ඇවිළෙන්නට ඉඩ දී
තරු කැටවලට
නිවා දමමි විදුලි පහන් වැට
අත වනා අඳුරට

තුරු පත් අගින් පිනි
හැලෙන'වැති බිම 
කෙතරම් අපූරු ද අහසෙ
තවම සඳ නැති එක

එළැඹ සුබ හෝරා 
දල්වයි ඔවුන් 
ජීවිතය අහස් කූරක
හෙටක් නැති හෙටකට 

සිතිවිලි දැහැන් බිඳ
මගෙම වූ රැය
දැන් වහා පැහැරගත් සැටි
ඒ අහස් කූරම.

රුවන්මලී දීපිකා කොඩිකාර