IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


එළුවන් බලාගන්න ගිහින් කුවේටයේ අපාදුක් විඳි තරුණයෝ

 

  • කෑම-බීම-පඩි නැතුව මාස දෙකක් වැඩ ගත්තා

රටේ ඇතිව තිබෙන බරපතළ ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා කිසියම් හෝ සහනයක් ලබා ගැනීම සඳහා තරුණ පිරිස් විදෙස්ගත වීමේ ප්‍රවණතාව මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඉඩකඩම්, යාන වාහන, ගෙවල් දොරවල් ඇතුළු තමන් සන්තක සියලුම දේ උකසට තබා ඔවුන් මෙරටින් පිටව යන්නේ ලබාගත් ණයත් බේරාගෙන සිය පවුලේ සාමාජිකයන් සඳහා යහපත් ආර්ථිකයක් සැකසීමටත්, ඔවුන්ගේ අනාගතය යම්තාක් දුරකට හෝ සාර්ථක කරගැනීමේ බලාපොරොත්තු පෙරදැරි කරගෙනය.

සිය අනාගතය සාර්ථක කරගැනීම සඳහා දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන කුවේට් බලා ගිය මෙම තරුණයන්ට උරුම වූයේ අනේකවිධ දුක් පීඩා ලබමින් සියලු බලාපොරොත්තු හැරදා හිස් අතින්ම යළි මව්රටට පැමිණීමටයි. 

එසේ තමන් සතු සියලුම වටිනා භාණ්ඩ උකසට තබා සිය අනාගතය සාර්ථක කර ගැනීම සඳහා මීට මාස තුනකට පමණ පෙර මෙරටින් පිටව ගිය තරුණයන් පිරිසකට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබඳ පසුගිය සතියේ වාර්තා විය. 

 
ඔවුන් ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නීත්‍යනුකූල නොවන තැරැව්කාරයෙකු මාර්ගයෙන් මීට මාස කිහිපයකට පෙර කුවේටයේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබිණි. ඒ 2022.10.15 වැනිදාය.   


‘හවුස් බෝයි’, ‘සිකියුරිටි’ වැනි රැකියා ලබා දෙනවා යැයි රැගෙන ගිය ඔවුන් යොදවා තිබුණේ කුවේටයේ ෂෙයික්වරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපළක සේවය කිරීමටය. 

 
කුවේට් රටේ ඉරාන දේශ සීමාව ආසන්නයේ කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපළක රඳවා තබාගෙන ඔවුන්ට පහර දී ආහාර හා වැටුප් ලබා නොදී බලහත්කාරයෙන් සේවයේ යොදවා ඇත. 

 
මෙම අනේකවිධ දුක් ගැහැට විඳ දරා ගැනීමට නොහැකි වූ ඔවුන් මෙම ගොවිපළේ සිට කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබිණි.   


අතිශය දුෂ්කර මෙන්ම මංමාවත් නොමැති කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැඳී සිටි මෙම තරුණ පිරිස බේරා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.   
කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කුවේට්හි ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානි මේජර් ජෙනරාල්වරියකගේ සහාය ඇතිව කළ විශේෂ හමුදා මෙහෙයුමකින් මෙම පිරිස බේරාගෙන ඇත. එමෙන්ම මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරිනියගේ සහ කුවේට් රජයේ සහාය ඇතිව මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සඳහා වීසා ලබාගෙන තිබිණි. 

 
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි අබ්දුල් හලීම් සහ තෙවැනි ලේකම් ජනක සමරසේකර යන මහත්වරුන් ද මෙම තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර ඇත.   


බේරාගත් මෙම තරුණ පිරිස කුවේට් සිට ජසිරා ගුවන් සේවයේ J-9551 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පසුගිය 9 දා අලුයම 3.30 පමණ පැමිණ තිබේ.   
මෙලෙස මෙම ගොවිපළේ මේ ආකාරයටම රඳවා ගෙන සිටි ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් තිදෙනෙක් මීට පෙර ද මෙරටට පැමිණ තිබේ. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව ත්‍රිකුණාමලය පොලිසිය ඔවුන් විදේශ ගත කළ නීතිවිරෝධී තැරැව්කරුවන් පිළිබඳ පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධව ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩයස් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.   
 ‘ඇත්තටම මේ තරුණ පිරිස ආර්ථික අපහසුතා නිසා තමයි මේ ගමන ගිහින් තියෙන්නේ. මේ සියලුම දෙනා අවිවාහක තරුණයන්. මොවුන්ගේ පවුල් පසුබිම යහපත් මට්ටමක නැහැ. ඉතින් මේ අය මේ ගමනට තමන්ගේ යතුරුපැදි පවා විකුණලා මුදල් හොයාගෙන තමයි ගිහින් තියෙන්නෙ. ඒ තැරැව්කරුවෙකු මාර්ගයෙන්. මේ පුද්ගලයා තරුණයන් 9 දෙනෙකු මේ ගමනට යවලා තියෙනවා. ඒ නව දෙනාගෙන් තුන් දෙනෙක් මීට සති කිහිපයකට පෙර ලංකාවට ආවා. ඔවුන්ගේ ප්‍රකාශ සහ ඒ ගෙවල්වලින් ලබාගත් ප්‍රකාශ මත අපි තවමත් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් කරගෙන යනවා.   


මේ වෙද්දී මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඔහු මේ තරුණයන්ගෙන් ලක්ෂ 5 ක මුදලක් අරගෙන තමයි මේ ගමන යවලා තියෙන්නෙ.   
ඒ වගේම කුවේටයේ ඒ අදාළ ගොවිපළේ අයිතිකාර පුද්ගලයාගෙනුත් මොහු මුදල් අරගෙන තියෙනවා. මේ තරුණයන්ට අනේක විධ දඩුවම් ලබාදෙද්දි කියලා තියෙනවා උඹලා වෙනුවෙන් අපි සල්ලි වියදම් කරලා තියෙන්නෙ කියලා. සල්ලි වියදම් කරලා උඹලව ගෙන්වගෙන තියෙන්නෙ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ මුදල් සියල්ලම මේ තරුණයන් කුවේට්වලට යවපු පුද්ගලයා තමයි අරගෙන තියෙන්නෙ. ඒ මුදල් ලබා දීලා තිබෙන නිසා තමයි මේ තරුණයන්ට කෑම, බීම, වැටුප් කිසිවක් නොදී තියෙන්නෙ. අවසානෙදී මොවුන් වැඩ කරන්නෙ නැතිව ඉද්දි තමයි දඬුවම් ලබා දීලා තියෙන්නෙ.   


 මේ විදියට මේ තරුණ පිරිස අමාරුවේ වැටුණෙ තැරැව්කරුවන් මාර්ගයෙන් රට යන්න ගිහින්. නීත්‍යනුකූල ක්‍රමවේදවලින් මේ වගේ ගමන් යන්න ඕනැ. ඒ සම්බන්ධ ලියාපදිංචි ආයතන, ඒජන්සි තියෙනවා. ඒවා හරහා ආවම නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා නීත්‍යනුකූලව ගිහින්, කරදරයක් වුණත් තානාපති කාර්යාලයෙන් ඒ නිලධාරීන්ට නීත්‍යනුකූලව කටයුතු කරන්න බලතල තියෙනවා. තැරැව්කාරයො මාර්ගයෙන් ගියාම ඒ කිසි දෙයක් කරන්න බැහැ. අපිට මෙතෙක් වාර්තා වුණු කරුණුත් එක්ක මොවුන්ට කිසිදු වන්දි මුදලක්වත් ලැබිලා නැහැ. තවදුරටත් අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරගෙන යනවා. ත්‍රිකුණාමල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.   


ඉදිරියේ දී හෝ තැරැව්කරුවන් මාර්ගයෙන් විදෙස්ගත වීමට කවුරුන් හෝ බලාපොරොත්තු වෙනවා නම් නීත්‍යනුකූල ලෙස ඒ කටයුතු කරගන්නා ලෙස මේ තරුණයන් පවසන්නේ ඔවුන් වැටුණු වළේ තවකෙකු වැටෙන්නට ඉඩ නොතබාය.   


 දින ගණනක් තුළ ඔවුන් විඳි දුක් ගැහැට තවත් අයෙකුට විඳින්නට සිදු නොවිය යුතු බව ඔවුන්ගේ අදහසයි.   
මේ ඛේදනීය තත්ත්වයට මුහුණ පාන්නට සිදු වූ එක් තරුණයකු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.   
 20122.10.15 තමයි අපි කුවේට්වලට ගියේ. අබ්දුලී කියන තැනක එළුවන් බලාගන්න අපිව ගිහින් දැම්මා. හවුස් බෝයි, සිකුයුරිටි වැඩ තියෙනවා කියලා කිව්වට එළුවො බලාගන්නයි දැම්මෙ. ඒක කාන්තාරයක්. ඒ කාන්තාරෙට දාල කෑම, බීම පඩි නැතුව මාස 2 ක් තිස්සේ අපෙන් වැඩ ගත්තා. අපි හැමෝටම ගහලා වද දුන්නා, ඒකෙ අයිතිකාරයා. අපිට ලංකාවේ ජීවත් වෙන්න හොඳ වාතාවරණයක් තිබුණ නම් කොහෙත්ම මේ වගේ ගමනක් යන්න හදන්නෙ නැහැ. ඇත්තටම දැන් අපේ රටේ තත්ත්වය එක්ක එදාවේල කාලාවත් ජීවත් වෙන්න බැරි තැනකනෙ තියෙන්නෙ.   


