
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොර ගහ යට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියකි.
මෙම වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක p .m .හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසිනි.
මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ ප්‍රධානමාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී බස් රථයෙන් ඇද වැටී තිබුණේ ඉකුත් 19 වැනිදාය.
ත්‍රී රෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් පාරේ ඇද වැටී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දොස්තර කෙනෙකුට පාරෙ බස් එකක යන්න උනේ? අලියෙක් ගන්න පුලුවන් සල්ලි ගොඩක් දීලා, ඒත් හෙන්ඩුවක් ගන්න ලෝභයි වගේ දොස්තර කෙනෙක් හදන්න විශාල ජනතා බදු මුදලක් වැය කලත් ඩියුටි ෆ්‍රී වාහනයක් දෙන්න මැලි කමක් දක්වනවා.
ත්‍රී වීල් කාරයෝයි, බයික් කාරයෝයි නම් සාපයක්... ඔහේ දානවා පාරට, කිසිම බැලිල්ලක් නැතුව... සිග්නල් එකක් නම් දන්නෙවත් නෑ... එක්කෝ, කලින් දාපු සිග්නල් එක ඔහේ දාගෙන යනවා ... කතා කර කර යනවා... කිසිම සිහියක් නෑ...
මගී ප්‍රවාහන බස් රථ වල දොරවල් ඇරගෙන යන්නේ ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල් කීපයක විතරයි. අනිත් බොහොමයක් රටවල් වල කරනවා වගේ දොරවල් වහගෙන යන්න ඕන කියලා නීතියක් පනවන්න ඕන. රියදුරාගේ වරදකින් නොවුනත් හදිසි අනතුරක් වෙන්න පුළුවන්. මගීන්ගේ ආරක්ෂාව තමයි අංක එක.
බසයෙන් බැසීමට කලබල නොවිය යුතුයි. බසය නිවැරදිව නවත්වනතුරු ආසනයේ වාඩිවී සිටීමට මගියාට අයිතියක් ඇත. බසය නවත්වන්නට පෙර සිටම බස් රථයේ දොරටුව ලග තෙරපෙන ක්‍රමය වහා තහනම්කල යුතුය. එවැනි වැරදිකරන මගීන්ට පමණක් නොව රියදුරාටද අවවාද කල යුතුය. එසේ නොකරන රියදුරන්ට විරුද්ධව කටයුතුකල යුතුය. මේ අවාසනාවන්ත මරණය සිදුවුනේ විනයක් නැති බස්රියදුරාගේ වරදිනි.
කණගාටුදායක පුවතක්. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක මේවා තවත් එක් පුවතක් විතරයි. මට වයස අවු 14 දී බස් එකෙන් වැටී මගේ අත කැඩුණා. වාසනාවකට ඔලුව වැදුණේ නැත්තේ. මගේ අයියා සා/ පෙළ ලියන්න යද්දී බස් එකෙන් වැටී අත කැඩුණා. අන්තිමට තමාට මොනව හරි වුණහම තමා විතරයි. කාළකන්නි බස් කාරයෝ, තුන් පූට්ටුවෝ උන්ගේ ජීවිතත් කාළකන්නි කරගෙන වෙන මිනිස්සුන්ගේ ජීවිතත් කාළකන්නි කරනවා. තුන් පූට්ටුවෝ දකූණට සිග්නල් දාලා, වමට අත දාළා, එක පාර දකුණට කපනවා. බස් එලවන වුන් අයිස් ගහල පොඩි පාරවල්වල පිඹගෙන යනවා... ජීවිතයට වාහනයක් පදින්න දෙන්න හොඳ නැති වුන් තමයි ඔය...
මේ රටේ බස් එකක යනවා කියන්නේ.. පාරට බහිනවා කියන්නේ.. මරණය අතින් අරන් යනවා වගේ වැඩක් වෙලා.. බස් වල වැඩ කරන්නෙ මනුස්ස වේශයෙන් ඉන්න තිරිසන්නු ටිකක්. මගියෙක් නගිනකම් , බහිනකම් ඉන්නේ නෑ බස් එක අදිනවා .
