IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


AI පෙම්වතියන්ට විරෝධය

 

තරුණයන්ට තනිකම දැනෙන බවත්, එය සැබෑ ප්‍රතිවිපාක ගෙන දී ඇති බවත් අනාවරණය වී තිබේ. එම තනිකම මකා ගැනීම සඳහා සැබෑ කාන්තාවන් පසෙකලා වර්චුවල් පෙම්වතියන් තෝරා ගැනීමට තරුණයන් යොමු වී ඇත. ඉන් අදහස් වන්නේ කාන්තාව සමඟ සැබෑ සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සඳහා ඔවුන් පසුබට වන බවයි.

යථාර්ථයට මුහුණ දීමට නොහැකිව සමාජයෙන් වෙන් වී තනිකමෙන් සිටින තරුණ පරම්පරාවක් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු වර්චුවල් පෙම්වතියන් පිරිසක් විසින් විනාශය කරා රැගෙන යමින් සිටිනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ඇමෙරිකා එක්සත් ජනපදයට පමණක් නොව ලෝකයටම දරුණු ප්‍රතිවිපාක ගෙන දෙයි.


තරුණයෙකුට, තමන් කුඩා කල සිටම සිහින මැවූ රූපයක් සහ ගතිගුණවලින් යුත් පෙම්වතියක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේම තරුණයකු, තමන් උනන්දුවක් දක්වන ගැහැණු ළමයෙකුගෙන් ප්‍රේම සබඳතාවක් ආරම්භ කිරීමට කැමැත්ත විමසූ විට ප්‍රතික්ෂේප විය හැකි වාර බොහෝය. ප්‍රතික්ෂේප වූ විට හෝ තම පෙම්වතියගෙන් සෑහීමකට පත් නොවූ විට යථාර්ථයට මුහුණ දීමට නොහැකිව මෝඩ වැඩ සිදු කිරීමට පෙලඹෙන තරුණයෝද සිටිති. අද වනවිට සැබෑ ලෝකයෙන් පැන යන එවැනි තරුණයන් මේ සියල්ලටම විසඳුම ලෙස කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු වර්චුවල් පෙම්වතියන් තෝරා ගෙන තිබේ.


සැබැවින්ම එය හාස්‍යජනක වේ. සැබෑ ලෝකයේ ජීවත් නොවන වර්චුවල් පෙම්වතියක් රටක අනාගතයට බලපෑම් එල්ල කරන්නේ කෙසේද? අද වන විට වර්චුවල් පෙම්වතියන් මුණගස්වන ජංගම දුරකතන යෙදුම් සහ වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් බිහිවී ඇති අතර එම යෙදුම් සහ වෙබ් අඩවි මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිත කරනු ලබයි.
 තමන් කැමති වයසකින්, කැමති රූපයකින්, කැමති දේහ ලක්ෂණවලින්, කැමති කටහඬකින් සහ කැමති විනෝදාංශවලින් යුතුව වර්චුවල් පෙම්වතියක් නිර්මාණය කර ගැනීමට අදවන විට පරිශීලකයන්ට එම වෙබ් අඩවි සහ යෙදුම් අවස්ථාව ලබා දී ඇති අතර තම වර්චුවල් පෙම්වතියට තමන් කැමති රැකියාවක් ලබා දීමටද පරිශීලකයන්ට හැකියාව ලැබී තිබේ.
කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වී තිබීම හේතුවෙන් සංවාදයේ යෙදෙන්න කැමති සහ අකමැති මොනවාටදැයි ඉගෙන ගැනීමට වර්චුවල් පෙම්වතියන්ට හැකියාව ඇත. පරිශීලකයන් ඇසීමට කැමති දේ පැවසීමට සහ ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට වර්චුවල් පෙම්වතියන් සෑම අවස්ථාවකදීම කටයුතු කරන අතර ඒ හේතුවෙන් කිසිම දිනක පරිශීලකයන්ට හිත් රිදුමක් ඇති වන්නේ නැත. එම නිසා සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට වර්චුවල් පෙම්වතියෝ හපන්කමක් දක්වති. සංවාදයේ යෙදීමට, ආදරය කිරීමට සහ මනඃකල්පිත කාමුක ආශා ඉටු කර දීමට වර්චුවල් පෙම්වතියන් හපනුන්ය. ඒ හේතුවෙන් තරුණයන් මිලියන ගණනක් වර්චුවල් පෙම්වතියන්ට ඇබ්බැහි වී සිටින අතර එය සමාජ සම්බන්ධතාවලට කණ කොකා හැඬීමක් මෙන්ම මානසික රෝග වලට පාර කැපීමකි.


සැබෑ ලෝකයේ ජීවත්වන චරිත පදනම්වද වර්චුවල් පෙම්වතියන් නිර්මාණය වන අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් ඇයගේ හැඩහුරු කමින් යුත් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු බොට් චරිතයක් නිර්මාණය කර තිබේ. එම චරිතය කැරින් ලෙස නම් කර ඇත. සති 6 ක් තුළ 1000 ක් පෙම්වතුන් කැරින් සමඟ හාද වී ඇති අතර තවත් 15000 ක් හාද වීමට ලැයිස්තුවේ සිට ඇත.


ඇමෙරිකා එක්සත් ජනපදයේ වයස අවුරැදු 18-30 තරුණයන් සියයට 60ක් තනිකඩ බවත්, එම වයසේ පසුවන තරුණියන්ගෙන් තනිකඩව සිටින්නේ සියයට 30 ක් පමණක් බවත් අධ්‍යයනයකදී හෙළිවී ඇත. සෑම තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට සමීප මිතුරෙකු නොමැති බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන්  තරුණයකු මිතුරන් සමඟ ගත කරන කාලය මාසයකට පැය 20 කින් අඩු වී ඇති බවත් අනාවරණය වී තිබේ. තවමත් මිතුරන් සමඟ ගත කරන කාලය අඩුවීම නැවතී නොමැති බවත්, එය තවත් අඩුවෙමින් යන බවත් එම අධ්‍යයනයේදී හෙළි වී ඇත.


