ඇදුම රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. හැබැයි සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ සඳහාත් කාලයක් ගතවෙනවා. සමහර විට මාස ගණනක් එක දිගට ප‍්‍රතිකාර ගන්න සිදුවෙනවා.
ඇදුම වැස්ස කාලෙට වගේම අව්ව පායන කාලෙටත් එක සේ රොගීන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන රෝගයක්. මේ දවස්වල දරුවො අතර ඇදුම හෙවත් හතිය වැඩිබවට වාර්තා වෙනවා. ඊට ප‍්‍රධාන හේතු ලෙදස දක්වන්නේ රට පුරාම තිබෙන අධික පෑවිල්ලත් සමග පරිසරයේ දුහුවිලි අංශු වැඩිවීම සහ පරිසර දූෂණය ඉහළ යාමයි. පාසල්වල ක‍්‍රිඩා තරග පැවැත්වෙන නිසා දරුවෝ වැඩි කාලයක් එළමහනේ රැඳී සිටීම නිසා දුහුවිලි අංශුවලට වගේම දූෂිතර පරිසරයටත් දරුවන් ලෙඩ කිරීම පහසුවෙලා තියෙනවා.
වැඩිවෙන හතිය අඩු කරන හැටි කියාදෙන්නයි මේ සටහන.
හතිය කියන්නේ මොකක්ද?
ශ්වසන නාළවල පටුවීමක් නිසා හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම ඇදුම ලෙස හඳුනා ගැනෙනවා. මෙහිදී හුස්ම ගන්නා විට පපුවෙන් රූං රූං ශබ්දයක් ඇසෙන අතර නිසි ප‍්‍රතිකාර ප‍්‍රමාද වන තරමට හුස්ම ගැනීමේ අපහසුතාව වැඩිවෙන්න පුළුවන්.
හතිය වැඩි වුණොත් ශ්වාස නාළවල අවහිරතාව වැඩිවෙනවා. පෙනහලූවල වාතය හිරවෙනවා. ඒ සමගම පෙනහැල්ලට ලැබෙන ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීමත් සමග හුස්ම ගැනීම තවත තවත් අපහසුවෙනවා. එවැනි තත්ත්වයකදී ඉතා ඉක්මන් ප‍්‍රතිකාරයක් අවශ්‍යයි.
අවදානම් අය කවුද?
ඇදුම රෝගය මෙන්න මෙයාට හැදෙන්න පුළුවන් කියල කිසිවෙකුට හරියටම නිගමනය කරන්න බැරි වුණත් ඇදුම රෝගය ජානවලින් එන්න පුළුවන් රෝගයක්. උදාහරණයක් විදියට තාත්තට හරි අම්මට හරි ඇදුම රෝගය තියෙනවා නම් දරුවන්ට හැදෙන්න තියෙන අවදානම වැඩියි. ඒවගේම හතිය වැඩි කරන පරිසර සාධක ඇති තැනෙක හැදෙන දරුවෙකුටත් ඇදුම හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
දවසෙන් දෙකෙන් හොඳ කරන්න බැහැ ඇදුම රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන් රෝගයක් නෙවෙයි. හැබැයි සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ සඳහාත් කාලයක් ගතවෙනවා. සමහර විට මාස ගණනක් එක දිගට ප‍්‍රතිකාර ගන්න සිදුවෙනවා.
