IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අභ්‍යවකාශයේ රූගත කරන චිත්‍රපටය

අතමිටසරු නම් ඕනෑම අයකුට අභ්‍යවකාශයේ සවාරියකට ගොස් ආපසු ඒමට අවස්ථාව උදා වී ඇති අවදියක, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ කේන්ද්‍රකොට ගනිමින් චිත්‍රපටයක් රූගත කිරීම සිදුවෙයි. එම රූගත කිරීම් මේ වනවිට ආරම්භ වී තිබේ. මෙය අභ්‍යවකාශයේ රූගත කෙරෙන පළමු චිත්‍රපය වනු ඇත. මෙය රුසියානු චිත්‍රපටයකි.


චිත්‍රපටයේ ප්‍රධාන නිළිය 37 හැවිදිරි යුලියා පෙරෙසිල්ඩ්ය. මැය රුසියන් සිනමාලෝලීන් අතරේ ජනප්‍රිය තරුවකි. චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා යුලියා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම එහි ප්‍රධාන නළුවකු ද වන රුසියන් සිනමාකරු 38 හැවිරිදි කිම් ෂිපෙන්කෝ, පසුගිය 5 වැනිදා අභ්‍යවකාශ නැවැතුම බලා පිටත්ව ගියහ. ඔවුන් දින 12 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටිමින් රූගත කිරීම්වල නියැලෙනු ඇත.
පෙර සැලැසුම් කළ පරිදි, යුලියා සහ ෂිපෙන්කෝ, පසුගිය 5 වැනිදා,මොස්කව් වේලාවෙන් උදේ 11.55 ට සෝයූස් රොකට්ටුවක ආධාරයෙන්, සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයේ නැගී උඩු ගුවන බලා පිටත්ව ගියහ. මෙම ගමන ඇතුළු සියලු දේ කුඩා කැමරාවලින් පටිගත කෙරුණි. ඒවා ද පසුව සංස්කරණය කර චිත්‍රපටයට එක් කෙරනු ඇත. මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ 'චැලේන්ජ්' (අභියෝගය) යනුවෙනි. රුසියන් අභ්‍යවකාශ ආයතනය වන 'රොස්කොස්මොස්' සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන 'චැනල් 1' නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී. යුලියා සහ ෂිපෙන්කෝ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය බවත් එහි සිටින රුසියන් ගගනගාමීන්ගේ සහාය ඇතිව චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී ඇති බවත් 'රොස්කොස්මොස්' ප්‍රධානී දිමිත්‍රිරොගොසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ. අභ්‍යවකාශ නැවැතුම්පොළ පාදක කර ගනිමින් එහි ගොස් චිත්‍රපටයක් නිර්මාණය කළ යුතුයි යන අදහස පළමුවෙන් ම ඉදිරිපත් කර ඇත්තේ දදිමිත්‍රිරොගොසින් ය.


යුලියා සහ ෂිපෙන්කෝ සෝයූස් කැප්සියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගිය ගමනේ දී එම ගමනට නායකත්වය දුන්නේ පළපුරුදු රුසියන් ගගනගාමී ඇන්තොන් ෂ්කැප්ලෙරෝව්ය. සෝයූස් ගගන කැප්සියුලය රැගත් සෝයූස් රොකට්ටුව කසක්ස්තානයේ බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූ අතර පැය 3 ක් පමණ ගතවෙද්දී රොකට්ටුවෙන් වෙන් වුණු ගගන කැප්සියුලය කිලෝ මීටර් 354 ක් දුරින් පෘථිවි කක්ෂයේ රැඳී අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය. කැප්සියුලය අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වීමට යද්දී අකරතැබ්බක් ද සිදුවිය. 