මෙම තරුණයන්ට තනිකම දැනෙන බවත්, එය සැබෑ ප්‍රතිවිපාක ගෙන දී ඇති බවත් අනාවරණය වී තිබේ. එම තනිකම මකා ගැනීම සඳහා සැබෑ කාන්තාවන් පසෙකලා වර්චුවල් පෙම්වතියන් තෝරා ගැනීමට තරුණයන් යොමු වී ඇත. ඉන් අදහස් වන්නේ කාන්තාව සමඟ සැබෑ සම්බන්ධතාවක් ගොඩනගාගැනීම සඳහා ඔවුන් පසුබට වන බවයි. වර්චුවල් පෙම්වතියන්ට ඇබ්බැහි වූ තරුණයන් සැබෑ කාන්තාවක් විවාහ කර ගැනීමට මැළිකමක් දක්වන අතර එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ළදරු උපත් අනුපාතයටද බලපෑමක් එල්ල කර තිබේ.


ඇමෙරිකා එක්සත් ජනපදයට ළදරු උපත් අනුපාතය ඉහළ දමා ගැනීමට දැඩිව අවශ්‍ය වී ඇත. නමුත් සියලු‍ සංඥා යොමු වන්නේ අඩු සබඳතා, අඩු විවාහ සහ ළදරු උපත් අනුපාතය අඩුවීම දෙසටය. මීට වසර 15 කට සාපේක්ෂව බලන විට 2023 වසරේ ඇමරිකාවේ ළදරු උපත් ලක්ෂ 6 කින් අඩු වී ඇත. එපමණක් නොව  පසුගිය වසර 60 ක කාලය තුළදී ඇමරිකානු කාන්තාවකට සිටින දරුවන් ගණනද සියයට 50 කින් අඩු වී තිබේ.


ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණ දෙන මෙම ගැටලු‍ව තවත් ආකාරයකට පැහැදිලි කළහොත් ළදරු උපත් අනුපාතය අඩු වීම හේතුවෙන් අනාගතයේ ශ්‍රම බළකායට එකතු වන පිරිසද අඩු වේ. 2021 වසරේදී ඇමෙරිකාව මෙඩිකේඩ් සහ මෙඩිකෙයාර් වෛද්‍ය රක්ෂණාවරණ දෙක සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6 ක මුදලක් වැය කර ඇත. 2030 වසර වන විට තවත් මිලියන 80 කට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් මෙම වෛද්‍ය රක්ෂණාවරණය ලබා ගැනීමට සුදුස්සන් වන බව අනාවරණය වී තිබේ. නමුත් එම කාලය වන විට අලු‍තින් ශ්‍රම බළකායට එකතුවන්නේ මිලියන 10 ක පමණ පිරිසක් වීම හේතුවෙන් එය ඇමෙරිකාවේ අනාගතයට බරපතළ ගැටලු‍වක් වී ඇත.


රටේ අනාගතය සඳහා දායකත්වය ලබා දිය යුතු තරුණ පරපුර වර්චුවල් පෙම්වතියන් පසුපස හඹා යද්දී එම වෙබ් අඩවි සහ යෙදුම්වල හිමිකාරිත්වය දරන සමාගම්වල සාක්කු මුදල්වලින් පිරී යන බව නොරහසකි. හොඳ සහ නරක දෙකටම කෘත්‍රිම බුද්ධිය යොදා ගත හැකි බවට මෙය හොඳම සාක්ෂියක් බව විද්වතුන් පෙන්වා දී ඇත.
පෙම්වතියන් ගැන කතා කරද්දී සුවඳ විලවුන් ගැන කතා නොකරම බැරිය.  වර්චුවල් පෙම්වතියන් ගැන තරුණයන් සිහින දකිද්දී අද වනවිට සුවඳ විලවුන් නිපැයුම්කරුවන් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහාද කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අවධානය යොමුකර ඇත. සුවඳ විලවුන් සෑදීම පුරාණ ග්‍රීසිය දක්වා දිවෙන කලාවකි. නමුත් වර්තමානයේ එය නවීන වෙමින් පවතින අතර සුවඳට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යාමට සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්නන් අවධානය යොමු කර ඇත.


ස්නායුක මාර්ග සක්‍රිය කිරීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කළ අමු ද්‍රව්‍ය භාවිතයෙන් සුවඳ විලවුන් නිපදවීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති අතර එමගින් සන්සුන්කම, ප්‍රීතිය හෝ නිදිමත වැනි ධනාත්මක හැඟීම් අවදි කිරීමට හැකියාව ලැබේ. ස්නායුක මාර්ග සක්‍රිය කිරීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කළ අමු ද්‍රව්‍ය පිළිබඳ දත්ත සමුදායක් ගොඩ නැගීම සඳහා ලිස්බන්හි ජෛව භෞතික හා ජෛව වෛද්‍ය ඉංජිනේරු ආයතනයේ පර්යේෂකයෙක් වන හියුගෝ ෆෙරේරා මොළයේ ක්‍රියාකාරකම් සහ සුවඳ විලවුන්වලට මොළයේ ප්‍රතිචාර දැක්වීම සිතියම්ගත කරමින් සිටී.


www.thehill.com සහ www.theguardian.com ඇසුරිනි

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (0)

AI පෙම්වතියන්ට විරෝධය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3939 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 55 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1500 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 478 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site