සාර්ථකම ප‍්‍රතිකාරය ඉන්හේලර්
ඇදුම රෝගය සඳහා ලෝකයේ මේ වනවිට භාවිත වන සාර්ථකම ප‍්‍රතිකාර ක‍්‍රමය ඉන්හේලර් භාවිතය යි. එහිදී මයික්‍රොග‍්‍රෑම් තරම් ඉතාම සුළු ඖෂධ ප‍්‍රමාණයක් ගමන් කරන්නේ පෙනහැල්ලට පමණයි. එම ඖෂධය රුධිරය සමග මිශ‍්‍ර වෙන්නේ නැහැ. රෝගියාට මේ නිසා කිසිදු සංකූලතාවක් ඇතිවන්නේ නැහැ. එහෙත් මවුවරුන්ගේ ඇති දුර්මතයක් නම් ඉන්හේලර් භාවතකළොත් එය දිගටම ගත යුතු යැයි සමාජයේ දුර්මතයක් තිබෙනවා. එවැන්නක් ඇතිවීමට මූලිකව බලපානවා ඇත්තේ දිගුකාලයක් එක දිගට ඉන්හේලර් කිරීමට සිදුවන නිසා වෙන්න ඇති. එහෙත් එය ඇබ්බැහිවීමක් නොවනබවත් කාලයකදී නැවැත්විය හැකි බවත් මතක තාබගන්න.
ඉන්හේලර් පිළිබඳ අම්මලා දැන ගත යුතු කරුණු ඇදුම රෝගයට ඉන්හේලර් වර්ග දෙකක් භාවිත කරනවා. එනම්, නිල් කොපුව සහිත සැල්බියුටමෝල් ඉන්හේලර් දුඹුරු කොපුව සහිත බෙක්ලමෙතසෝන් ඉන්හේලර් මේ නිල්පාට ඉන්හේලරය භාවිත කරන්නේ හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවුණු විටයි. එයින් රෝගියාට ක්‍ෂණිකව සහනයක් ගෙනදෙනවා.
රෝගය දීර්ඝකාලීනව පාලනය කිරීම සඳහා ලබාදෙන්නේ දුඹුරු පැහැති කොපුව සහිත ඉන්හේලරය යි.
ඉන්හේලර් කළ යුතු ආකාරය සහ මාත‍්‍රාව වෛද්‍යවරයා විසින් තීරණය කරන අතර එය සිදුකරන ආකාරය පිළිබඳවද පැහැදිලි කර දෙනවා.
කුඩා දරුවන්ට ඉන්හේලර් ලබා දෙද්දී ඒ සමග ඪදකමපැඑරසජ ිච්ජැර නම් තවත් උපකරණයක් ලබාදෙනවා.
ඉන්හේලර් කරන්නේ මෙහෙමයි ඉන්හේලරය හොඳින් සොලවා එහි කොපුව ඉවත් කර වොලියුමෙටි‍්‍රක් ස්පේසර් උපකරණයේ එක පැත්තකට ඉන්හේලරය සවිකරන්න ඕනෑ. ස්පේසර් උපකරණයේ අනෙක් කෙළවරට මාස්ක් එක සවිකරන්න පුළුවන්. ඉන්පසු මාස්ක් එක දරුවාගේ නහය කට ආවරණය වන පරිදි තබා ඉන්හේලරය ප්‍රෙස් කරන්න ඕනෑ. එවිටම දරුවාට ගුඹරු හුස්මක් ගන්නැයි පවසන්න. එවිට ඉන්හේලරයේ ඇති ඖෂධ කෙලින්ම දරුවාගේ පෙනහැල්ල කරා ගමන් කරනවා. තරමක් වයසින් වැඩි දරුවන්ට මාස්ක් එක භාවිත කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. දුඹුරු පැහැති ඉන්හේලරය භාවිත කළ පසු සෑම විටම දරුවාගේ කට සහ උගුරු හොඳින් ඇල් ජලයෙන් හොඳින් සෝදන්න ඕනෑ. එසේ කළ යුත්තේ කටේ සහ උගුරේ දිලීර/පුස් වර්ග වර්ධනයවීම වැළැක්වීමටයි.
ස්පේසර් උපකරණය භාවිත කරන හැටි ස්පෙසර් උපකරණය මසකට වරක් ගලායන පිරිසුදු වතුරෙන් සෝදාගන්න ඕනෑ. සබන් දැමීම සහ ඇතිල්ලීම නොකළ යුතුයි. සෝදාගත් පසු මදපවනේ වියළා ගන්න. එසේ නැතිනම් පිරිසුදු කපු රෙදි කැබැල්ලකින් හොඳින් පිස දමන්න. ඒ නැතිනම් පිරිසුදු කපු රෙදි කැබැල්ලකින් පිසදමන්නත් පුළුවන්.
ඉන්හේලර් භාවිතයේදී මතක තබාගත යුතුම කරුණක් වන්නේ නියමිත මාත‍්‍රාව සහ ගත යුතු කාලය නිර්ණය කිරීමයි. එය කළ යුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුකූලව පමණයි. තමන්ට ඕනෑ විටෙක හෝ ඇදුම රෝගයේ අඩු වැඩිවීම මත ඖෂධ මාත‍්‍රාව වෙනස නොකළ යුතුයි. ගෙදර ඇදුම දරුවෙක් සිටිනවා නම් නිවෙසේ දූවිලි රැඳෙන ස්ථාන හැකිතරම් අවම කළ යුතුයි. එනම් නිතරම බිම සහ වහලයේ දූවිලි ඉවත්කර පිරිසුදුව තබාගන්න. එමෙන්ම වහලයේ ඇති මකුළුදැල් කඩා ඉවත් කිරීම නිතරම කළ යුතුයි.
ඇඳ ඇතිරිලි, කොට්ට උර සතියකට වරක්වත් හොඳින් සෝදා වියළාගන්න. මදුරු දැල ෂති දෙකකට වරක්වත් සෝදන්න. එමෙන්ම ෆෑන් එක ද දූවිලි බැඳෙන්නට නොදී පිරිසුදුව තබාගත යුතුයි. සුරතල් සතුන්ගෙන් දරුවා ඈත්කර තැබීම වගේම පුළුන් සහ වෙල්වට් රෙදිවලින් සෑ¥ සුරතල් සතුන් තඉබා ගැනීමට ඉඩ නොදෙන්න. ඒ වගේම දරුවාට ඇදුම හැදෙන්න පුළුවන් තවත් සාධක ඇත්නම් ඒවායෙන්ද දරුවා ඈත්කර තැබීම සුදුසුයි.
දරුවා හිරකාරයෙක් කරන්න එපා
ඇදුම ඉතා හොඳින් පාලනය කළ හැකි රෝගයක් නිසා දරුවාටසාමාන්‍ය ජිවිතයක් ගත කිරිමට හැකියි. ඒ සඳහා අවස්ථාව ලබාදීම මවු පියන්ගේ යුතුකමක්. එසේ නොමැතිව තමන් ඇදුම රෝගියෙක්බවත් දුවන්න, පනින්න, නාන්න, සෙල්ලම් කරන්න තමන්ට සුදුසු නැතිබවත් දරුවාට එ්ත්තු ගැන්වීම නොකළ යුතුයි. එමෙන්ම තමන් ඇදුම රෝගියෙක්බව දරුවාට නිතර ඒත්තු ගැන්වීමට අත්සාහ කිරීමත් සදුසු නැහැ.
දරුවාට ක‍්‍රීඩා කරන්න ඉඩදෙන්න, මිතුරන් සමග ඇලේ දොලේ නාන්න දෙන්න. කැමති ආහාරයක් ගැනීමට ඉඩදෙන්න.
ඇදුම පාලනය සඳහා ලබාදෙන වෛද්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැදීම සහ නිවැරදි ආකාරයෙන් ඉන්හේලර් භාවිතයෙන් ඇදුම ඉතා හොඳින් පාලනය කරන්න පුළුවන්. එසේ නොකළහොත් නම් දිගුකාලීන ශ්වසන අපහසුතා ඇතිවීමටත් ශ්වසන පද්ධතිය යළිි යථා තත්ත්වයට පත්නොවන ආකාරයේ හානිවලට ලක්වෙන්නත් පුළුවන්.
උපදෙස්- - බොරැුල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා
උදේශිකා නෙලූම්දෙනිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd