මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්ථාවේ තත්කාලයට අනුව ග්‍රහ ගෝචරයට සමාන ග්‍රහ ගෝචරයක් 1993 අප්‍රේල් මස 13 වැනිදා රවි මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වූ අවස්ථාවේ යෙදී තිබිණ.
1993 අප්‍රේල් මස 23 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුලත් මුදලි මහතා කිරුළපන මහජන ක්‍රීඩාංගණයේ රැස්වීමක් පැවැති අවස්ථාවේ දී සාහසික වෙඩි පහරට ලක්වී මරණයට පත්විය. මෙම මරණයෙන් දින කිහිපයක් යාමට මත්තෙන් 1993 මැයි 01 වැනිදා මැයි දින පෙළපාළියේ දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය.
1993 වසරේ රවි මේෂයට සංක්‍රමණය වීමේ දී අඟහරු හෙවත් කුජ මිථුන රාශිගතව බ්‍රහස්පතිට අයත් නැකතත්, බුධ මීන රාශියෙහි සෙනසුරුට අයත් නැකතක් ගුරු කන්‍යා රාශිගතව සඳුගේ නැකතක් සිකුරු මීන රාශිගතව සෙනසුරුට අයත් තැනකත්, සෙනසුරු කුම්භ රාශිගත බුධව අයත් නැකතක් ගෝචර ගමනින් ගමන් කර ඇත.
මෙම වසරේ දී අඟහරු කුම්භ රාශිගතව ගුරුට අයත් නැකතකත්, බුධ මීන රාශිගතව බුධටම අයත් නැකතෙත්, බ්‍රහස්පති මේෂ රාශිගතව සිකුරුට අයත් නැකතක් සිකුරු, මීන රාශිගතව සෙනසුරුට අයත් නැකතකත්, සෙනසුරු කුම්භ රාශිගතව රාහුට අයත් නැකතකත්, රාහු මීන රාශිගතව බුධට අයත් නැකතකත් ගෝචරයෙන් පැමිණෙයි.
1993 වසරේදීත් 2024 වසරේදීත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී යෙදී ඇති ග්‍රහ ගෝචරය බොහෝ ලෙස සමානතාවයක් පෙන්වයි. තව ද මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් 1993වසරේ දී සම්ප්‍රදායෙන් තොරව රවි මාරුවෙන් පැය 6 යි විනාඩි 24 ට පසුව සඳුදා උදෑසනට ගත් ලෙසට මෙවර පසුදා උදෑසනට අවුරුදු චාරිත්‍ර නැකැත් යොදා ගතහොත් 1993 වසරේ සිදු වූ තත්ත්වයටත් වඩා අති බිහිසුණු සිදුවීම් මාලාවක් මෙරට සිදුවනු ඇත.
මෙවර රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉතාමත් සුබ ඵල අත්වන ලෙසට ගැළපෙන නැකැත් රාත්‍රියට යොදා සකස් කර ඇති අතර රවි මේෂ රාශියට පිවිසීමෙන් යෙදෙන්නා වූ ඉතා බිහිසුණු සිදුවීම්වලින් යම් තාක් දුරට හෝ අවම වීමක් සිංහල අවුරුදු නැකතින් සිදුවනු ඇත.
මෙවර සූර්ය සංක්‍රාන්තිය හේතුවෙන් මෙරට ඉදිරි සූර්ය මංගල්‍යයට පෙර දේශපාලකයන් ජනාදරයට පත් උසස් රාජ්‍ය නායකයන්ට මාරක ඇතිවීමත්, දේශපාලන වශයෙන් ඡන්දවලින් පවතින රජයට අශුභ ඵල ඇතිවීමත්, මැතිවරණ ආශ්‍රීතව කඩාකප්පල්කාරී සිදුවීම් ද, පහරදීම් ද, පිපිරීම් ආදිය ද වැඩි වශයෙන් ඇතිවීමත් මහජන හිරිහැර වැඩිවීමත් සිදුවනු ඇත.
රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙතීර්වේ දී
රේණුක වික්‍රමසිංහ
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
randil dunuwille Tuesday, 02 April 2024 02:32 PM
ඔය සේරම බොරු මනස්ගාත.