IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


කඩවසම් ’ මඩු ’ ට මනාලියක් සොයයි


 
 
ඒ, 1895 වසර ය. දකුණු අප්‍රිකාවේ න්ගොයේ වනාන්තරය ගවේෂණය කිරීමට විද්‍යාඥයන් කණ්ඩායමක් එයට ඇතුළු වූහ. ඔවුන්ට නායකත්වය දුන්නේ, උද්භිද විද්‍යාඥයකු සහ පොසිල විද්‍යාඥයකු ලෙස ද ප්‍රකට ජෝන් මෙඩ්ලි වුඩ්ය. න්ගොයේ වනාන්තරය ඉතාමත් සුවිශේෂී එකකි. 
 
අද මෙය වන රක්ෂිතයකි. න්ගොයේ වනාන්තරය, රක්ෂිතයක් බවට පත්වූයේ ද ජෝන් මෙඩ්ලි වුඩ් සහ ඔහුගේ කණ්ඩායම සොයාගත් අපූරු සොයා ගැනීමක් නිසාය. න්ගොයේ වනාන්තරය පිහිටා ඇත්තේ කවසූලු‍ නටාල් පළාතේ වෙරළ තීරය දිගට ය. හෙක්ටයාර් 4,000 ක භූමියක් පුරා මෙම වනාන්තරය විසිරී පවතී. ජෝන් මෙඩ්ලි වුඩ් සහ කණ්ඩායම වනාන්තරයට ඇතුළු වූයේ එහි ගස් වැල්, පැළෑටි ආදිය අධ්‍යයනයටය. 
 
වනාන්තරයේ ඇවිදිමින්, හමුවෙන ශාක චිත්‍රයට නගමින්, සාම්පල රැස් කරමින් යද්දි ඔවුනට හුදෙකලාව පිහිටි මඩු (Cycad-සයිකැඩ්) වර්ගයේ ගසක් හමුවිය. ඝන පොතුවලින් සමන්විත කඳක් සහ ගෝත්‍රික රජකුගේ හිස අලංකාර කරන පිහාටුවලින් සමන්විත ඔටුන්නක් සිහි ගන්වන මුදුනෙහි කොළ වටයක් ඇති මෙම විශේෂ මඩු ගස පිහිටියේ හුදෙකලාවය. අවට වෙනත් මඩු ගස් කිසිවක් නොවීය. එහෙයින්, විද්‍යාඥ ජෝන් මෙඩ්ලි වුඩ්, මේ මඩු ගස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය. හමුවුණු මේ මඩු ගස් තාල වර්ගයට අයත් ගසක් හෝ තාල වර්ගයට අයත් නොවන ගසක් හෝ නොවෙයි. වසර මිලියන ගණනක් තිස්සේ මඩු (Cycad-සයිකැඩ්) ශාක වර්ග ජීවත් විය.
 
ඩයිනසෝරයන් මිහි මත රජ කරද්දී දැවැන්ත මඩු ගස් මිහි මත විය. ඒ බව පොසිල සාක්ෂි තහවුරු කර ඇත. මිහිමත සිදුවුණු මහා වඳ වී යෑම් කීපයකට ද මඩු ගස් මුහුණ දී දිවි ගලවාගැනීමට සමත් වූ බව පැවැසෙයි. ‘‘ඩයිනසෝර් ශාක’’ සහ ‘‘ජීවත් වෙන පොසිල’’ ලෙස ද මෙම මඩු ගස් හැඳින්වෙන්නේ ඒ නිසාය. පොසිල විද්‍යාඥයන්ට,  මිහි මත ජීවත් වූ වසර මිලියන 300 ක් පැරැණි මඩු ගස්වල පොසිල සාක්ෂි හමුවී ඇත. වසර මිලියන 250 ත් 66 ත් අතර කාලය එනම් මිසෝසොයික යුගය පොසිල විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ, මඩු ගස් මිහි මත රජ කළ අවදිය ලෙසය. විද්‍යාඥයන්ට අනුව මිසෝසොයික යුගයේ දී හිරු රැස් හොඳින් පොළොවට පතිත විය. උණුසුම්, සෞම්‍ය දේශගුණයක් මිහිමත පුරා දකින්න ලැබුණි. එහෙයින්, මඩු ගස් හොඳින් ශක්තිමත්ව උසින් වැඩුණි. ඇතැම් මඩු ගස් ඩයිනසෝරයන්ට ආහාරයක් ද වෙන්නට ඇත. 
 
