
විසල් කඳු වැටි දෑත් දිගුකර
අහස් කුස වෙත රහස් කිව්වා
කළු වලාකුළු දුකින් බරවී
කඳුළු හංගා දුරට දිව්වා
හරිත පත් නැති දුඹුරු අතු ඉති
අඳුරු අහසින් කඳුළු සෙව්වා
ඉරිතැලී ගිය වැව් පතුල යට
හීන් දිය බිඳු මැකී හිඳුණා
වනේ වන දෙවි දේවතාවුන්
තුරු විමන් හැර ගොසින් තිබුණා
තුරු වියන් කොට කැබලි වී
මහ පාර දිග දුරක යැව්වා
වනය සිඳලා කාසි ගස් මැද
බලවතුන් මහ විමන් තැනුවා
විමන් වල සිටි පුංචි බේබිලා
සුපිරි බෝතල් වතුර බිව්වා
ගමේ පැටවුන් හිඳුණු වැව ළඟ
දණින් වැටිලා වතුර හෙව්වා .
- රුවන්මලී දීපිකා කොඩිකාර -

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd