IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝප් කමිටුවෙන් දුෂිතයන්ට නඩු, කමිටුවට වෙනම නීති නිලධාරියෙක්

සුජිත් හේවාජුලිගේ

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස  ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ  සිදු වී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ පිළිබඳ සියලු‍ වාර්තා නීතිපතිවරයාට අද හෙටම යොමු කිරීමට පියවර ගන්නා බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

මේ අතර දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලු‍ම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ සමරවීර මහතා එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද ප්‍රකාශ කළේය.

කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු‍ ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. මේ අතර දූෂණ, වංචා සහ අක්‍රමිකතා විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රධානීන් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බවද නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.

තවද දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවන රාජ්‍ය ආයතනවලට හිටිහැටියේ කඩා පැන ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමටද කෝප් කමිටුව තීරණය කර ඇත. කෝප් කමිටු සාමාජිකයෝ පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් එවැනි නිරීක්ෂණයක් කළහ.

 

 



අදහස් (0)

කෝප් කමිටුවෙන් දුෂිතයන්ට නඩු, කමිටුවට වෙනම නීති නිලධාරියෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site