කලකින් විත් සිසාරා හෙව්වට 
හුරුපුරුදු තැන් නැත පැතූ විලසට

කැන්වස් සපත්තු නිතර ආ ගිය 
පෙත් මග මවා සිදුරු කර අධිවේගය 

සැණෙන් සිඳ බිඳ උඩඟු උස් තාප්පය 
සිටවමි දං බෝවිටි වෙරළු ගස් පේළිය 

උගුල්ලා ප්ලාස්ටික් මල් කඩ
පිච්ච දාස්පෙති සීනියා ගස් උඩ

ඉගිලවමි බටිති කුරුල්ලන් දස අත 
බිඟුන් සමනලුන් නැවුම් රොන් මත

හිස තබා දිවිබර යුද වදින හෙට ගැන 
නැගෙන විට  රතු එළි ගිනි පුපුරු විලසට 

වහා යළි නැගෙනු රිසි කොන්ක්‍රිට් පුරවර
ඉතින් පලායමි හිතමිතුරු ,සුළඟ අතහැර .

රුවන්මලී දීපිකා කොඩිකාර .