පොදු රැස්වීම් උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම් කොරෝනා අවදානමක් ඇති කරවමින් මහජනයා වැඩි වශයෙන් ඒකරාශිවන පොදු රැස්වීම්, උද්ඝෝෂණ , වැනි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙනතුරු තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය දැනුම් පවසයි. 06 July 2021
බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය. 06 July 2021
15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 July 2021
’’රට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ’’ ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 05 July 2021
සේවක වර්ජනයෙන් රෝහල් රැසක සේවා අඩාලයි සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි. 05 July 2021
බැසිල් වෙනුවෙන් ඉවත්වන මන්ත්‍රීට ලොකු ලංසුවක් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙන දිනය මෙතෙක් නිශ්චිතව තීරණය වී නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 05 July 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශ අලුත් වෙයි පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා හෙට සිට තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 04 July 2021
මැතිසබයට එන බැසිල්ට වගකීම් ගොඩක් ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 04 July 2021
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක් වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . 03 July 2021
‘ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී‘ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. 03 July 2021
පාඩු පිට දුවන රාජ්‍ය ආයතනවල ලොක්කන්ට මිලියන ගණන් වැටුප් රාජ්‍ය සේවයේ සභාපතිවරුණ් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වැටුප අඩු කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතත් තවමත් රජයේ ආයතන 25 ක ප්‍රධානීන් මාසිකව වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 7 සිට 25 දක්වා මුදලක් ලබන බව වාර්තාවෙයි. 03 July 2021
හෙද ඉල්ලීම් 7න් 5කට විසඳුම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අද (02) පස්වරුවේ විසඳුම් ලබා දුන්නේය. 02 July 2021
බස්නාහිර 30ට වැඩි සැමට 31ට පෙර එන්නත් දී අවසන් කරන්න බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ(2) උපදෙස් දුන්නේය. 02 July 2021
අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ. 02 July 2021
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්ට ඇප මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය කරමින් එක් වනජීවි නිලධාරියකුට පහරදුන්බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි එක්වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක යන අය රුපියල් ලක්ෂ 5 ක් වටිනා ශරිර ඇප දෙකක මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු මහස්ත්‍රාත් සමන් වැරණියගොඩ මහතා අද(01) නියෝග කලේය. 01 July 2021
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් අත්අඩංගුවට වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 July 2021
මින්නේරියේ සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් පරීක්ෂණ මණ්ඩලයක් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ වනජීවී නිලධාරින් පිරිසක් අතර හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ කමිටුවක් පත්කර තිබේ. 01 July 2021
වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය. 30 June 2021
මගුල් කෑ 20ක් දින 14 නිරෝධායනයට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 June 2021
60 වැඩි අයට බස්නාහිර රෝහල් 45කදී අද එන්නත් ලබා දෙයි බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට රෝහල් 45කදී කෝවිඩ් මර්දන එන්නත් අද සිට ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 30 June 2021
කොම්පඤ්ඤවීදිය වැඩ බිමකින් ‘‘ඩෙල්ටා‘‘ ආසාදිතයෝ දෙකක් ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 29 June 2021
නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත. 29 June 2021
එතෙරෙන් ආ 100කට කොරෝනා විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය . 28 June 2021
ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවෙනුත් මතුවෙයි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා ලංකාදීපයට පැවැසීය. 28 June 2021
පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්රතිකාරලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇති විය. 28 June 2021
‘‘කාබනික පොහොර භාවිතයට තැබූ පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නෑ‘‘ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගත් පියවර කිසිවිටෙකත් පසුපසට ගන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය හමුවේ අද සඳහන් කළේය. 27 June 2021
කපුවාට අපහාස කළැයි කුරුසියේ තබා ඇණ ගහලා බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත . 27 June 2021
එන්නත්වල පැටිකිරිය එළියට ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33 ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි . 26 June 2021
‘‘සියලු අභියෝග ජයගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා‘‘ කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය. 25 June 2021
නැගෙනහිර ඈත මුහුදේ නැවක ගින්නක් කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ අද (25) පෙරවරුවේ ගිනිගැනීමකට ලක්ව ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. 25 June 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026