IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි.එම්.එෆ්. එකඟතාව අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක්

ලුසිත ජයමාන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ, සිව් වසරක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේය.

ඒ අනුව, මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

එම එක්සත් ජනපද ඩොලර් මිලියන 344 ක් සමඟ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද පැවැසෙයි.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ  කොළඹදී සහ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී යැයි අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කළ එවාන් පැපයෝරියෝ මහතා පැහැදිලි කර ඇත.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48 ක දීර්ඝ කළ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය සඳහා එකඟතාවක් ඇති කර ගත්තා.” යැයි පැපයෝරියෝ මහතා අවධාරණය කර ඇත.

“සමස්තයක් ලෙස වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. අපේක්ෂා කළ පරිදි රාජ්‍ය ආදායම් බලමුළු ගැන්වීම, විදේශ සංචිත රුස්කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට යන බව පැහැදිලියි. ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු ද මේ වන විට ආසන්න වශයෙන් අවසන් අදියරේ පවතිනවා. වැදගත්ම කරැණ වන්නේ ශ්‍රී ලංකා රජය වැඩසටහනේ අරමුණු සඳහා අඛණ්ඩව කැපවී සිටීමයි. ” යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත්, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතතාව ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු අවදානම් තත්වයක් මතු කරන බවත්. ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම බලපෑම තක්සේරැ කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ රාමුව තුළ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර සකස් කරනු ඇති බවත් තමන්ගේ විශ්වාසය යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

 

 

 



අදහස් (0)

අයි.එම්.එෆ්. එකඟතාව අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site