IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


ගෙදර ඉඳන්ම ෂොපින් කරන්න හොලෝග්‍රෑම් AR අතහිත

 

මේ සියල්ල අභිභවා යමින්,‘කෝච්’ සහ ‘ටොමී හිල්ෆිගර්’ විලාසිතා ‘ඔග්මෙන්ටින් රියැලටි’ (වර්ධක යථාර්ථය) හෙවත් ARවෙත යොමු වී ඇත. මෙය ද ඉහත කී ආකාරයේ වර්චුවල් රියැලිටි ක්‍රමයට විලාසිතා ෆිට්-ඕන් කිරීමේ ක්‍රමයකි. මෙහිදී අදාළ ඇප් ඔබේ ජංගම දුරකතනයේ තිබේ නම්, ඔබ කිසියම් ඇදුමක් තෝරා ගැනීමෙන් පසු ජංගම දුරකතනයට ඔබේ ඡායාරූපයක් හෝ වීඩියෝ දසුන් ඇතුළු කර, එම ඡායාරූප සහ වීඩියෝ දසුන් විවිධාකාරයට හැඩ ගැන්වීම් කළ හැකිය.

ගෙදර‘ෂොපින්’යන්න කවුරුද අකමැති? අකමැති පාර්ශ්වයක් ද සිටී. ඒ බිරින්දෑවරුන් සමඟ පැය ගණනක් ෂොපින් යෑමට සිදුවෙන ස්වාමි පුරුෂයන්ය. නැතිනම් දියණියන් සමඟ ෂොපින් යන තාත්තලාය. ‘ෂොපින් යෑම’ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සිදුවෙයි. තමන් අතේ ඇති මුදලට, තමන්ගේ ඇඟට ගැළපෙන ඇඳුමක් සොයාගැනීම බොහෝ දෙනාට අභියෝගයකි. 


පැය ගණනක් රෙදිපිළි සාප්පුවල රස්තියාදු වෙමින් තමන්ට ගැළපෙන ඇඳුමක් සොයා ගැනීමට නොහැකි වෙන අවස්ථා එමටය. නැතිනම්, ෆිට්-ඕන් කර බලා නිවසට ගෙන යන ඇඳුම හොඳ නැතැයි හිත කියන අවස්ථා ද එමටය. සුදු ඇඳුම් හෝ යට ඇඳුම් හැර සෙසු ඇඳුම් දින කීපයක් ඇතුළත මාරු කර දීමට රෙදිපිළි සාප්පු කටයුතු කරන්නේ ද මේ නිසාය. විදේශවල, විශේෂයෙන් බටහිර රටවල වැසියෝ ද අප මෙන්ම ෂොපින් කරන්න එසේත් නැතිනම් සාප්පු සවාරි යෑම ප්‍රිය කරති. අද කවුරු කවුරු ළඟත් ස්මාට් ෆෝන් තියෙන යුගයක; කවුරු කවුරුත් සමාජ මාධ්‍යවල ඇලී ගැලී සිටින යුගයක රස්තියාදු නොවී, තමන්ට ගැළපෙන ඇඳුම් පැලඳුම් ඉක්මනින් නිවැරදිව තෝරා ගැනීමට නව තාක්ෂණය පිහිටට පැමිණ අවසන්ය.

 


හොලොග්‍රෑම් රූප භාවිතයට ආවේ අද ඊයේක නොවෙයි. අද අපේ රටේ ඇතැම් නාලිකා ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී ද මැදිරිය තුළ හොලොග්‍රෑම් තාක්ෂණය භාවිතයට ගනී. ඒ, විචිත්‍ර මෙන්ම ආකර්ෂණීය පුවත් ඉදිරිපත් කිරීමක් සඳහාය. හොලොග්‍රෑම් තාක්ෂණයෙන් බඩු භාණ්ඩ මිනිස් රූප නිර්මාණය සිදුවෙයි. ඒ පරිගණක සහ කැමරා පද්ධති, ප්‍රක්ෂේපන යන්ත්‍ර ආදිය භාවිතයෙනි. ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවලත්, ජපානයේත් ප්‍රකට රෙදිපිළි සාප්පුවල ඩමි වෙනුවට ඇත්තේ හොලොග්‍රෑම් රූපය. ඇඳුම් පැලඳුම් පහසුවෙන් සොයා ගැනීමට RFID තාක්ෂණය භාවිතයට ගනී.  පැහැදිලි කළොත් සිදුවෙන්නේ මෙයයි. අතිශය ජනප්‍රිය සන්නාම වලින් පිරුණු විවිධ රෙදිපිළි සමාගම්, විශේෂිත යෙදවුම් APP නිර්මාණය කර ඇත. ඒවා සමාජ මාධ්‍ය හරහා ද ජංගම දුරකතනයට බාගත කිරීමට ඉඩ සලස්වා දී ඇත. 

