IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ භයානක කොරෝනාව රටවල් පනහකට පැතිරිලා

කොරෝනා නව ප්‍රවණතා  

  • කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කිරීමට පෙර පවා වෙනත් අයකුට බෝවිය හැකියි

ඉන්දියාවෙන් හඳුනාගත් නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර සිටී.   


ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය බී.1.617 යනුවෙන් නම් කර තිබෙන අතර මෙම නව ප්‍රභේදය ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ව්‍යාප්ත වෙමින් පවතින එම කොවිඩ් නව වයිරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නියුමෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇති මෙම නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව මුඛ ආවරණ පැළැඳීම අත්‍යවශ්‍යම කරුණක් බවය.   


ඒ අනුව කොවිඩ් නව වයිරස් ප්‍රභේදය මෙරට පළමු කොවිඩ් රැල්ලට හා දෙවැනි රැල්ලට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට මත පළවී ඇත. මීට පෙර මෙරටින් හඳුනා ගැනුණු ප්‍රභේදය මෙන් නොව නව වයිරස් ප්‍රභේදය වාතය මගින් බෝවන බවට හඳුනාගෙන ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.   


නව වයිරසය අසාදනය වූ පුද්ගලයකු මුඛ ආවරණයක් නොමැතිව තමන් සිටින පරිසරයට මුදාහරින වයිරස් ප්‍රමාණය පැය එක හමාරක් පමණ එහි පවතී. අදාළ කාලය තුළ එම පරිසරයට මුඛ ආවරණයක් නොපැළැඳ පැමිණෙන පුද්ගලයකුට එම කාලය තුළ වයිරසය ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. 

 
පෙනෙන්නට ඇති ආකාරයට රටේ කිසිම ප්‍රදේශයක් කොවිඩ් වයිරසයෙන් තොර වේ යැයි සැක හැර පැවැසීමට හැකියාවක් නොමැති බවත්, කිසිම වයස් කාණ්ඩයකට අයිති වන පුද්ගලයෙක් කොවිඩ් රෝග වාහකයෙක් නොවේ යැයි අනුමාන කිරීමට හැකියාවකුත් නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටින්නේ මෙවැනි තත්ත්වයක් තුළය. කොවිඩ් වයිරසය ආසාදනය වන්නේ රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් පමණක් නොවන බවත්, කිසිදු රෝග ලක්ෂණයක් පහළ වීමට පෙර පවා ආසාදිතයකුගෙන් තව කෙනකුට රෝගය පැතිරීමේ හැකියාවක් පවතින හෙයින්, කෙනෙක් කිසිම රෝග ලක්ෂණයක් නැතිව ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයක හිටියත් එවැනි පුද්ගලයකුගෙන් පවා රෝගය බෝවීමට හැකියාවක් තිබෙනවා යැයි ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කර සිටී.   


මෙරට තුළ පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි. ඒ මීට පෙර කොවිඩ් වයිරසය ව්‍යාප්තියේදී ආසාදිතයන්ගෙන් වාර්තා වූ උගුරේ වේදනාවට පෙර නව ප්‍රභේදය හේතුවෙන් රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇතිවන බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටින්නේය.   
මේ හේතුව නිසා රෝගීන්ට ශ්වසන අපහසුකම් ඇති වී රෝගී තත්ත්වය උත්සන්න වන තෙක් ඔවුන්ට වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නොදැනුවත්ව සිටින බව ඔහු සඳහන් කර සිටියේය. මේ හේතුව නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බවත්, රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු ප්‍රතිකාර කිරීම අපහසු බවත් හෙතෙම කීය.   


විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ යම් කිසි කොවිඩ් ආසාදිතයකු බවට හඳුනා ගනු ලැබූ පුද්ගලයකු සිටින පවුලේ සාමාජිකයකු වේවා, එසේත් නොමැතිව ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශයක ජීවත්වන පුද්ගලයකු නම් ඔබ සතු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවය.  


අඩුම තරමින් දින 14ක කාලයක් සඳහා රට වසා දැමීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කෙරෙන විද්‍යාත්මක ප්‍රවේශයක් මේ වනවිට එළිදැක්වී තිබේ. වත්මන් කොවිඩ් 19 තත්ත්වය පාලනය සඳහා හා විද්‍යාත්මක උපායමාර්ගයක් මැයෙන් වූ එම යෝජනා සම්පාදනය කරනු ලැබ ඇත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය සහ මැලේරියාව පිළිබඳ හිටපු විශේෂඥ සම්මානිත මහාචාර්ය කමනි මෙන්ඩිස් මහත්මිය විසිනි. 


එය සකස් කර ඇත්තේ වසංගත රෝග සහ රෝග වැළැක්වීම පිළිබඳ විශේෂඥයන් රැසක් සමග සිදුකෙරුණු සාකච්ඡාවකින් අනතුරුවයි. දැනට පැතිරෙමින් තිබෙන කොවිඩ් වයිරස් ප්‍රභේදය පෙර රැලිවලට වඩා වේගයෙන් බෝවන එකක් බව එහි සඳහන්ය. 


