ප්‍රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත ඝාතන සිද්ධීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක විමර්ශන වාර්තා වල ප්‍රගතිය දැක්වෙන උධෘත වාර්තා , වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද (22) නීතිපතිවරයා වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 22 August 2019
අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය. 22 August 2019
සහරාන්ගේ තවත් ගෝලයකු අත්අඩංගුවට රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණූ තොරතුරු මත තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 22 August 2019
බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී ක්‍රියාත්මක කෙරිණි. 22 August 2019
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 22 August 2019
පොලිස් නිලධාරින්ට බැන්න මන්ත්‍රීවරිය රිමාන්ඩ් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද (21) නියෝග කළේය. 21 August 2019
‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘ එක්සත් ජාතික පක්ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය. 21 August 2019
නව යුද හමුදාපති වැඩ බාර ගනී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය. 21 August 2019
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය. 20 August 2019
හිටපු යුද හමුදාපති ජනරාල් නිලයට උසස් කරයි හිටපු යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) සිට ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි. 20 August 2019
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. 20 August 2019
‘සිංහාභිමානය‘ ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරැඹෙයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබාගත් සොබාදහමේ අසිරිය දැක්වෙන සිංහාභිමානය ඡායාරූප ප්‍රදර්ශනය අද ඇරැඹිණි. 19 August 2019
රට පුරා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති රටපුරා රජයේ රෝහල්වල බ්‍රහස්පතින්දා (22) වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 19 August 2019
එජාපයට ජනපති අපේක්ෂකයකු පත් කිරීමට එතරම් හදිස්සියන් නෑ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය කඩිනමින් පිහිටවූවත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු පත්කිරීම සම්බන්ධයෙන් එතරම් හදිස්සියක් නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දී පැවසීය. 19 August 2019
සහරාන්ගේ තවත් සගයින් දෙදෙනෙකු අත්අඩංගුවට රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 19 August 2019
ජපන් සාම නියෝජිත මහින්ද හමුවෙයි පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය. 19 August 2019
නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. 19 August 2019
කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 19 August 2019
ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය. 18 August 2019
‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි. 16 August 2019
මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් දැලේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026