IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ශ්‍රී ලංකාව රනින් බැබළවූ තරුව තරුෂි

 

 

දකුණු කොරියාවේ යොචියොන් (Yecheon) නුවර දී බදාදා (7) නිමාවට පත්වූ 20 වැනි ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් බැගිනුත්  හා එක් රිදී පදක්කමක් දිනා එහි හත්වැනි ස්ථානය අත්කර ගත් සංචාරක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම බ්‍රහස්පතින්දා (8) රාත්‍රියේ දී පෙරළා දිවයිනට ළඟාවිය.


ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සඳහන් කළේ දුෂ්කරතා රැසක් මැද මෙම තරග සංචාරය සංවිධානය කිරීම සිදු වූ බවයි. ඒ අතර අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය  නිර්දේශ කළ සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායමේ පරිවාස නිලධාරිනි එහි අනුදැනුමකින් තොරව වෙනස් කළ බවට ද චෝදනාවක් එල්ල විය.


ඊට පිළිතුරු දෙමින් බදාදා (7) පැවැති මාධ්‍ය හමුවක දී අර්ජුන රණතුංග මහතා පැවසුවේ නිලධාරීන්ට ජනතා මුදල් නාස්ති කරමින් නිකරුණේ පිටරට තරග සංචාරවලට සහභාගිවීමට තමන් ඉඩ නොතබන බවත් එහෙත් මලල ක්‍රීඩා ආයතනයේ චෝදනාවට තමාගේ සම්බන්ධයෙක් නොමැති බවත්ය.
මෙම තරග සංචාරයේ දී වඩාත්ම අවධානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූ තරුෂි දිල්සාරා කරුණාරත්න දිසානායක මීටර  400x4 මිශ්‍ර හා මීටර 800 (කාන්තා) යන ඉසව්හි රන් පදක්කම් දෙකක් දිනා ගැනීම හැරෙන්නට මීටර 400 (කාන්තා) ඉසව්වෙන්  රිදී පදක්කම් ලැබුවාය.


එහිදී ත්‍රිත්ව පදක්කම්ලාභිණියක් බවට පත්වූ ඇය තරාගවලියේ  වඩාත්ම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවටද ‘‘යොමියෝන්’ නුවර දී පත් වූවාය.
වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහලේ උසස් පෙළ වානිජ විෂයක් හදාරන 18 හැවිරිදි  තරුෂි කරුණාරත්න යොමියොන් නුවරට ළඟාවන විටත් වයස 20න් පහළ මීටර 800 (කාන්තා) ඉසව්වේ ආසියාවේ අංක එෙක් ක්‍රීඩිකාව බවට පත්ව සිටියාය.


එය සනාථ කරන විශිෂ්ටතම දස්කම් දකුණු කොරියාවේදී පළකර සිටීමට සමත් වූ තරුෂි මෙම වසරට ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටින ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (පට්සා- තායිලන්තය), ආසියානු ක්‍රීඩා උළෙල ((හැන්ජෝ- චිනය), හා ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (බුධාෆෙස්ට්- හංගේරියාව) යන ප්‍රධානතම අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි දෙකක් සඳහා සුදුසුකම් කඩ ඉමට ළඟාවී සිටියි.
‘යෙමියොන්’ නුවර සිට පෙරළා දිවයිනට ළඟා වූ තරුෂිගේ ආසන්නතම  අපේක්ෂාව තවත් ජාත්‍යන්තර පදක්කමක් දිනා ගැනීම නොවේ. ඒ එළඹෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්විද්‍යාල ප්‍රවේශය ළඟා කර ගැනීමය.


20 වැනි ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය. ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර තරුෂි ඉන් කැපී පෙණුනුම අයයි.
මෙම තරග සංචාරය සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස නිර්දේශ ලබා පසුව කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්වීම් ලත් සුසන්ත ප්‍රනාන්දු මහතා තරුෂිගේ පෞද්ගලික පුහුණුකරුවායි. වලල ඒ රත්නායක විදුහල මලල ක්‍රීඩා කාන්තා ඉසව්වලින් දක්වන සුවිශේෂි දක්ෂතා පිටුපස සිටින සුසන්ත වලල ඒ රත්නායක විදුහලේ  නිත්‍ය මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස දැන් කටයුතු කිරීම අරඹා වසර 20කට ආසන්නය.