සාමාන්‍යයෙන් කැප්සියුලයක එය පාලනය කිරීමට ප්‍රධාන නියමු ගගනගාමියකු සහ ඔහුගේ සහායට ඉන්ජිනේරුවකු ගමන් කරයි. ඒත් මෙම ගමනේ දී ප්‍රධාන නියමුවා ලෙස ඇන්තොන් ෂ්කැප්ලෙරෝව් කටයුතු කළත්, ඔහුගේ සහායට සහාය ඉන්ජිනේරුවෙකු සිටියේ නැත. යුලියා සහ ෂිපෙන්කෝ කැප්සියුලය මෙහෙයවීමට පුහුණුව ලබා සිටියේ නැත. කැප්සියුලය හා නැවැතුම්පොළ අතර සම්බන්ධය ස්වංක්‍රීයව සිදු කිරීම ගැටලුවක් විය. ඒ අනුව, ෂ්කැප්ලෙරෝව් ට නියමු රාජකාරිය පමණක් නොව සහාය ඉන්ජිනේරුවරයාගේ රාජකාරියත් කිරීමට සිදුවුණු අතර අවසානයේ කෙසේ හෝ කැප්සියුලය සහ නැවැතුම්පොළ අතර සම්බන්ධය ඇති කර ගැනුණි.


යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් අභ්‍යවකාශ නැවැතුම්පොළට ඇතුළු වී, ශුන්‍ය ගුරුත්වයේ පාවෙමින් එහි රුසියානුවන්ට අයත් කොටසට යද්දී, නැවැතුම්පොළේ රැඳී සිටි සෙසු රුසියන් ගගනගාමීන් දෙදෙනා වන ඔලෙග් නොවිට්ස්කී සහ යෝටර් ඩුබ්‍රෝව් ඔවුන් පිළිගැනීමට සූදානමින් සිටියහ. රූගත කිරීම්වලට පමණක් නොව චිත්‍රපටයේ රංගනයට ෂ්කැප්ලෙරෝව් ට අමතරව, මොවුහු දෙදෙනාද සම්බන්ධ වෙති. 
චිත්‍රපටයේ කැමරා කටයුතු තමන් සහ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින සෙසු ගගනගාමීන් අතින් සිදුවනු ඇති බවත් අඩුපාඩු පසුව පෘථිවියට පැමිණ සකසා ගන්නා බවත් කිම් ෂිපෙන්කෝ උඩුගුවනට යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේ පවසා තිබුණි. වියදම් අධික වුවත් තමන් චිත්‍රපටයෙන් දසුන් කීපයක් හෝ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රූගත කරන්නේ චිත්‍රපටය හැකිතාක් තාත්වික කරවීමට යැයි ද කිම් ෂිපෙන්කෝ එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

 


'චැලේන්ජ්' චිත්‍රපටය අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කරන බවත් එහි නිෂ්පාදන කටයුතුවලට රුසියන් අභ්‍යවකාශ ආයතනය සම්බන්ධ වන බවත් රුසියාව නිවේදනය කළේ පසුගිය මැයි මාසයේය. ඒ අනුව,යුලියා සහ ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලබා දෙන ආකාරයේ වෙහෙසකර මෙන්ම අසීරු පුහුණුවීම්වලට යොමු කෙරුණි.


'චැලෙන්ජ් චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාවේ මා සතුටට පත් වුණා. ඒත් හිතුවේ නැහැ ඇත්තටම අභ්‍යවකාශයට යන්න වේවි. මාස ගණනක් මම සහ ෂිපෙන්කෝ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ පුහුණුවීම්වලට සහභාගී වුණා. ගගනගාමීන්ට ලැබෙන පුහුණුව අපට ලැබුණා. ඒක අපූරු අත්දැකීමක්. බයයි නම් තමයි. ඒත් දැන් ආපසු හැරෙන්න බැහැ.' යැයි  යුලියා පෙරෙසිල්ඩ් උඩු ගුවනට යෑමට පෙර අවසන් වරට මාධ්‍ය හමුවේ කියා සිටියාය.යුලියා ට 12 හැවිරිදි දියණියක වෙයි. ඇය ඇනාය. මව අභ්‍යවකාශයට යනු දැක බලා ගැනීමට ඇනා ද බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ සිටියාය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් පුහුණුව ලැබුවේ සෙසු අයගෙන් වෙමිනි. අවසන් මාධ්‍ය හමුවට යුලියා, ෂිපෙන්කෝ සහ ෂ්කැප්ලෙරෝව් පෙනී සිටියේ විශේෂ වීදුරු කුටියක සිටය. යුලියා දියණිය ඇනාට සමු දුන්නේ ද වීදුරු කුටියේ සිටය. එය සංවේදී සිදුවීමක් විය. ෂිපෙන්කෝගේ බිරිඳ සොෆියා කරපුනියා ද බයිකනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ සිටියාය. ඇය ද රුසියාවේ ජනප්‍රිය නිළියකි. තම සැමියා අභ්‍යවකාශයේ පළමු චිත්‍රපටය රූගත කරමින් එහි චරිත නිරූපණයක යෙදීම ආඩම්බරයක් බව ඇය පැවැසුවාය. අභ්‍යවකාශ ගමනට පුහුණු වී බර කිලෝ 15 ක් අඩු කර ගැනීමට සැමියාට සිදුවුණු බව ද මාධ්‍ය හමුවේ ඇය කියා සිටියාය.


