
(ටී.කේ.ජී.කපිල)
36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී (Singapore International Film Festival) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ, ශ්‍රී ලංකාවේ "රිවස්ටන්" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත්, එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරාට හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ "සිල්වර් ස්ක්‍රීන් සම්මානයත්" (Silver Screen Award) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රියේ පැමිණියහ.
මෙහිදී හොදම රංගනය වෙනුවෙන් ලබා දෙන නිර්දේශිත නාම අතරට රන්දික ගුණතිලකගේ නම ද එක් වී තිබීම විශේෂත්වයකි.
මෙම සම්මාන දිනා ගත් පිරිස සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 09.22ට පමණ පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රකට නළු නිළියන් පිරිසක් සහ තවත් මෙරට සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’රිවස්ටන්’’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක්
තිස්ස Tuesday, 09 December 2025 05:30 PM
ඉස්සරහට තව ලැබෙන්න තියෙනවා. අපේ සිනමාව ජාත්‍යන්තරයට යන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ මේ වගේ විශිෂ්ට නිර්මාණ කරුවන්ට අතහිත දීම කාගේත් යුතුකමක්. ජයවේවා...
Bunny Preena Wednesday, 10 December 2025 10:42 AM
සුබ පැතුම් වැඩ කාරයාට බොරු බෑ බොරු කාරයාට වැඩ බැ කියන එක ඔප්පු කළා හොඳ අවස්ථාවක්