IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අමාත්‍යංශ වාහනයකින් ආ පිරිසක් වෛද්‍ය සිසුන්ට පහර දෙති

 

(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ  ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික්  රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව  වැඩි දුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි .

පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ  ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග පවසයි . 

රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

පිටස්තර කණඩායම රැුගෙන ආ සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත .



අදහස් (18)

අමාත්‍යංශ වාහනයකින් ආ පිරිසක් වෛද්‍ය සිසුන්ට පහර දෙති

ravin Wednesday, 02 February 2022 01:02 PM

ප්‍රබලයෙකුගේ ගෝලයෝ? වැඩේ යට ගහනවාමයි. ඉස්සෙල්ලාම ඔය කියන ප්‍රබලයාගේ ගෝලයින් ටික රාගම විකලාංග වාට්ටුවට යන්න සැලැස්සුවානම් හරි පසුබිම් විස්තර හොයාගන්න පුළුවන් වෙයි...

:       1       98

RaveendraWednesday, 02 February 2022 04:19 PM

ඇත්තෙන්ම් නෙලන්න තිබුණේ රූපකාය වෙනස් වෙන්නම...

:       0       51

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 02 February 2022 02:10 PM

කොහෙද දන්නේ නෑ... එක රටක්, එක නීතියක් තියෙන්නේ..? සභාපති උන්නාන්සේට ඇවිත් බලන්න කිව්වා නම් හරි...!

:       95       30

ඉස්සර මතකයWednesday, 02 February 2022 08:56 PM

මේක ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැ‍ටුමක්... එක කණ්ඩායමක සෙට් එකක් තමයි ඔය පිටින් සපෝර්ට් එක ගෙන්නගෙන තියෙන්නේ... කැම්පස්වල වගේම ඔය වගේ ඒවා ඉස්කෝල වලත් වෙනවා... කොයි පක්ෂයේත් ඔහොම තමයි. වෙනද‍‍ාට ජේවීපී සෙට් එක කරන වැඩේ මෙදාපාර වෙන සෙට් එකක් කරලා. කොයි කාලකන්නි ආණ්ඩු කරත් ඔච්චරයි. ඔයාලගේ ආණ්ඩුවේත් ඒ කාලේ රවි කරුණානායකගේ පොලු හමුදාව ගැහුවා මතකද?

:       13       45

fairoos Wednesday, 02 February 2022 02:12 PM

කෝ අපේ හාමුදුරුවෝ..? එක රටක්, එක නීතියක් හදලා ඉවර නැද්ද?

:       88       30

Alfread de CostaWednesday, 02 February 2022 08:39 PM

හදන ගමන් ඉන්නේ. ඔයාලගෙ ගෑණු 4යි, ළමයි 40යි ක්‍රමේ අයින් වෙනවාට හිතට අමාරු ඇතිනේ. ත්‍රිත්ව තලාක් ක්‍රමේට හිතුණු හිතුණු වේලාවට බිරින්දෑවරු දික්කසාද කර ගන්නත් බැරි වෙනවා.

:       13       61

jayath Wednesday, 02 February 2022 02:14 PM

"අරුන් ටික" නම් මහ මෝඩම මෝඩ තකතීරුවෙක්... සරල උදාහරණයක් ගන්නවා නම් අර අල්ලපු රටේ ඉන්න මෝඩ නායකයා වගේ නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඉන්න බෝඩිමකට පනීවිද පහර දෙන්න...? හැබැයි දැන් මේ ඔක්කොම දේශපාලන නරියන්ට ඉන්නේ අපූරු "චණ්ඩි" ටිකක්... දුවන්නේ පණ එපා කියලා. අර බිත්තර කේස් එකෙත් එහෙම නොවැ..! ඒ කරපු දේවල් හරි කියනවා නෙවෙයි... චණ්ඩින්ගෙන් වැඩගන්න හැටි ජේ.ආර්. ගෙන්, ප්‍රේමදාසගෙන් නැතිනම් සැටලයිට්ගෙන් වුණත් ඉගෙන ගන්න පුළුවන්...!

:       22       18

ලුම්බිණි Wednesday, 02 February 2022 02:17 PM

මේකට තමයි කියන්නේ ඉන්න හිතෙන රටක් කියලා....