ඉන්දියාවෙන් සොයා ගැනුණු වයිරස් ප්‍ර​භේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බැවින් එය ද ව්‍යාප්ත වන බවක් පෙනී යන බව මෙම විද්‍යාත්මක ප්‍රවේශයෙන් අවධාරණය කර තිබේ. කොවිඩ් ආසාදිතයන් කළමනාකරණය සඳහා සෞඛ්‍ය පද්ධතිය සතු ධාරිතාව මේ වනවිට අභිබවා ඇති බැවින් ඉදිරියේදී වළක්වාගත හැකි මරණ සිදුවිය හැකි බව මෙයින් අවධාරණය කෙරෙන විද්‍යාත්මක නිගමනය වී ඇත. 
දැනට බලපැවැත්වෙන කුඩා ප්‍රදේශ හුදෙකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ සීමා, කෙටි කාලීන හා අන්තර් කාලීන වසා දැමීම් හා මානව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වන මැදි කාලීන සීමා පැනවීම් ඵලදායී නොවන බව ද මෙයින් පෙන්වා දී තිබේ. 


මේ විශේෂඥයන් රට වසා දැමීමට නිර්දේශ කරන්නේ ආර්ථිකයට හා ජන ජීවිතයට බලපෑම් යම්තාක් දුරකට සමනය කෙරෙන්නා වූ නිර්දේශ ද සමගයි.

 
එම නිර්දේශ වන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම, සෑම දිස්ත්‍රික්කයකම සිල්ලර වෙළෙඳසල් ඔසුසල් ඉන්ධනහල් කිහිපයක් විවෘතව තබා ගැනීම, එළවළු, පලතුරු, බේකරි නිෂ්පාදන, මත්ස්‍ය නිෂ්පාදන හා අනෙකුත් ආහාර ද්‍රව්‍ය වාහන මගින් බෙදාහැරීමට බලපත්‍ර නිකුත් කිරීම, ඇණවුම් අනුව බෙදාහැරීමට සීමාවන පරිදි අවන්හල්වල ආහාර පිළියෙල කිරීමට පමණක් අවසර දීම, ආණ්ඩුවේ අත්‍යවශ්‍ය දෙපාර්තමේන්තු පැය කිහිපයක් සඳහා පමණක් විවෘත කර සේවා මුර අනුව සීමිත සේවක පිරිසක් පමණක් ගෙන්වා ගැනීම, ඕනෑම කර්මාන්තශාලාවක හෝ ව්‍යාපාරයක අනුයුක්ත සේවයකයන්ට සිය නිවෙස්වල සිට රාජකාරි කිරීමට ඉඩ සලසා දීම, සෞඛ්‍ය අවශ්‍යතාවක් හෝ වෙනයම් හදිසි කටයුත්තක් හෝ ආහාර මිලදී ගැනීම සඳහා එක් වරකදී එක් පුද්ගලයකුට පමණක් නිවසින් බැහැර වීමට අවසර ලබාදීම, හතර දෙනකු ඉක්මවන ජනරාශි තහනම් කිරීම, එළිමහන් කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කර පවත්වාගෙන යාම එම නිර්දේශ වේ. 
මේ අතර හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පැවැසුවේ, මේ වනවිට භයානක තත්ත්වයක් උද්ගතව ඇති බවය. “දැන් වාර්තා වෙන සිද්ධිවල ප්‍රතිඵල තව සති දෙක තුනකින් අපිට පෙනෙයි. දැන් උද්ගත වෙලා තියෙන්නේ භයානක තත්ත්වයක්. අපි බිය විය යුතුයි මේ තත්ත්වය ගැන. අපි දන්නවා රජයෙන් පියවර අරගෙනත් තියෙනවා. පළාත් අතර සංචරණය සීමා කළා. ඒත් එම සීමා කිරීමෙන් වැඩක් නෑ. මොකද මේ වෙද්දිත් පළාත්වල වයිරසය පැතිරිලා. ඒ හින්දා සංචරණ සීමා වැඩක් නෑ. පසුගිය සතියට වඩා මේ සතියේ ආසාදිත සංඛ්‍යාව වැඩි වෙලා. ජනතාව එක් තැනකින් තව තැනකට යාම වැළැක්වීමෙන් කොරෝනා ආසාදනය වීම අඩු වී නැහැ. මේක කලින් කළා නම් ඒ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න තිබුණා.” ඒ මහතා පැවැසීය. 