මොනවා වුණත් රටට වටින වෛද්‍යවරයෙක් නැති වුණා. නිවන් සුව ලැබේවා...
මොරගහයට ලේන්තැඩිය පාර කියන්නේ රෝහල් තියෙන කන්දේ පාමුල ප්‍රදේශය නොවෙයිද? එම ප්‍රදේශයට විනාඩි කීපයකින් පයිනුත් යන්න පුළුවන් එහෙම තියෙද්දී බසයෙන් ගියා කියන්නේ කොහේටද ඔහොම පරස්පර වාර්ථා ලිව්වාම ලැබීමට නියමිත වන්දිත් ගන්න බැරිවෙනවනේ. ඇත්තටම ඔය දොස්තර නෝනා ගියා කියන බසය ගිය පාරට කොළඹ මඩකලපුව පාර කියන්නේ ඇයි? කිසිමදාක ඔය පාරේ මඩකලපුව බස් යන්නේ නැහැනේ...
රියැදුරන්ගේ නොසැලකිලිමත් කමින් සිදුවෙන වැරැදි වලට, මීට පෙර වාලෙක් කියලා තිබුණා ආණ්ඩුවට රට හදන්න ඉස්සර රියැදුරන් ගේ විනය හදන්ඩ කියලා අපූරු කතාවක්?
යාපා, අනේ මන්දා ඔයාලා වගේ මිනිස්සු හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ... දැන් වැරැද්ද මේක ලියපු විදිහද..? නැතිනම් මේ බස් ක්‍රමයද?
අද කාලේ දොස්තරලත් අපේ රටේ නොදියුණු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන තත්වයට වැටිලා නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද?
මේකෙ කමෙන්ට් කරපු අයට පට්ට දැනුමක් තියෙන්නේ... බලන් ගියාම... මැරුණු දොස්තර නෝනා දැක්කා නම් පනිනවා බස් එකට... මෙවන් අකල් මරණයක් ආපසු නොවේවා ඔබට...
විනයක් නැති රටක නීතියක් නැත. නීතියට ගරුකිරීමට අකැමැතිනම් පාඩුව තමන් විසින්ම දරාගත යුතුයි.
මම හිතනවා මෙයා බහින්න සූදානම් වෙලා දොරටුව ළඟට වෙලා ඉන්න ඇති. බස්වලට දොරවල් අනිවාර්ය කළ යුතුයි.
මට ඇය ගැන, ඇගේ දරුවා ගැන, සැමියා ගැන සහ මුළු පවුල ගැනම කණගාටුයි. මරණය ඕනෑම වේලාවක පැමිණේ. සෑම කෙනෙකුටම විනයක්, නියාමනයක්, පාලනයක් සහ වගකීමක් නොමැත. තුන්වන ලෝකයේ රටක දීර්ඝායුෂ ආශ්චර්යයකි.
මට ඇය ගැන, ඇගේ දරුවා ගැන, සැමියා ගැන සහ මුළු පවුල ගැනම කණගාටුයි. මරණය ඕනෑම වේලාවක පැමිණේ. සෑම කෙනෙකුටම විනයක්, නියාමනයක්, පාලනයක් සහ වගකීමක් නොමැත. තුන්වන ලෝකයේ රටක දීර්ඝායුෂ ආශ්චර්යයකි.
අති බහුතරයක් ගැහැනු අය බස් එකේ යන්නේ හරිම අවදානම් අයුරින්.එක අතක ජංගමේ. අනිත් අතේ බැග් එක. ෆෝන් එකයි බස් එකේ පොල්ලයි දෙකම එකට තමයි අල්ලගෙන ඉන්නේ.එවිට බ්රේක් කරන කොට විසිවෙන එක වලක්වා ගැනීමට අපහසු යි.
A4 පාර .=කොලඹ මඩකළපුව පාර. රත්නපුර ප්‍රධාන මාර්ග ය.
මේවාට රජය වගකිව යුතුය. වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් දීම රජයේ වගකීමකි.
වාහන ගන්න හැකි හොරුන්ට පමණයි.තරුණ වෘත්තිකයන්ට සල්ලි මදි.රට හැර යාමට අවශ්‍ය තල්ලුව රජය ලබාදෙනවා.