''චැලෙන්ජ් චිත්‍රපටයේ කතාව හෘද රෝග වෛද්‍යවරියක් වටා ගෙතෙනවා. යුලියා තමයි ඒ වෛද්‍යවරිය. මේ වෛද්‍යවරිය අභ්‍යවකාශයට යන්න සිහින දකින කෙනෙක් නම් නොවෙයි. ඒත් අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන්ගෙන් කෙනකු අකරතැබ්බකට මුහුණ දෙනවා. අසනීප වෙනවා. ඒ තැනැත්තා පෘථිවියට ගේන්න විදියක් නැහැ. ප්‍රතිකාර කරන්න වෛද්‍යවරියට අකමැත්තෙන් වුණත් අභ්‍යවකාශ නැවැතුම්පොළට යන්න වෙනවා' යැයි චිත්‍රපටයේ කතාව කුමක්දැයි පැහැදිලි කරමින් ෂිපෙන්කෝ මාධ්‍ය හමුවේ පවසා ඇත. 
ඇමෙරිකාවේ ස්පේස් එක්ස් සමාගම සහ නාසා ආයතනය එක් වී, ස්පේස් එක්ස් රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක් ආධාරයෙන් ගගනගාමීන් නොවන, සිවිල් වැසියන් සිවු දෙනකු ගගනගාමීන් ලෙස පුහුණු කර, පෘථිවි කක්ෂයට යවා ආපසු පෘථිවියට ගෙන්වා ගෙන අවසන්ය. ස්පේස් එක්ස් කැප්සියුලය ආපසු පැමිණියේ අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇති ස්ථානයටත් වඩා ඉහළට ගොස් දින 3 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිට, පෘථිවිය වටා ගමන් කිරීමෙන් ද අනතුරුවය. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ පෞද්ගලික ගගන සංචාර නිල වශයෙන් ආරම්භ කළේ ඒ අනුවය. 


රුසියන් නිළි යුලියා සහ අධ්‍යක්ෂ ෂිපෙන්කෝ ගගනගාමීන්ට ලැබෙන පුහුණුවකින් පසු උඩු අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ ද සිවිල් වැසියන් ලෙසය. ඇමෙරිකන් හොලිවුඩ් සිනමාවත් අභ්‍යවකාශයේ සහ අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපට රූගත කිරීමකට සූදානම් වෙයි. ඒත් දැන් ඇමෙරිකාවට පෙර රුසියාව ඉක්මන් වී අවසන්ය. හොලිවුඩයෙන් අභ්‍යවකාශ චිත්‍රපටයක් ලෙස නිර්මාණය වනු ඇත්තේ ජනප්‍රිය නළු ටොම් කෲස්ගේ නවතම චිත්‍රපටයයි. 58 හැවිරිදි ටොම් කෲස් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ 55 හැවිරිදි ඩග් ලීමන් චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සඳහා තව නොබෝ දිනකින් අභ්‍යවකාශයට යෑමට නියමිතය. එම ගගන සංචාරයට අනුග්‍රහය දක්වන්නේ 'ස්පේස් එක්ස්' සමාගම සහ නාසා ආයතනයයි. 


ඒ.එෆ්.පී ඇසුරිනි

 

 

ලුසිත ජයමාන්න

 



අදහස් (1)

අභ්‍යවකාශයේ රූගත කරන චිත්‍රපටය

H.p.g. thushara jayasinghe Monday, 11 October 2021 08:28 AM

හොඳ වැඩක්, චිත්‍රපට සිනමාව මෙන්ම ලෝකයේද අලුත් පිම්මක් ලෙස ඉතිහාස ගත වේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3746 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 41 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site