මේ අතර කොරෝනා වයිරස් පැතිරීමත් සමග ඉන්දියාවේ පැතිර යන යුකොමයිසිස් (Mucormycosis) හෙවත් කළු දිලීර රෝගය වැළඳුණු කිසිදු කොරෝනා ආසාදිතයකු මෙරටින් මේ දක්වා වාර්තා වී නැතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පැවැසුවාය. ඉකුත් 24 වැනිදා කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවේ, මෙම දිලීර ආසාදනය මෙරටට අලු‍ත් රෝගී තත්ත්වයක් නොවන බවයි. 
2019 වසරේදී කළු දිලීරය ආසාදනය වූ රෝගීන් 42 දෙනකුත්, 2020 වසරේදී රෝගීන් 24 දෙනකුත් සහ 2021 වසරේ මේ දක්වා රෝගීන් 24 දෙනකුත් මෙරටින් වාර්තා වී ඇතැයි ඇය සඳහන් කළාය. 
විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ, දීලිර සම්බන්ධ සියලු‍ පර්යේෂණ සඳහා වන සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවට ලැබෙන බැවින් මේ දක්වා මෙරටින් වාර්තා වූ එකදු කොවිඩ් 19 ආසාදිතයකුට හෝ මෙම දිලීරය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොමැති බවය. 
ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට (දියවැඩියා, පිළිකා, අවයව බද්ධ කළ වැනි) මෙම දිලීරය ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව සහ මීට පෙර එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට මෙම දිලීරය ආසාදනය වී ඇති බව ද දිලීරවේදී විශේෂඥවරිය වැඩිදුරටත් සඳහන් කළාය. 


මෙරට පසෙහි මෙම දිලීරයේ බීජානු ඇති බවත්, රටෙහි පිහිටීම අනුව එය වර්ධනය වීමට අවශ්‍ය සියලු‍ පාරිසරික සාධක පවතින බවත් විශේෂඥ වෛද්‍යවරියගේ පැහැදිලි කිරීම තුළ වැඩිදුරටත් ප්‍රකාශ විය. දිලීර ආසාදිත රෝගීන් නිසි වේලාවට හඳුනා නොගතහොත් දිලීරය ඇස්වලට ආසාදනය වී ඇස් පෙනීම දුර්වල වී මොළය දක්වා ගමන් කර ජීවිත අවදානම පවා සිදු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය සිය කරුණු පැහැදලි කිරීමේදී වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 


මේ අතර (Mucormycosis) හෙවත් කළු දිලීර රෝගය ආසාදනයවූවන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති අතර, ඉන් 100 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයන් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ. 

 


කොවිඩ් 19 වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට මාස 3කට පසු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම කළ හැකි යැයි ඉන්දීය වෛද්‍යවරු පවසති. එපමණක් නොව, ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන දෙවැනි මාත්‍රාවට පෙර කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව මාස 3කට පසු ලබාගැනීම කළ හැකි යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
කෙසේ නමුත් වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට එන්නත් ලබාදීම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව බව ද ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පැහැදිලි කර ඇත. 


කොවිඩ් 19 වයිරසය ආසාදනය වී, පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ‘නෙගටිව්’ වීම මත සුවය ලැබූ බව පැවැසෙන පුද්ගලයන් බොහෝ දෙනකු දීර්ඝ කාලීන රෝගාබාධවලට ගොදුරු වී ඇති බව ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් මේ වනවිට වාර්තා වී ඇත. 


හෘද රෝගීන් නොවූ පුද්ගලයන් හෘද රෝගීන් වීම, ශ්වසන අපහසුතා නැති පුද්ගලයන්ට ශ්වසන අපහසුතා ඇති වීම, සිරුර දුර්වල වීම ආදී සංකූලතා රැසක් ද වාර්තා වී තිබේ. මේ නිසා කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් පසු එන්නත ලබාගන්නේ නම්, වෛද්‍ය නිර්දේශ අනුව එය කළ යුතු යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී තිබේ. 


කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ලබාගෙන තිබියදී කොරෝනා වයිරසය ආසාදනය වුවහොත්, ඉක්මනින් සුවය ලැබීමටත්, මෙසේ සංකූලතා ඇති වීම වළක්වා ගැනීමටත් හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. 


එන්නත් ලබාගැනීම කළ යුතු වන්නේ ඒ නිසා යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක පැහැදිලිව සඳහන් වෙයි. කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනපතා ඉහළ යමින් පවතින්නේ, එරට එන්නත්කරණ වැඩසටහන මන්දගාමී වී ඇති බැවින් යැයි චෝදනා එල්ල වී තිබේ. 
අපි සැමවිටම ඉදිරියට යා යුතු වන්නේ අවුරුද්දක් පුරාවට වසංගතයෙන් ඉගෙනගත් පාඩම් ද සහිතවයි. අපි දන්නා හඳුනන සියලු‍ම දෙනා අද දවස මෙන්ම හෙට දවස ද සිහිබුද්ධියෙන් කටයුතු කිරීම මත අපි හැමදෙනාගෙම හෙට දවස තීරණය වනවා ඇත. රටේ හෙට දවස සුරක්ෂිත කිරීමට බුද්ධිමත් ඔබ සැම මේ කරුණු සමාජගත කිරීමට උපකාරි විය යුතු බව ද අමතක නොකළ යුතු වේ.

 

 

සටහන - තිළිණි ද සිල්වා

 



අදහස් (0)

ඉන්දියාවේ භයානක කොරෝනාව රටවල් පනහකට පැතිරිලා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3748 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 41 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site