නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.