 


ඔබ යෑමට කැමැති රෙදිපිළි වෙළෙඳසැල සමඟ සම්බන්ධ වීමෙන් පසු යෙදවුම් හරහා පහසුවෙන් ඇඳුම් සොයාගත හැකිය. RFID තාක්ෂණය ඊට උපකාරිවෙයි. ස්ත්‍රී
පුරුෂ භාවය, සිරුරේ ප්‍රමාණයන්,ඉණෙහි ප්‍රමාණය, උරහිසේ ප්‍රමාණය ආදිය සම්බන්ධ විස්තර ලබා දුන් විට හොලොග්‍රෑම් රුවක් ජංගම දුරකතනයේ මැවෙයි. ඔබ තෝරාගන්නා ඇඳුම් පැලඳුම් මෙම හොලොග්‍රෑම් ඩමියට අන්දවා හැඩ බලා එය ඔබට සුදුසුදැයි සෙවීම කළ හැකිය. මිලදී ගැනීම සිදුවෙන්නේ ඉන් පසුවය. නිවසේ සිට ඇඳුම් තෝරන්නේ නැතිව ඔබ රෙදිපිළි වෙළෙඳ සැලට යන්නේ නම්,එතුළද ඩිජිටල් තිර සවිකර ඇති අතර හොලොග්‍රෑම් රූප වලට ඇඳුම් අන්දවමින් කැමැති ඇඳුම තෝරාගැනීම කළ හැකිය. ෆිට්-ඕන් කිරීමට ෆිට්-ඕන් කාමර හිස්වෙන තුරු පෝලිමේ බලා සිටීම කළයුතු වෙන්නේ නැත. බටහිර රටවල නව තාක්ෂණය උපරිමයෙන් භාවිතයට ගන්නා තරුණ තරුණියන් ෂොපින් කරන්නේ මේ අයුරිනි.


පසුගිය කොවිඩ් 19 වසංගත සමයේ අන්තර් ජාලය භාවිතයට ගනිමින් තමන් සිටිනා තැනට බඩු බාහිරාදිය ගෙන්වා ගැනීමට හැමෝටම සිදුවිය. RFID තාක්ෂණය සහ හොලොග්‍රෑම් තාක්ෂණය භාවිතයට ගනිමින් ඔන්ලයින් ක්‍රමයට රෙදිපිළි ‍අලෙවි කළ සමාගම් අතර යුන්ක්ලෝ, සාරා සහ එව් ඇන් ජී එම් නමැති බටහිර සමාගම් ඉදිරියෙන් සිටී. වර්චුවල් රියැලිටි එසේත් නැතිනම් අතථ්‍ය යථාර්ථය භාවිතයට ගනිමින් සිරුරට ගැළපෙන ඇඳුම් පැලඳුම් තේරා ගැනීම පමණක් නොව; එසැණින් සමාජ මාධ්‍ය හරහා යහළු යෙහෙළියන් හා සම්බන්ධ වී, ඔවුන්ගේ අදහස් විමසා, ඔවුන්ගේ රුචිකත්වයට අනුව, ඔබට ඔබේ ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමටද මඟ සකස් විය. 

 


නව තාක්ෂණය මෙසේ භාවිතයට ගනිමින් ෂොපින් යෑම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන විවිධ සමීක්ෂණ සිදු කළ අතර සියයට 40 ක පිරිසක් මෙම ක්‍රමයට ෂොපින් යෑමට මනාපය පළ කර තිබේ. නව තාක්ෂණය තමන්ගේ ජීවිතයට පහසුවක් බව ඔවුන් පෙන්වා දී තිබේ. ඒ අනුව රෙදිපිළි සමාගම් ඔවුන්ගේ හිතවත් පාරිභෝගකයන්ට තමන් සමීපවෙමින් ‘කියුආර්’(QR) කේත ද හඳුන්වා දී ඇත. කියුආර් කේත භාවිතයෙන් සෘජුව රෙදිපිළි සාප්පුව හා සම්බන්ධ විය හැකිය. වට්ටම් ද හිමි වෙන අවස්ථා ඇත. කිසියම් ඇඳුමක් තමන් මිලදී ගන්නවා නම්, ඔබ කැමැති වර්ණය එම ඇඳුමේ නැතිනම්, ඔබ කැමැති වර්ණයෙන් එම ඇඳුම ඔබට ලබා දීමට පවා රෙදිපිළි සාප්පු සූදානමින් සිටී.


