IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බස්-ලොරි අනතුරින් 49 ක් රෝහලේ: දෙදෙනෙක් මරුට

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ නාඋල නාලන්දේදී  අද (21)  දින  උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා  සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස්  තවත් කාන්තාවක් මාතලේ මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මිය ගිය දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

තුවාලකරුවෝ දඹුල්ල, මාතලේ, නාලන්ද රෝහල්වලට ඇතුළත්  කර  ඇති බව පොලීසිය පැවසූහ.
 
දඹුල්ල ප්‍රදේශයේ  සිට සිරිපාදෙ වන්දනාවේ ගමන් කරමින් තිබූ වන්දනා බස් රථයක් මහනුවර සිට මඩකලපුව බලා ධාවනය වූ බස් රථයක් සහ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ. දඹුල්ල  පදිංචිකරුවන් පිරිසක් බස්රථයක සිරිපාදේ වන්දනාවේ ගමන් කරමින් සිට ඇත. නාලන්දෙදී මාර්ගයේ  ඉස්සර කිරීමට නොහැකි ස්ථානයකින් ලොරි රථයකට මෙම බස් රථය ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලිසිය කියයි .
 
 පිටුපසින් පැමිණි ලොරි රථයද එම බස් රථයේම පිටුපස ගැටුණු බව රථය පදවාගෙන ආ රියදුරු පැවසීය. තුවාලකරුවන් බහුතරයක් වන්දනා ගමන් ගිය බස් රථයේ සිටි බව අය බව පොලීසිය කියයි.මියගොස් ඇත්තේද එම බස් රථයෙන්ම ගමන් කරමින් සිටි  දොළොස් හැවිරිදි සිසුවෙකු බව හඳුනාගෙන තිබේ.
 
බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 40 දෙනකු දඹුල්ල මාතලේ නාලන්ද රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන අතර 10 දෙනකු   බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී පැවැති සුළු වර්ෂාපතන නිසා  මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බවද පොලිසිය කියයි.
 
මෙම රිය අනතුර සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (6)

බස්-ලොරි අනතුරින් 49 ක් රෝහලේ: දෙදෙනෙක් මරුට

Raveendra Friday, 21 February 2020 05:06 AM

ලෝකයේ සිටින දක්ෂම මෙන්ම අප රටේ විනීත, ගුණගරුක ,ඉවසීම ඉහලින්ම ප්‍රගුණකළ සියලුම රියදුරු න්‍යායන් හොදින්ම දන්නා වටිනා රියදුරන් ලංකාවේ සිටීම මොනතරම් ආඩම්බරද ? අප විස්වාස කරනවා ගරු අධිකරණය මගින් මෙම විනීත රියදුරන්ට සදාකල් බලපත්‍රය අවලංගුකර කරයි කියා.

:       13       122

sumith Friday, 21 February 2020 05:14 AM

මේ මාරක අනතුරු බොහොමයකට මුල අධික වේගයයි. මේවා වැලක්වීමට දඩ ගැසුවාම, පොලිසියට කීමයි සිදු වන්නේ.

:       24       58

Rohana Friday, 21 February 2020 06:31 AM

අනතුරුවලට මූලික හේතුව රියැදුරන්ගේ මාර්ග විනයක් නැතිකමයි. වාහනයක් අතට ගත්තාම සමහර රියැදුරන්ට කොහෙවත් නැති හදිස්සියකින් වාහන එළවීමේ මානසිකත්වයක් ඇති වෙනවා. මේ අනතුරටත් හේතුව මෙය වියහැකිය. නැතිනම් ඉස්සර කරන්නට බැරි තැනකින් ඉස්සර කලේ මොකටද?

:       0       1

amal Friday, 21 February 2020 08:38 AM

වාහන තදබදය නිසා නියමිත වෙලාවට ගමනාන්තයට යාමට නොහැකි වීම නිසා වමෙන් ඉස්සර කරාට ලබා දෙන දඩය අත්හිටවා ඇත්තේ කියන නුගත් බස් පාලකයන්ගේ අදහස් මතයි.

:       0       1

කපුරු හාමි Friday, 21 February 2020 11:47 AM

හරිම කණගාටුදායකයි. මෙහෙම දේවල් අපිට අහන්ඩ සිද්ධ වෙන්නෙ මොන කරුමෙකටද? ලොකේ කොහෙවත් මේ වගේ අනතුරු නිරතුරුව සිද්ධ වෙන්නෙ නැතුව ඇති. අපේ රටේ රියදුරන්ට තියෙන්නේ පුදුම තදියමක්?

:       0       1

Walter White Friday, 21 February 2020 02:34 PM

හීනමානෙන් පෙලෙන බුද්ධි හීන නූගත් බූරු තකතීරු අධමයන්ට බස් රියදුරු බලපත්‍ර දීමේ ආදීනව තම ඔය පෙනෙන්නේ, ඕකුන් මනුස්සයෙක් බස් එකට නගින්න හදනකොට අද්දනවා, තරුණයෙක් නම් අතදැම්මේ ඕකුන් මළාට නවත්තන්නේ නැහැ, ස්ලෝ කරලා පුළුවන් නම් එල්ලියන් කියනවා, නාකි ගෑනියක් තනියම නම් ඉන්නේ මුන් නවත්ත්වන්නේ නෑ, මුන්ගේ ඉස්සරහට පස්සට ඉඩදෙන්න ඉක්මනට ඉක්මනට මේ භාෂාව මට අප්පිරියයි, මේ රටේ නින්දිත පහත් තත්ත්වය හොඳටම පෙන්නුම් කරන තැනක් තමයි මේ මිනීමරු බස් සේවාව.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site