IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සොඳුරු වූ සඳ මගේ ඇසින් දුටු සඳ.

 

බැස යන හිරුගෙ රත් පැහැ 
තොල් සඟලෙ ඇඳ
සුසිනිඳු වලාසේලය 
හැඩ කරයි බඳ
මත් වී රඟන තරු 
බඹරුන් පිරිස මැද
මොන නැටුමකට සැරසෙනවද නාරි සඳ

 

හඳේ උමතු නැටුමට 
හිත වසඟ වෙලා
මින්රළ පෙළ ගැසී 
ඉවුරේ හිඳියි බලා
මුළා වෙති බියෙන් 
දියවර සරැළි සලා
සැණින් ඉහළ  විත් 
නෙත් පොඩි මුවා කළා

 

කඩුපුල් කැකුළු හිනැහී 
අතු අග්ගිස්සේ
නැටුමට හවුල් වෙන්නලු 
එළියට බැස්සේ
තාලෙට පා තබා 
මුතු පිරි තණ බිස්සේ
සේපාලිකා ඇවිදියි 
කිරි සුදු වැස්සේ

 

සඳ නාරිගෙන් ගිලිහෙන 
සුදු සේද වලා
තුරු හිස් වැළඳගෙන 
රහසෙම වියන් එළා
හිඳ අතු පතර මත 
නිදිබර කුරුලු කැලා
කැදැල්ලෙන් එබෙයි 
කිරිලිය නිදනු බලා

 

සඳලිය රඟන විට අනුරාගෙන් පේම
සිතිවිලි සසල විය 
හිත දඟ වී බෝම
තව කිම පමා 
යා යුතු යැයි ඉඳුරාම...
හිරු කඳු හිසෙන් නැඟුණා යළි නොසිතාම

 

කල්‍යාණි රූපසිංහ



අදහස් (0)

සොඳුරු වූ සඳ මගේ ඇසින් දුටු සඳ.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 573 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17406 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site