න්ගොයේ වනාන්තරයේ සෑම අස්සක් මුල්ලක්ම හොඳින් සෝදිසි කළත්, වෙනත් මඩු ගසක් සොයා ගැනීමට ජෝන් මෙඩ්ලි වුඩ් සහ කණ්ඩායම සමත් වූයේ නැත. හමුවුණු ගස ‘එන්සෙපලාටොස් වූඩි’ යන නමින් නම් කෙරුණේ, ජෝන් මෙඩ්ලි වුඩ්ට ගරු කිරීමක් ලෙස වුඩ් යන වාසගම සිහි ගන්වමිනි. ‘එන්සෙපලාටොස් වූඩි’ කෙටියෙන් හැඳින්වීමට පටන් ගත්තේ  ‘ඊ වූඩි’ යන නමිනි. ‘ඊ වූඩි’ දකුණු අප්‍රිකාවේ න්ගොයේ වනාන්තරයට පමණක් ආවේණික හුදෙකලා මඩු ගසක් වූ බැවින්, එහි වටිනාකම විද්‍යාඥයන්ට හොඳින් අවබෝධ වී තිබුණි. එහෙයින්,‘ඊ වූඩි’ ගසෙන් පැල ලබා ගැනීම කළ යුතු විය. ගැටලු‍වක් වූයේ ‘ඊ වූඩි’ පිරිමි ගසක් වීමය. (මෙය ජීව විද්‍යා පාඩමක් නොවන බැවින් ඉතාමත් සරලව පැහැදිලි කළොත් පිරිමි ගස්වල පරාග ඇත. ගෙඩි සහ ඇට හට ගන්නේ ගැහැනු ගස්වලය) ‘ඊ වූඩි’ මඩු ගසේ පොතු සහ මුල් වලින් පැළයක්  ලබාගැනීමට දශක ගණනක් උද්භිද විද්‍යාඥයන් උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැත.
 
1916 දී එදා පැවැති දකුණු අප්‍රිකා රජය සහ එරට වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඒකමතිකව තීරණය කළේ හුදෙකලා වූ එකම එක ’ඊ වූඩි’ මඩු ගස, න්ගොයේ වනාන්තරයෙන් ගලවා ගෙනැවිත්, ආරක්ෂිත තැනක යළි රෝපණය කර එය හොඳින් රැක බලා ගැනීමය. ඒ අනුව එය එසේ සිදුවිය. වනාන්තරයෙන් ගලවා ගෙනැවිත් මඩු ගස, දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා අගනුවර විශේෂ ආරක්ෂිත ස්ථානයක රෝපණය කෙරුණි. වනාන්තරයෙන් ගලවා ගෙන ඒමත් සමඟ අද ‘ඊ වූඩි’ ශාකයක් වනාන්තරයේ නැත. ඇත්තේ ආරක්ෂිතව කොටු කරන ලද ස්ථානයක පමණි. එයට ළං වී අතපත ගෑමට පවා අවසර ලැබෙන්නේ නැත.‘ඊ වූඩි’ට විශේෂ ආරක්ෂාවක් ද ලබා දීම සිදුවිය. 
 
 
අද ‘ඊ වූඩි’ රැක බලා ගන්නේ, ජෝන් මෙඩ්ලි වුඩ් සේම, උද්භිද විද්‍යාඥයකු සහ පොසිල විද්‍යාඥයකු ද වෙන රිචඩ් ෆෝටි ප්‍රමුඛ කණ්ඩායමය. ලොව හුදෙකලාම, තනිකඩයා ලෙස සැලකෙන ‘ඊ වූඩි’ ට මනාලියක සෙවීම කරන්නේ රිචඩ් ෆෝටි ය. ඒත් එය අපහසු බව රිචඩ් ෆෝටි හොඳින් දනී. 
 
මීවන ශාකවලට පෙනුමින් සමාන වුවත්, මේ සුවිශේෂ මඩු (සයිකැඩ්) ගස විවෘතබීජික ශාක විශේෂයකි. මල් හට ගැනීමක් සිදු නොවෙයි. වර්ගයා බෝ කිරීම සිදුවෙන්නේ මඩු කෝන් (ගෙඩි) හරහාය. මඩු ශාක පිරිමි ද ගැහැනු ද යැයි කල් තියා හඳුනාගැනීම කළ නොහැකිය. මඩු ගස් මුහුකුරා යෑමට වසර 20 කට වඩා ගත වෙයි. මඩු ගස්වල මෙම වර්ගයා බිහි කිරීමේ ක්‍රමවේදය වසර මිලියන ගණනක් තිස්සේ නොවෙනස්ව පැවැතිණි. පිරිමි සහ ගැහැනු මඩු ගස්වල කෝන් හට ගනී. නමුත් ඒවායේ වෙනස්කම් ඇත. ගැහැනු ගස්වල කෝන් වටකුරුය. පිරිමි ගස්වල හට ගන්නේ දිගැටි හැඩැති කෝන් ය. පිරිමි ගස්වල හටගන්නා කෝන්වල පරාග ඇත. ඒවා කෘමි සතුන්ගේ මාර්ගයෙන් ගැහැනු ගස්වල ඇති කෝන්වලට රැගෙන යෑම සිදුවෙයි. වර්ගයා බෝ කිරීම සිදුවෙන්නේ එසේය. 
 
දැන් නව තාක්ෂණයේ ද සහාය ඇතිව, ‘ඊ වූඩි’ට මනාලියක් සෙවීමේ මෙහෙයුම නවීකරණයට ලක්වී අවසන්ය. ක්ලෝන තාක්ෂණය යොදා ගනිමින් ‘ඊ වූඩි’ ක්ලෝනකරණය කළත්, එය ද සාර්ථක වී නැත. විවිධ ජාන තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින්,‘ඊ වූඩි’ පැළ බිහි කිරීමට උත්සාහ කළත්, බිහි කළ හැකි වී ඇත්තේ පිරිමි ‘ඊ වූඩි’ ශාක පමණි. 
 
