IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


සීගිරි බිතු සිතුවම් විනාශ කළ මහා සංස්කෘතික ඛේදවාචකය (1967-ඔක්. 14 දා)

 

සීගිරි බෙයඳේ වසර එක්දහස් පන්සීයකට වඩා කාලයක් යෙහෙන් ජීවත් වූ සුරූපී ළඳුන් 1967 ඔක්තෝබර් මස 14 වැනිදා මූසල රාත්‍රියේ ඝාතනයට උසිගැන්වූවේ කවුරුන්දැයි ඒ ජාතික අපරාධය කළෝ කවරහුදැයි තවමත් අබිරහසකි. ඒ නිසා ඒ රුදුරු ජාතික විනාශය නොදනිමු. ‘කාගෙ දොසා’ යනුවෙන් සටහන් කර තබමු. සීගිරි බිතු සිතුවම් විනාශය සැබැවින්ම පසුගිය පණස් හය වසර තුළ පමණක් නොව විසිවැනි සියවසේ මේ සොඳුරු ලංකාද්වීපයේ සිදුකළ මහා සංස්කෘතික ඛේදවාචකය ලෙසින් සටහන් වී ඉතිහාසයට එක්වී හමාරය.


ඒ කාලයේ මෙම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූයේ විද්වතෙකු වූ ද ලේඛකයෙකු වූ ද අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාය. ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ ද කෘතහස්ත පරිපාලන නිලධාරියෙකු වූ ද ජාතික උරුමය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් හා ඒ පිළිබඳ දැඩි ආදරයක් ද දැක් වූ එම්.ජේ. පෙරේරා මහතාය. ඔහු මේ සිදුවීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වී විෂය භාර අමාත්‍යවරයා සමග සීගිරියේ ඛේදවාචකය සිදුවූ ස්ථානයට ගියේය.
(තුන්කල් දුටු පරණවිතාන – සිරි සමන් විජේතුංග පි. 187 – 189) සරසවි ප්‍රකාශක​යෝ 2015)


බිතුසිතුවම් සංරක්ෂණය කිරීම පිණිස ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා  සති දෙකක්ම ඒ සඳහා ඇපකැප වී කටයුතු කළේය. මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ එකල පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද  සිල්වා මහතා ද මෙම සංරක්ෂණ කටයුතු සඳහා දායක වූයේය. මේ සඳහා ඇමරකා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ දී සහාය ලැබී ඇත. (හෙළ කලා විස්කම් - සිරි සමන් විජේතුංග පි. 166-2010 ස්ටෑම්ෆර්ඩ් ලේක් ප්‍රකාශනයකි.)
සීගිරි බිතු සිතුවම්වලට කළ මහා විනාශය පිළිබඳ එකල ලංකාවේ තිබුණු එකම ගුවන්විදුලි නාලිකාව වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා වූ ද ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා ඒ සිදුවීම වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී මෙම සංරක්ෂණ කටයුතු කරමින් සිටි ලුසියානෝ මරාන්සි මහතා සමග සාකච්ඡා කරන විට ඔහු පාලිත පෙරේරා  මහතාගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසූ බව පාලිත පෙරේරා මහතා මා සමග පැවසුවේය.
‘මෙතරම් දියුණු මෙතරම් සංවේදී මිනිසුන් සිටි ශිෂ්ටාචාරයකින් පැවත එන ඔබේ රටේ මිනිසුන් ඇයි මේ වගේ ජාතික අපරාධයක් කළේ?’ යනුවෙනි.
ජාතියක් වශයෙන් ලැජ්ජාවිය යුතු විනාශයන් සිදුකළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එහෙත් මෙවන් වූ ලොව පුරා ප්‍රකට සීගිරි බිතුසිතුවම් විනාශ කිරීම මහපො​ෙළාව නුහුලන ඛේදවාචකයක් නොවන්නේ ද?


මේ බිතුසිතුවම් විනාශ කරන කාලයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සමග ඉතා සමීපව කටයුතු කළ ප්‍රවීණ පුරාවිද්‍යාඥයකු මෙන්ම භාෂා විශාරදයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාය. එම ශෝචනීය සිදුවීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වී ඇත්තේ මෙසේය.