:       44       28

Pradeep Kumara Wednesday, 02 February 2022 02:22 PM

සතුටුයි සර්.. කිව්වා වගේම හොඳටම කරනවා. බහුතර ජනතාවත් හොඳටම කරන්න බලාගෙන ඉන්නේ ඊළඟ මැතිවරණ වලදී...

:       24       17

සෙනෙවිරත්න Wednesday, 02 February 2022 02:24 PM

අර එතනෝල් චූදිතයා රටින් ගෙනාවේත් මෙයා, කෝ සර්කරපු පරීක්ෂණයට මොකද වුනේ? නායක කකුළුවා ඇදෙ⁣ට යනවා ගෝලයින් හොඳට යයි..!!!

:       44       29

naleen Wednesday, 02 February 2022 02:26 PM

ඕන එකෙක් ගහගන්න බැරි නම් මරාගත්තත් කමක් නැහැ... මහජනයාගේ සල්ලි වලින් අරගෙන දුවන වාහන මේ අය සෙල්ලම් කරන්න ගන්න ලස්සන... රටක් දියුණු වුණොත් තමයි පුදුමේ...

:       13       32

ravin Wednesday, 02 February 2022 02:36 PM

ඕන්න, තවත් ආරංචියක් හම්බවුණා. ඇමතියාගේ, ගෝලයාගේ මුදල් පසුම්බියේ ඇමෙරිකානු ඩොලර් හා බ්‍රිතාන්‍ය පවුම් තිබිලාලු... ඩ්‍රයිවර් ළඟත් විදෙස් මුදල්... රටේ මිනිස්සුන්ට කන්න ගන්නවත් විදෙස් මුදල් නැතිලු...

:       34       24

Bunny Preena Wednesday, 02 February 2022 02:58 PM

සමාජයේ ඉතාමත් ඉහළින්ම ගරු බුහුමන් ලබන ක්ෂේත්‍රයක සිසුනුත් මැරකම් කරන්න පටන් ගත්තා නම් මේක සතුටුවිය හැකි කරුණක් නෙමෙයි. අභ්‍යන්තර ප්‍රශ්න අදාළ අංශ ප්‍රධානීන් හරහා තමයි විසඳන්න ගතයුත් වන්නේ... එහෙම නැතිව දේශපාලන සම්බන්ධකම් නිසා හිස උදුම්මාගෙන මේවගේ පහත් වැඩ කරන එක නෙමෙයි...

:       5       59

චන්දන Wednesday, 02 February 2022 03:11 PM

රජයේ වාහන පාවිච්චි කරපු අයටත් දැඩි දඬුවම් දිය යුතුයි... රැකියාවෙන් ඉවත් කරන්න.

:       0       73

Lalith M Wednesday, 02 February 2022 05:18 PM

රාජ්‍ය දේපල අවභාවිතය. හිරේ දාන්න ඕනෑ...

:       0       32

නුවන් Wednesday, 02 February 2022 04:15 PM

අනාදිමත් කාලයක සිට පැවත එන අපේ සංස්කෘතික අංගයක් වන ඇමති බලයෙන් ශිෂ්‍ය සංගම් බලය ඇල්ලීම... කාලයක් නැවතිලා තිබුණා. දැන් ආයෙත් ඇවිල්ලා. ඊළඟ නිවුස් එක රැග් එකේ මිනිස් බිල්ල... මේවායේ ඉස්සරහින් ඉන්න අය නම් ඉතින් දේශපාලන සබඳකම් හදාගෙන ගොඩයනවා. අනිත් අය කැම්පස් එකේ නාකි වෙනවා...

:       51       5

RanjithT Wednesday, 02 February 2022 05:34 PM

මාධ්‍ය කරන්නෙත් සංදර්ශන. දවසකින් දෙකකින් අමතකයි. ඉනික්බිති සියල්ලෝම සතුටින් ජීවත්වූහ....

:       7       22

Demuni Uduwara Wednesday, 02 February 2022 05:48 PM

දේශපාලකයෝ අවතාර වෙලා දැන්!!!

:       5       43

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 116 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


අද කාලගුණය
2025 මැයි මස 11 27 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (11) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 1667 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩදී බසයක් ප්‍රපාතයකට පෙරලී අට දෙනෙක් මරුට:37ක් රෝහලට
2025 මැයි මස 11 879 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 574 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 604 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 852 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1408 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site