කලෙක සොඳුරුව තිබූ මල් උයනට
විටින් විට නුඹ කඩා පැන
ගර්ජනා කොට හැඩි කළ ද සැහැසිව
යළිත් හිස ඔසවයි ළදලු පත් හෙමිහිට

පිපිරුමට ළං වුණත් තෙරපුම
දැඩිව සිර කර දරා ඉන්නේ  
ගිනි පුලිඟු විසිරී නොයන්නයි 
මැඳුරු සීමා දොරෙන් එපිටට

නුඹෙන් ලද ඒ මහරු තිළිණය
නඟන සියුමැලි තෙපුල් පමණකි 
දැවෙන හදවත නිවාලන්නේ
රිදී ඉරක් සේ අඳුරු අහසට

මතු දිනේ ඒ කැකුළු පොඩි මත
නොවදින්න ගල් මුගුරු කැබැලිති
අකල් වැස්සක් ලෙසින් හෝ
වැටුණොතින් ඇති ගිනි ගහන කතරට

කල්‍යාණි රූපසිංහ 
මාතලේ.