
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනකු 2016 වසරේ සිට 2024 වසර දක්වා විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 27කට අාසන්න මුදලක් වැය කර අැතැයි පාර්ලිමේන්තුව පිළිබද විශේෂ විගණන වාර්තාවේ දැක්වේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු 2016 වසරේ සිට 2024 වසර දක්වා කරන ලද විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 21 කට ආසන්න මුදලක් වැය කර තිබූ බව විශේෂ විගණන වාර්තාව පවසයි.
පාර්ලිමේන්තුවේ නිලධාරීන් 115 දෙනෙකු 2016 සිට 2024 වසර දක්වා කාලයේදී යෙදුණු විදේශ සංචාර අසූ තුනක් වෙනුවෙන් රුපියල් පන් කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ සාර්ක් පාර්ලිමේන්තු මන්ත්රීවරැන්ගේ සංගමය යනාදී ජාත්‍යන්තර සංගම් වෙත මෙම විදේශ සංචාර සංවිධාන කරනු ලැබ තිබුණේ පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධාන කාර්යාලය විසිනි.
කෙසේ වෙතත් නිලධාරීන් විදේශීය පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් ලබාගන්නා දැනුම හා අත්දැකීම් සන්නිවේදනය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ නොමැති බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
එසේම පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට වැටුප් වර්ධක ලබාදීමේදී අනෙකුත් රාජ්‍ය නිලධාරින් අභිබවා විශේෂ ප්රතිලාභ ලබාදීමට හේතු විගණනයේදී නිරීක්ෂණය නොවූ බවද එම වාර්තාව සඳහන් කරයි.
පාර්ලිමේන්තුව පිළිබද මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති සමුධිකා ජයරත්න මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණුවී ගිය පද්ධතියේ ඉහඳ පණුවන් ජාතික දේහය ඉතුරුවුන සාරයත් උරා බොමින් සිටියි.