විගණන වාර්තාව කියයි
සුජිත් හේවාජුලිගේ
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භාවිත කිරීම හේතුවෙන් එහි අක්ෂර මැකී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
දිගින් සෙන්ටි මීටර් 160ක් හා පළලින් සෙන්ටිමීටර් 61 වෙන මෙම පුවරු ලිපිය 2014 ජුනි මස 20 දිනැති අංක 1868 දරන ගැසට් පත්‍රය මගින් ඉපැරණි ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
මුරුංකන් රෝහල පිහිටා ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.
මේ අතර වවුනියාව, අග්බෝපුර, මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ගැනීමෙන් තොරව වන වගා කටයුතු කිරීම හේතුවෙන් එහි පුරා සාධකවලට හානි සිදුව ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම සුසාන භූමිය 2022 ජූලි මස 28 වැනි දිනැති අංක 2290/33 දරන ගැසට් පත්‍රය මගින් පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දකි.
මේ අතර ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති තෝනිගල පුරාවිද්‍යාත්මක ස්ථානය විස්තීර්ණ ගවේෂණයකින් මැනුම් කටයුතු කර පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර නොතිබූ බව පවසන විගණන වාර්තාව මෙම ස්ථානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය ඉදිකිරීම් සඳහා වූ 2022 ස්ථානීය සංවර්ධන සැලැස්ම පවා ක්‍රියාත්මක කර නොතිබූ බවද සඳහන් කළේය. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්නාරම පෞරාණික ගල් පුවරුවේ අකුරු මැකිලා