 
‘ඊ වූඩි’ගේ අනාගතය අවිනිශ්චිතය. එය සැබැවින්ම කනගාටුදායක තත්ත්වයකි. ‘ඊ වූඩි’ගේ ලොව අවසන් ‘ඊ වූඩි’ මඩු ගස වූයේ කාලාන්තරයක් තිස්සේ සිදුවුණු නොයෙක් නොයෙක් බලපෑම් නිසාය. කාලගුණ වෙනස් වීම්, භූමියේ සහ පරිසරයේ වෙනස් වීම් පමණක් නොවෙයි; මිනිස් ක්‍රියාකාරමක් ද ‘ඊ වූඩි’ හුදෙකලා කිරීමට හේතුවක් වෙන්නට ඇත. අද ලොව වෙනත් රටවල දකින්න ලැබෙන, එකිනෙකට වෙනස් වර්ගවල මඩු ගස් ද තර්ජනයට ලක් වී ඇත. ඒවා ආරක්ෂා කිරීමට ‘ඊ වූඩි’ හොඳ උදාහරණයක් සපයයි.
 
‘අවිවාදයෙන් පිළිගන්න ඕනෑ මිහිමත හුදෙකලා ම ජීවියා තමයි ‘ඊ වූඩි’ යැයි රිචඩ් ෆෝටි පැහැදිලි කර ඇත්තේ ‘එවලූෂන් ඔෆ් ලයිෆ්’ (ජීවයේ පරිණාමය) යන නමින් පර්‌යේෂණ ග්‍රන්ථය ද එළි දක්වමිනි. ‘‘මමත් මගේ කණ්ඩායමත් ලොව පුරා ගවේෂණයේ යෙදෙනවා. ඒ, ඊ වූඩිට ගැළපෙන විදිහේ, අනාගත පරම්පරාවක් බිහි කිරීමට හැකි විධිහේ සහකාරියක් එහෙමත් නැතිනම් ගැහැනු ඊ වූඩි ගසක් සොයන්න. අප දන්නවා ඒක අසීරුයි. ඒත් අප උත්සාහය අත් හරින්නේ නැහැ. මා මියයන්න පෙර ඊ වූඩිට සහකාරියක් සොයා දෙන්නයි හදන්නේ’ යැයි රිචඩ් ෆෝටි පවසන්නේ හැඟීම් බරවය.
 

  • ලු‍සිත ජයමාන්න
          එන්.ඩී.ටීවී. ඇසුරිනි.



අදහස් (0)

කඩවසම් ’ මඩු ’ ට මනාලියක් සොයයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මගේ වගේම අනුන්ගේ අත්දැකීම් ගැන ලියන්නත් මට පුළුවන්
2024 ජුලි මස 15 18 0

තනූජා ලු‍ම්බිණිගේ පළමු කාව්‍ය සංග්‍රහය, ‘තෙත සුළං අහුරක්’ නමින් ප්‍රකාශයට පත්වන්නේ- 2016 වසරේ දී ය. ඇයගේ දෙවන කාව්‍ය සංග්‍රහය ඉන් වසරකට පසුව ප්‍රකාශයට පත


කාලීන සිදුවීම් තේමා කරගත් අපූරු කවි දෝතක්
2024 ජුලි මස 15 17 0

වර්ෂ 2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගාවලියේ හොඳම කාව්‍ය කෘති කිහිපය අතරට නිර්දේශ වූ “ගුරු වලප” කාව්‍ය සංග්‍රහය ප්‍රදීපිකා දේශප්‍රිය පතිරාජ විසින්


ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පුරාණයෙන්
2024 ජුලි මස 15 19 0

තවත් දින 12 ක පමණ කාලයකින් ප්‍රංශයේ පැරිස් නුවරදී 33 වැනි නූතන ඔලිම්පික් උළෙල ආරම්භ වේ. රටවල් 196 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10672 දෙනෙකු ක්‍රීඩා ඉසව් 32 ක් සඳහා තරග ව


ක්‍රිකට් ලෝක කුසලානයේ නොදුටු පැත්ත
2024 ජුලි මස 15 23 0

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිවීමත්, 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යට හිමිවීමත් අ


කවුරුත් නොදුටු ඔවුන් දුටු පාර
2024 ජුලි මස 15 15 0

සියඹලාණ්ඩුව අයත් වන්නේ ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයටය. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ග්‍රාම සේවා වසම් 48කින් සමන්විත වේ. හරිත නිම්න බඳු වූ ම


පමණ දැනගෙන පානය කරන්න කැෆේන්
2024 ජුලි මස 15 20 0

කැෆේන් යනු ලෝකය පුරා ඉතාම ජනප්‍රිය පාන වර්ගවල අන්තර්ගත වන්නා වූ උත්තේජක සංඝටකයකි. මෙමගින් මොළයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. තේ කෝප්


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 127 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1875 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site