට දියුණු කරන්න සාර්ථක වැඩ පිළිවෙලක් ඇතිව අවංකව ඊට කැපවෙන කිසිවෙක් පේන්න නෑ. සාමාන්‍ය ජනතාවත් කරන්නේ එකඑක පක්ෂ බදාගෙන අනෙකාට වෛර කරනවා. සමබරව සිතා සත්‍ය තේරුම් ගෙන විනයක් ඇතිව රට දිනවන්නයි මිනිසුන් පෙළ ගැසිය යුත්තේ...!
නිකන් විපක්ෂයේ ඉන්නවට වඩා අගමැතිකම අරගෙන සැපට ඉන්නවා. රට එහෙමමයි..!
ලැජ්ජාවක් නැහැ. එලොවටත් නෑ, මෙලොවටත් නෑ..
පිස්සු හොඳම එක
අපිත් ළඟ ඉඳන්ම මේ නාඩගම බලා ගෙන හිටියේ. ඔතන හිටියේ කාන්තාවන් 18 ක් විතරයි. රාජිතත් හිටිය මාතර චන්දෙ ඉල්ලලා පැරදුණු මන්ත්‍රී කෙනෙකුත් හිටියා.
රට රකින්නන්ගේ මෙන්න පිළිතුර... එතකොට හිරුණිකාගේ සැමියගේ තාත්තගේ පරම්පරා නාමය සොහොන් කොතටම සීමා වුණාද බැඳපු දවසේ ගහපු අත්සනින්ම..! අනේ පව්..!
බලන්න අපේ තියෙන හැදියාව... අපි කාටවත් හූ කියනවද?