IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා

"කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කියන දේ අත්‍යවශ්‍යම කාරණයක්" මෙවැනි කලාත්මක සිතක් ඇති කලාවට ප්‍රවිශ්ට වීමට රුචිකත්වයක් දක්වන නව පරපුරේ දක්ෂයෙකු සමඟයි අද දවසේ කතා බහ.

ඩිලාන් මියුරංග කියන්නේ කවුද කියලා අපි මුලින්ම කතා කරමු?

හඳුන්නෙත්තිලාගේ ඩිලාන් මියුරංග කියන්නේ හැම කෙනෙක් එකක්ම සුහඳව කටයුතු කරන සරල මනුස්සයෙක්. මම මේ වෙද්දී කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනවේදී (ගෞරව) උපාධිය හදාරමින් ඉන්නවා. මේ දවස්වල උපාධියේ අවසන් මාස කිහිපය තමයි යන්නේ එනිසා මේ දවස්වල මූලිකත්වය ලබා දෙන්නේ මගේ උපාධියේ කටයුතු සඳහා. ඊට අමතරව මම කලා කටයුතු, නිරූපණ කටයුතු වල නිරත වෙනවා. කලාව තුළ නිරතවීම තුළින් මම ආත්ම තෘප්තියක් ලබනවා. මම කැමති දක්ෂ නිරූපණ ශිල්පියෙක් වෙන්න. මම ඒ සම්බන්ධයෙන් වැඩිදුර හදාරමින් ඉදිරියට යනවා.

කලාවට, නිරූපණයට ප්‍රවිශ්ට වෙන්නේ කොහොමද?

පොඩි කාලේ ඉඳන් තිබුණ හීනයක් තමයි කලාවට හා නිරූපණයට ප්‍රවිශ්ට වීම. මගේ පවුලේ අය කලාවත් සමඟ සම්බන්ධවෙලා කටයුතු කරපු පිරිසක් නෙමෙයි. නමුත් මගේ කලා ගමනට ඒ හැමෝම සහය දක්වනවා. ඒ වගේම කලාවට මූලික අඩිතාලම ලැබෙන්නේ මගේ පාසලෙන්. මගේ පාසල යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලය. පාසලෙන් ලැබුණු පන්නරය නිසාම තමයි මම අද කලාවට සම්බන්ධවෙන්න කැමැත්තෙන් ඉන්නේ. මම පාසලේ කලා කටයුතු වලට නිතරම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. තූර්ය වාදක කණ්ඩායමේ නායකයා වෙලා තියෙනවා. පාසල් වේදිකා නාට්‍යවල ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. පාසලේ දී නර්තනය සම්බන්ධයෙන් යම් හැදෑරීමක් කර තියෙනවා. මේනකා පුරසිංහ ගුරුතුමිය තමයි මුලින්ම මාව යොමු කරන්නේ. ඊට අමතරව ශ්‍යමලි ගුණසිංහ ගුරුතුමිය මට සහය වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව විවිධ ආයතන හරහා වැඩිදුර හැදෑරීමක් කරලා තියෙනවා.

කලාවට ප්‍රවිශ්ට වෙන්න සූදානමින් ඉන්න කෙනෙකු විදිහට ලබාගත් ජයග්‍රහණ සම්බන්ධයෙනුත්  කතා කරමු?

මම පසුගිය වසර වල ජනප්‍රිය නාලිකා වල අවුරුදු කුමරා අවසන් දෙළොස් දෙනාට තේරුණා. මේ වසරේ ජාතික යොවුන් අවුරුදු කුමරා සහ වසත් සිරිය කුමරා යන අංශ දෙකේම ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබූවා. මේ ලබපු ජයග්‍රහණය වගේම රසිකයින්ගෙන් ලැබුණු ජනාදරය මගේ කලා ජීවිතයේ ඉදිරි ගමනට උත්තේජනයක් කිව්වොත් මම නිවැරදි.

කලාවේ දිගු ගමනක් යන්න කලාව සම්බන්ධයෙන් හැදෑරීමක් තිබීම වැදගත් ද?

ඔව්, තමා කරන දෙයෙහි හතර කොණ සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. අඳුරේ අතපත ගෑමකින් දිගු ගමනක් යන්න බැහැ. නිසි හැදෑරීමක් සහිතව ගියාම ඒ ගමන සාර්ථක කරගන්න පුළුවන්.

ඔබේ අනාගත අභිලාෂයන් ගැනත් මතක් කරමු?

කලාවට මම හරිම ආදරෙයි. කලාවේ නිරත වෙන්න මම හරිම ආසයි. මම කැමති දක්ෂ රංගන ශිල්පියෙක්, දක්ෂ නිරූපණ ශිල්පියෙක් වෙන්න. මම ඉදිරියේ දී හොඳ නිර්මාණයක් තුළින් කලාවට ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තු වෙනා. ඒ වගේම ප්‍රේක්ෂකයාට ප්‍රියමනාප කලාකරුවෙකු වගේම නිහතමානී කලාකරුවෙකු වෙන්න තමයි මගේ අපේක්ෂාව.

කලා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩය සහ මේ ගමනේ ඔබට සහය වූ පිරිස් ගැනත් මතක් කරමු?

මමත් නවකයෙකු නිසා නව අදහසක් තවකෙකුට දෙන්න බැහැ. මම කියන්නේ තමා පිළිබඳ විශ්වාසයෙන් කරන දේ හරියට, කැපවීමෙන් කරොත් අවසානයේ සාර්ථක ගමනක් යන්න හැකියාවක් ලැබෙනවා කියලා මම හිතනවා. මුලින්ම මම මාව විශ්වාස කරගෙන මේ ගමන යනවා. ඒ නිසා මුලින්ම මම මට ස්තූතිවන්ත වෙනවා. ඊට අමතරව මගේ පවුලේ සියල්ලටම, පාසලේ සියලුම ගුරුවරු විශේෂයෙන්ම සෞන්දර්යය ගුරුවරු, විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු වගේම මුල ඉඳන්ම මගේ ලඟටම වෙලා මාව දිරිමත් කළ මාව අඟය කළ මගේ යාහළුවන්ට, මට වචනෙකින් හරි උදව් කළ හැමෝටමත් පිරිස මට වටිනවා. ඒ හැම කෙනෙකුටම මගේ ස්තූතිය පුද කරනවා.

අදහස් දැක්වීම : ඩිලාන් මියුරංග

සටහන :  මනීෂා වීරසිංහ



අදහස් (0)

රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27478 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18177 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 639 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 849 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site