IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


කෘතීම බුද්ධියට නඩු

  • ChatGPT  අයත් OpenAI  සමාගම පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොවේ, ලොව අංක එකේ බිලියනපතියා, ඉලොන් මස්ක්ය. ලොව ව්‍යවසායකයන් අතර ඉහළින්ම වැජඹෙන ඔහු ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ද, ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ සමාගම වූ ස්පේස් එක්ස් ආයතනයේ ද ආරම්භකයාය.

නව තාක්ෂණය ගැන කතා කරනවා නම්, Open AI  පර්ෙ‌ය්ෂණ තාක්ෂණික සමාගම හඳුන්වා දුන් ChatGPT  කෘත්‍රිම බුද්ධි මෙවලම ගැන කතා කරන්නම සිදුවෙයි. අන්තර්ජාල පරිශීලකයන්ට මෙය එක්තරා ආකාරයක කෘත්‍රිම බුද්ධි සෙවුම් යන්ත්‍රයක් වැනිය. ChatGPT යනු ඇමෙරිකන් කෘත්‍රිම බුද්ධි පර්​ෙ‌ය්ෂණාගාරයකි. කෘත්‍රිම බුද්ධි මෙවලම් හඳුන්වාදීමේ දී දැනට ඉදිරියෙන් සිටින්නේ OpenAI  යැයි කීවොත් එය නිවැරදිය. මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි මෙවලම් නිර්මාණය කිරීම තම අරමුණ යැයි OpenAI  සමාගමේ ප්‍රධානී සෑම් ඕල්ට්මන් පවසා ඇත. ඒත්, එය එසේම ද?


මීට මාස 7 කට හෝ 8 කට පමණ කලින් OpenAI  සමාගමේ ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම ගැන අප කිසිවකු දැන සිටියේ නැත. ඒත් අද ChatGPT ගැන නොදන්න කෙනෙකු නැති තරම්ය. OpenAI සහ ChatGPT  සම්බන්ධ අලු‍ත්ම පුවත නම්, OpenAI  සහ ChatGPT  එරෙහිව ඇමෙරිකාවේ නඩුවක් ගොනු කර තිබීමය. OpenAI  ප්‍රධානී සෑම් ඕල්ට්මන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ලාභ ලැබීමේ අරමුණින් පමණක් ක්‍රියාකරමින්, පෞද්ගලික තොරතුරු එසේත් නැතිනම් පෞද්ගලික දත්ත මහා පරිමාණයෙන් සොරකම් කර, ඒවායින් ChatGPT  කෘත්‍රිම බුද්ධි මෙවලම නිර්මාණය කිරීමට, නැතිනම් පුහුණු කිරීමට යොදා ගෙන තිබීම ගැනය. 


පෞද්ගලික තොරතුරුවලට පරිබාහිරව, OpenAI  සමාගම, අන්තර් ජාලය හරහා පොත්පත්, ලිපි ලේඛන ආදියට ඇතුළත් වචන බිලියන 300 ක් ඉතාමත් රහසිගතව, අනුමැතියකින් තොරව, ලබාගෙන ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. එපමණක් නොව, OpenAI  සමාගමේ, ඔන්ලයින් (අන්තර්ජාලය හරහා) ChatGPT  කෘත්‍රිම බුද්ධි මෙවලම හරහා මානව සංස්කෘතියේ පරිහානිය සිදුවෙන බවත්, මිනිසාට නිර්මාණශීලීව සිතන්න ලබා දී තිබුණු අවස්ථාව උදුරා ගෙන ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. මේ වෙන විට OpenAI නිසා සිදුවුණු අලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය හමුවේ නඩුව ගොනු කළ, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ක්ලාක්සන් නීති සමාගම පවසා ඇත.