අපිට රැකියා නැහැ. ඉතින් හරිම අමාරුයි ජීවත් වෙන්න. දෙමව්පියො සහෝදර සහෝදරියො බලාගන්න ඕනැ. ඒ අයටත් පොඩි හරි යහපත් ආර්ථික තත්ත්වයක් හදාගන්න තමයි අපි මේ ගමන යන්න හිතුවේ.   


අපි හිතුවෙ නැහැ මේ විදියේ අපා දුක් විඳින්න වෙයි කියලා. අපි වගේම රැවටිලා රට රැකියාවලට ගිහින් දුක් විඳින ගොඩක් අය කුවේට්වල ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. අපිත් ජීවිතේ බේරගෙන බොහොම අමාරුවෙන් තමයි ආවේ.   


එහෙ ගියාට පස්සේ අපිට ගෙවල්වලට කතා කරන්නවත් විදියක් තිබුණේ නැහැ. ගෙවල්වලින් බයවෙලා අතුරුදන්වෙලා කියලා. මොකද අපිට සම්බන්ධතා පවත්වන්න ඉඩ දුන්නෙ නැහැ. අපි ලක්ෂ 5 ක් ගෙවලා තමයි මේ ගමන ආවේ. ඒ තැරැව්කරුවකුගේ මාර්ගයෙන්. ඒ අයට ඕනැ සල්ලි විතරයි. අපිව ගොඩක් රැවැට්ටුවා. අපි ගමන යන්න සල්ලි හොයාගත්තෙත් ළඟ තිබුණු යතුරුපැදිය පවා විකුණලා. ඒ විදියට රට ගිය අපිට අවසානෙට එන්න වුණේ ණයකාරයොත් වෙලා.   
මේ විදියෙ දුක් නම් කාටවත් උරුමවෙන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නෙ. අනිවාර්යයෙන්ම කියන්න ඕනැ කව්රුන් හෝ මැදපෙරදිග යනවා නම් නීත්‍යනුකූල මාර්ගයෙන්ම යන්න. ඇත්තටම අපේ පොඩි හරි වාසනාවකට අපිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උදව් ඇතිව ලංකාවට නැවත එන්න හැකිවුණා. නැත්නම් අපිට මොනවා වෙයිද කියලා හිතාගන්නත් බැහැ.   


ඒ සියලු දෙනා ලොකු මෙහෙයුමකින් තමයි අපිව මුදාගත්තෙ. මොකද අපි හිටපු තැනට ලේසියකින් කෙනෙකුට එන්නත් බැහැ. එකක් තමයි පරිසර ගැටලුව. කාන්තාරයක් මැද මේ ගොවිපළ තියෙන්නෙ. ප්‍රවාහන පහසුකම් නැහැ. 


සාමාන්‍ය වාහනවලින් ඒ තැනට යන්න බැහැ. ඒ වගේම මෙහි අයිතිකාරයා ලොකු බලවතෙක්. ඒ නිසා ඒ තැනට ඇතුළු වෙන්න ගොඩක් අමාරුයි. නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උදව් ඇතිව කුවේට් රජයත් මැදිහත්වෙලා අපිව ඒ තැනින් බේර ගත්තා. ඒ හැමදෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕනැ අපි හැමෝම වෙනුවෙන්. ඒ හැමදෙනාම වගේම කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික පිරිස් අපිට ගොඩක් උදව් කළා. නැවත ලංකාවට එනකම්ම වගේ ඒ හැමදෙනාටම ස්තූතිවන්ත වෙනවා.”   
සිය අනාගතය සාර්ථක කරගැනීම සඳහා දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන කුවේට් බලා ගිය මෙම තරුණයන්ට උරුම වූයේ අනේකවිධ දුක් පීඩා ලබමින් සියලු බලාපොරොත්තු හැරදා හිස් අතින්ම යළි මව්රටට පැමිණීමටයි.  


රටට වටිනාම සම්පතක් වූ මේ තරුණ පරපුරට උරුමව තිබෙන මෙම ඛේදනීය තත්ත්වයන්ට වගකිව යුත්තේ කව්රුන්ද? රට ආර්ථික වශයෙන් විනාශ කළ දේශපාලනඥයින්ද? නැතහොත් සමාජ ක්‍රමයද? එය තවමත් ප්‍රශ්නාර්ථයකි.

 

 

සටහන : ධනු විජේරත්න  
පසුබිම වාර්තාව සහ ඡායාරූප  
කටුනායක ටී.කේ.ජී. කපිල  

 



අදහස් (0)

එළුවන් බලාගන්න ගිහින් කුවේටයේ අපාදුක් විඳි තරුණයෝ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3752 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 42 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site