(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල ශික්ෂණ රෝහලේ  අතුරුදන්ව සිටි නිර්ව්න්ධන විශේඥ වෛද්‍යවරයාගේ සිරුර ලොග්ගල්ලාඔය රක්ෂිතයේ ගල්තලාවක් මත තිබියදී අද (24) උදෑසන සොයාගත් බව මහියංගන පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ශික්ශන රෝහලේ නිර්වින්ධන විශේඥ වෛද්‍යවරයකු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාය. ඔහු 49 හැවිරිදි දෙදෙරු පියකු බවත් පොලිසිය කීය.

මෙම වෛද්‍යවරයා ඊයේ (23) පස්වරුවේ සිට අතුරුදන්වී සිටින බවත් ඔහුගේ මෝටර් රථය බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ තිබී ඊයේ(23) රාත්‍රි මහියංගන පොලිසිය සොයාගත් බව පොලිසිය පැවසීය .

මෝටර් රථය නවතා තිබු ස්ථානයේ සිට මීටර් දෙසීයක පමන දුරකින් ලොග්ගල්ලාඔය රක්ශිතයේ ගල්තලාවක් මත මෙම මළසිරුර තිබී ඇති අතර, ඔහුගෙන් සිරුරෙන් රුධිරය වහනය වී තිබිනැයි පොලිසිය කියයි.

කිසියම් අධිබැලති ඖෂධ වර්ගයක් මොහු පානය කර ඇති බවට වෛද්‍යවරු සැකපළකරති.