මොකක්ද මේ වෙලා තියෙන්නේ දැන ගැනීමට නම්, OpenAI සමාගම සහ ChatGPT  යනු කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. ChatGPT යනු Chat Generative Pre-Trained Transformer  යන වදන් පෙළ කෙටි කර දැක්වීමකි. එය කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කළොත්, ChatGPT  යනු කෘත්‍රිම බුද්ධි මෙවලමකි. පරිගණකයෙන් හෝ ඔබේ ස්මාර්ට් ෆෝන් දුරකතනයෙන් හෝ, අන්තර් ජාලය හරහා ChatGPT සමඟ සම්බන්ධ විය හැකිය. ඉන්පසු අන්තර් ජාලය හරහා ඔබට යම් කාර්යයක් කර ගැනීමට තිබෙනවා නම්, ඒ ඕනෑම දෙයක් ChatGPT සමඟ ඉංග්‍රීසියෙන් කතාබහ කරමින් ඔබට ඕනෑ විදිහට නිර්මාණය කර ගත හැකිය. ගීත, වීඩියෝ හෝ කාටූන් නිර්මාණ කරන්න, ලිපි ලේඛන, චිත්‍ර, ඡායාරූප නිර්මාණය කරන්න, රැකියාවේ, පාසලේ හෝ අධ්‍යාපන වැඩකටයුතුවලදී එම වැඩ පහසුවෙන් පමණක් නොව ඉක්මනින් කරවා ගන්න, ගිණුම්කරණයේ දී වැඩ පහසු කර ගන්න ChatGPT අසුරු සැණින් ඔබට පිහිට වෙයි. ඔබ කළ යුත්තේ අවශ්‍ය දේ ඉංග්‍රීසියෙන් පැහැදිලිව, ChatGPT වෙත ලබා දීමය. ඔබේ ඉංග්‍රීසි දැනුම හෝ පරිගණක දැනුම පහළ මට්ටමක තිබේ නම්, එහිදී ද ඔබට ChatGPT  ගුරුවරයකු කර ගැනීමට ද හැකියාව පවතී. රස කරමින් කන්න කෑම වර්ග හදා ගන්නේ කෙසේදැයි කියා දේවි. පරිගණක කේත සැකැසීමත් ChatGPT උදවුවෙන් කර ගත හැකිය. එපමණක් නොව, ඔබටම කියා කෘත්‍රිම බුද්ධි මෙවලමක් නිර්මාණය කර ගැනීමට ද උදවු ලබා ගත හැකිය. ඔබ පාසල් සිසුවකු නම් ඔබේ වයසට, වදන් දැනුමට, අධ්‍යාපනයට ගැළපෙන ආකාරයට, ඕනෑම මාතෘකාවක් යටතේ රචනාවක් නිර්මාණය කරවා ගැනීමටද එමගින් පුළුවන. ඒ මාතෘකාවේම ගැඹුරු ලිපියක් වුනත් සකස් කරවා ගත හැකිය. එය කළ හැකි වෙන්නේ ChatGPT  සමග සාකච්ඡා කර නිවැරදිව ඔබේ අවශ්‍යතාව පැහැදිලි කර දුන් පසුවය.  


ඔබේ සිතුම් පැතුම් ඉටු කිරීමට නම් ChatGPT  හැමදේම දැන සිටිය යුතුය. OpenAI සමාගම, ChatGPT ලොවට හඳුන්වා දීම සිදු කළේ පසුගිය 2022 නොවැම්බරයේය. හරියටම කීවොත් නොවැම්බර් 30 වැනිදාය. ඒ වෙනතුරු කිසිවකු ChatGPT  ගැන දැන සිටියේ නැත. ChatGPT  කෘත්‍රිම බුද්ධිය දිනෙන් දින දැනුම රැස් කර ගනී. පරිගණක විද්‍යාවට අනුව එය පරිණාමය වීමක් සිදුවෙයි. ChatGPT හැම දෙයක්ම දැනගන්නා දවසක් ඒවි. ඒ දවස වැඩි ඈතක නොවන බව ද කිව යුතුය. පෞද්ගලික තොරතුරුවලට පරිබාහිරව, OpenAI සමාගම, අන්තර් ජාලය හරහා පොත්පත්, ලිපි ලේඛන ආදියට ඇතුළත් වචන බිලියන 300 ක් ඉතාමත් රහසිගතව, අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවටත්, චෝදනා එල්ල වී ඇත්තේ ChatGPT  මෙසේ පරිණාමය වෙන බැවිනි.

ChatGPT  අයත් OpenAI  සමාගම පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොවේ, ලොව අංක එකේ බිලියනපතියා, ඉලොන් මස්ක්ය. ලොව ව්‍යවසායකයන් අතර ඉහළින්ම වැජඹෙන ඔහු ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ද, ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ සමාගම වූ ස්පේස් එක්ස් ආයතනයේ ද ආරම්භකයාය. ඔහු මෑතදී ට්විටර් සමාගම ද මිල දී ගත්තේය. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ මස්ක්ගේ අද නිවහන ඇමෙරිකාවය. OpenAI  සමාගමේ ප්‍රධානියා සෑම් ඕල්ට්මන් නිසා බොහෝ දෙනකු ඉලොන් මස්ක් මේ පසුපස සිටින බව නොදන්නවා වෙන්න පුළුවනි. 