‘කලබල වූ ඔවර්සියර් කෙනෙක් විසින් දෙන ලද හරියට තේරුම් ගත නොහැකි වූ ටෙලිපෝන් පණිවිඩයක් අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ චිත්‍ර මත පසුගිය රාත්‍රී කාලයේ කොළපාට තීන්තක් කව්දෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස්කිරීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස 1967 ඔක්තෝබර් 15 වැනිදා උදයේ එවකට සිටි පුරාවිද්‍යා  කොමසාරිස්වරයා විසින්  (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර) මහතා මට (ආචාර්ය රාජා ද සිල්වා මහතා) දන්වා සිටින ලදී.
ලියන තීන්ත අස් කිරීම සඳහා විශාල ප්‍රමාණයක් රසායන ද්‍රව්‍ය ද රැගෙන මගේ (ආචාර්ය රාජා ද සිල්වා) කණ්ඩායම ද කැටුව එදා සවස සීගිරියට ළඟා වූයෙමි. ඒ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබුණි. එහි ගිය අපට දැනගන්නට ලැබුණේ  එහි තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් - දොරවල්වලට ගෑමට ගන්නා කොළපාට තීන්ත වර්ගයකි. පෙරදින පරීක්ෂණවලට අමතරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙකු යොදා තිබුණත් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුලුලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොරටුව යතුරකින් අරින ලද බවකි. (1967 – 1968 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එච්. ද සිල්වා (ආචාර්ය රාජා ද සිල්වා) ගේ පාලන වාර්තාව පි. 23)


මහචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා හැඬූ දවස


සීගිරියේ බිතුසිතුවම් විනාශ කළ දිනයේදී ඒ ඇසූ සීගිරි කුරුටු ගී ලොවට දායාද කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෑසට කඳුළු නැඟුණු බව ප්‍රකටය.
එකල අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සීගිරියේ විනාශ කළ බිතු සිතුවම් සංරක්ෂණය කිරීම පිණිස ලැබිය හැකි සුදුසුම විශේෂඥයාගේ සහාය ලබා දෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවිඩයක ප්‍රතිඵලයක් වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්කෘතික වස්තු හැදෑරීමේ සහ සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්ථානය විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිණිස ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා තෝරාගෙන මෙරටට එවන ලදී. ලුසියානෝ මරාන්සි මහතා ඒ සඳහා ඉමහත් මෙහෙයක් කළේය. ඒ අනුව 1967 ඔක්. 22 දා ලුසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණ සීගිරියේ විනාශය දැක මේ රටේ තහවුරු කිරීමේ කණ්ඩායම සමග සාකච්ඡා කළේය. පසුදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතා ගෙනෙන ලද ද්‍රව්‍යයන් යොදා අපි විසින් (ආචාර්ය රාජා ද සිල්වා) යොදාගෙන තිබුණාට වාඩා ඉක්මන් වැඩපිළිවෙළක් තෝරාගැනීමට සමත් විය. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. 25 පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රාජා ද සිල්වා)
විනාශ කළ සීගිරි බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතුවල මුල් අදියර නිම කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 වර්ෂයේ නෙවැම්බර් මස 4 දා ආපසු සිය රට ගියේය. ඉන්පසු ඉතිරි සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තහවුරු කිරීමේ කණ්ඩායම ආචාර්ය රාජා ද සිල්වා පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණි. 1968 වර්ෂයේදී මාර්තු මස නැවතත් සීගිරි බිතුසිතුවම්වල සංරක්ෂණ කටයුතු සොයා බැලීමට ඔහු ලංකාවට පැමිණියේය.


සීගිරි බිතු සිතුවම් විනාශ වන කාලයේ දී පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා 1967 දෙසැම්බර් මස 5 දා රජයේ සේවයෙන් විශ්‍රාම ලැබුවේය. එවක සහකාර කොමසාරිස් රසඥ ආචාර්ය රාජා ද සිල්වා (ආර්.එස්. ද සිල්වා) මහතා 1967 දෙස් 11 දා සිට වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පත්විය. (1967 – 68 පුරාවිද්‍යා පාලන වාර්තාව පි. 4)

 

 

■ සිරි සමන් විජේතුංග 
පුරාවිද්‍යා හිටපු සහකාර අධ්‍යක්ෂ, ලේකම් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම

 



අදහස් (0)

සීගිරි බිතු සිතුවම් විනාශ කළ මහා සංස්කෘතික ඛේදවාචකය (1967-ඔක්. 14 දා)

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3940 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 55 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1500 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 478 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site