මේ සියල්ල අභිබවා යමින්,‘කෝච්’ සහ ‘ටොමී හිල්ෆිගර්’ විලාසිතා ‘ඔග්මෙන්ටින් රියැලටි’ (වර්ධක යථාර්තය) හෙවත් ARවෙත යොමු වී ඇත. මෙය ද ඉහත කී ආකාරයේ වර්චුවල් රියැලිටි ක්‍රමයට විලාසිතා ෆිට්-ඕන් කිරීමේ ක්‍රමයකි. මෙහිදී අදාළ ඇප් ඔබේ ජංගම දුරකතනයේ තිබේ නම්, ඔබ කිසියම් ඇදුමක් තෝරා ගැනීමෙන් පසු ජංගම දුරකතනයට ඔබේ ඡායාරූපයක් හෝ වීඩියෝ දසුන් ඇතුළු කර, එම ඡායාරූප සහ වීඩියෝ දසුන් විවිධාකාරයට හැඩ ගැන්වීම් කළ හැකිය.‘කෝච්’ සන්නාමය යටතේ එළිදැක්වෙන අත්බෑග සඳහා පළමුවෙන් විලාසිතා ඔග්මෙන්ටින් රියැලටි’ හඳුන්වා දීම සිදුවිය. එය සිතුවාටත් වඩා තරුණ තරුණියන් අතරේ ජනප්‍රිය විය. ඒත් ඒ ගැන ද නොසතුටින් අදහස් දැක්වූ අය ද විය. විලාසිතා සඳහා AR ක්‍රමය තව තවත් යථාර්ථවාදී ස්වරූපයක් ගැන්වීම අවශ්‍ය යැයි ඒ අය පෙන්වා දී තිබේ. ඒ අනුව දැන්, පරිගණක කෘත්‍රිම බුද්ධි මෘදුකාංග ඒ සඳහා භාවිතයට ගැනීමට කටයුතු කරන බැව් ‘කෝච්’ සමාගම හා සම්බන්ධ ‘සීරෝ10’ තාක්ෂණ ආයතනය පවසයි. 

 


‘කෝච්’ සහිසීරෝ10’ තාක්ෂණ ආයතනය එක්වී අත්හදා බැලීමක් ලෙස ප්‍රංශයේ පැරිස් නුවර ‘ඔග්මෙන්ටින් රියැලටි’ (වර්ධක යථාර්තය) ක්‍රමවේදයේ නව රෙදිපිළි වෙළෙඳසලක් පවා පසුගිය දා විවෘත කෙරුණි. ප්‍රංශයේ පැරිස් නුවර විලාසිතා කේන්ද්‍රස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. එම වෙළෙඳසල විවෘත කිරීමට පෙර විශේෂ සමුළුවක් ද ඒ වෙනුවෙන් පැවැත්වුණු අතර AR සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කීප දෙනෙක් ඊට සහභාගී වූහ.


අනාගතයේ විලාසිතා ක්ෂේත්‍රයේ පෙරැළි කිරීමටAR සමත් වනු නිසැකය. එපමණක් නොව, අමුද්‍රව්‍ය ලබා දීමෙන් පසු, ත්‍රීඩි ප්‍රින්ටින් ක්‍රමයට ඔබට ඕනෑ ඇඳුම් ඔබට ඕනෑ විදියට ඔබටම මසා නිම කර ගැනීමට හැකි වනු ඇත. 3D ප්‍රින්ටින් දැනටමත් ලොව පෙරැළියක් වී ඇති බැවින්, ඒ දිනය වැඩි ඈතක නොවෙයි.

 

 

■ ලුසිත ජයමාන්න
ග්ලොසි වෙබ් අඩවිය ඇසුරිනි



අදහස් (0)

ගෙදර ඉඳන්ම ෂොපින් කරන්න හොලෝග්‍රෑම් AR අතහිත

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4112 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 64 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1523 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 496 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 176 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 588 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2079 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1820 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site