අද OpenAI සෑම් ඕල්ට්මන් යටතේ පැවැතියත්, OpenAI  ආරම්භය සිදුවූයේ 2015 දී ඉලොන් මස්ක් ඇතුළු කණ්ඩායමක් එකතු වී නිර්මාණය කළ සංකල්පයක් නිසාය. ආරම්භයේ දී ඉලොන් මස්ක් OpenAI  සමාගමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. කෙසේ නමුත් ඔහු 2018 දී OpenAI  සමාගමට සමු දුන්නේය. ඒ, මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් තවත් කළ යුතු සහ කළ හැකි බොහෝ දේ ඇතැයි පවසමිනි. ඉදිරි දශකයේ අඟහරු බලා ගගනගාමීන් රැගෙන යන ගමනට ද මස්ක්ගේ දායකත්වය ලැබෙනු නිසැකය. 
2018 දී OpenAI  සමාගමෙන් ඉවත් වුවත්, එහි කටයුතු සොයා බලමින් ඊට පූර්ණ දායකත්වය ලබා දීම සිදු කරන්නේ ද ඉලොන් මස්ක්ය. තවත් පැහැදිලිව කීවොත්, ඉලොන් මස්ක් නැතිනම් OpenAI  කියා සමාගමක් හෝ ChatGPT  කියා කෘත්‍රිම බුද්ධි මෙවලමක් හෝ නැතැයි බොහෝ දෙනා තර්ක කරති.


2019 වසර OpenAI  සමාගමට ඉතා වැදගත් එකක් විය. ඒ, Microsoft සමාගම OpenAI  වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කළ බැවිනි. එසේ කළේ Microsoft  සමාගමට අවශ්‍ය වූ Cloud Computing  සඳහාය. එම ආයෝජනය සාර්ථක එකක් විය. 2022 නොවැම්බර් 30 වැනිදා ChatGPT  කරළියට පැමිණීමට එය මඟ සකස් කර දුන්නේය. අද වෙන විට මිලියන ගණනක් ChatGPT  භාවිතයට ගන්නා බව පැවැසෙයි. ChatGPT  සේවාව සඳහා OpenAI  සමාගමට දිනකට ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා යැයි ද පැවැසෙයි. ChatGPT  අනාගතයේ භාවිතයට ගන්නා බිස්නස් මොඩියුලය කුමන ආකාරයේ එකක් වෙවිදැයි දැන්ම කිව නොහැකිය. නඩු විභාගය කෙසේ අවසන් වේවිදැයි කිව නොහැකිය. කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලිය. දැනටමත් අප නව තාක්ෂණයට ඇබ්බැහි වී අවසන්ය.


ChatGPT  අපේ දෛනික කටයුතු තවත් පහසු කරනු නොඅනුමානය. කෙසේ නමුත් එය බොහෝ රැකියාවලට තර්ජනයක් වේවි. මිනිස් අපේ සිතීමේ හැකියාව මොට කරාවි. නිර්මාණශීලී අදහස් අපෙන් ගිලිහී යාවි. කෘත්‍රිම බුද්ධි නිර්මාණ මිනිස් වර්ගයා යටපත් කර ගනිමින් පෘථිවියේ ආධිපත්‍යය පතුරුවා ගන්නා අයුරු බටහිර විද්‍යා ප්‍රබන්ධ සහ හොලිවුඩ් සිනමා නිර්මාණ හරහා අපට දකින්න ලැබී තිබේ. ChatGPT වැනි කෘත්‍රිම බුද්ධි තව තව නිර්මාණය වෙද්දී, අප නොදැනුවත්වම කෘත්‍රිම බුද්ධියක ග්‍රහණයට නතු වෙනු ඇතැයි විද්වතුන්ගේ අදහස යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

 

■ ලු‍සිත ජයමාන්න

 

 



අදහස් (0)

කෘතීම බුද්ධියට නඩු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4092 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 63 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1522 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 494 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 175 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 574 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site