 එකී කාලය තුළදී ජාතික මලල ක්‍රීඩා (කාන්තා) ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ශූරතා වලලෙන් ගිය අවස්ථා ඉතා අල්පය.  මහනුවර  වලල ඒ රත්නායක මැදි විදුහලේ ඉගෙනුම ලබා මෙහි කතානායිකාව තරුෂි කරුණාරත්න ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සඳහන් කරන්නේ උසස් පෙළ විභාගයට මුහුණ  දීමෙන් පසු ඇගේ ඉදිරි නේවාසික පුහුණුවීම් සැලැස්ම ක්‍රියාවට නගන බවයි.


තරුෂිගේ පියා ත්‍රිරෝද රථ රියදුරෙකු බව පැවසේ. තරුෂිගේ පවුලට එතරම් විශාල ආදායම් ගලා නොආවත් ඇගේ පුහුණු කටයුතු කිසියම් ස්ථාවර මට්ටමකින් පවත්වා ගෙන යාමට  මේ වනවිට මලල ක්‍රීඩා ආයතනය මැදිහත්වී සිටියි.

 

රන් පදක්කම දිනා ගත් මීටර 4x400 (මිශ්‍ර) ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා සමඟ.


ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය පෙර ආසියානු කනිෂ්ට තරගාවලිය ලෙස හැඳින්වීය. 1986 දී ආරම්භ වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති මුළු පදක්කම් ගණන  35කි. ඒ රන් පදක්කම් නවයක් රිදී පදක්කම් 15ක් හා  ලෝකඩ පදක්කම් 11ක් පරිදිය.
අවසන් වරට 2018 ජපානයේ ‘ෆිෆු’ නුවර දී පැවැති 19වැනි තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගෙන ඇත.  
මෙම තත්ත්වය තුළ තරගාවලියේ ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වුවත් පදක්කම් තුනක් දිනා ගැනීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව පැය දෙකක් තරම් කෙටි කාලයක් තුළදී රන් පදක්ක්ම් දෙකක් දිනා ගැනීමට සමත්වීමෙන් ඇගේ ශාරීරික යෝග්‍යතාව  මැනවින් ප්‍රදර්ශනය කළාය.
‘‘අනාගතයේ ශ්‍රී ලංකාවට සුසන්තිකා මෙන් ඔලිම්පික් පදක්කම් දිනා දීම මාගේ අනාගත පුහුණුවීම්වල අරමුණයි. ඒ සඳහා යන ගමනට මාගේ කොරියානු ජයග්‍රහණ විශාල අත්වැළක් වනු ඇත.’’ඇය ‘යොමියොන්’ නුවරදී පැවසුවාය.


මෙම තරග සංචාරය සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් සොයා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෞද්ලිකවම වෙහෙස දැරීමට සිදුවූ බව වාර්තා විය. කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඉදිරියේ දී එම ගෙවීම් පියවන බවයි.

 


ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජාත්‍යන්තර කෙළිබිමේ වඩාත්ම කතාබහට ලක්වුණේ අන්තර් ජාතික තරග තහනම් පැනවීම මෙන්ම ක්‍රීකට් ක්‍රීඩිකාවන් පිටරට තරගවලට ගොස් අතුරුදන්වීම කතා පුවත් සම්බන්ධයෙනි. එහෙත් තරුෂි කරුණාරත්න ඇතුළු යොමියොන් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ මෙම ළබාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කීර්තියට ලබාදුන් දායකත්වය බාල නොවන විශ්ෂ්ටත්වයෙන් යුක්තය. තරගාවලියට සත්කාරය ලබාදුන් කොරියාවට පවා එහි දී රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකිවීමෙන් එය පැහැදිලි වේ. ජපානය (14), චීනය (11), ඉන්දියාව (06), ශ්‍රී ලංකාව (02), තායිලන්තය හා කුවෙයිට් (01බැගින්) පරිදි රන් පදක්කම් දිනා මෙම තරගාවලියේ දී පිළිවෙලින් නව වැනි ස්ථානය දක්වා පත්විය.


මෙම රටවල් හැරෙන්නට වෙනත් කිසිදු රටක් රන් පදක්ම් දිනා ගැනීමට අපොහොසත් වූ අතර කිසියම් හෝ පදක්කමක් දිනා ගත් රටවල් එකතුව 16කි. ඒ තරගාවලියට සහභාගි වූ රටවල් 44ක් අතරිනි.

 

■ නාමල් පතිරගේ

 

 



අදහස් (0)

ශ්‍රී ලංකාව රනින් බැබළවූ තරුව තරුෂි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4090 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 63 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1521 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 493 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 175 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2051 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1802 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site