IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බසයෙන් වැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පෞද්ගලික මගි ප්‍රවාහන සේවා බස් රථයක දොරටුවෙන් ඇද වැටී රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම අනතුර සිදුවී දින 14 කටපසු පෙරේදා(1) මියගිය බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර මොර ගහ යට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි පී. මදාරා මධුභාෂිනි නැමති තිස් දෙහැවිරිදි එක්දරු මවක වූ වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ දී පෙරේදා පවත්වනු ලැබුවේ එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක p .m .හරීන්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසිනි.

මෙම වෛද්‍යවරිය සේවය නිමකර පෞද්ගලික මගී බස් රථයකින් නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ මඩ කලපුව කොළඹ ප්‍රධානමාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානයය ආසන්නයේදී බස් රථයෙන් ඇද වැටී තිබුණේ ඉකුත් 19 වැනිදාය.

ත්‍රී රෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් පාරේ ඇද වැටී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය

 



අදහස් (28)

බසයෙන් වැටුණු වෛද්‍යවරිය දින 14කට පසු මරුට

primeshika Wednesday, 03 September 2025 08:41 AM

ඇයි දොස්තර කෙනෙකුට පාරෙ බස් එකක යන්න උනේ? අලියෙක් ගන්න පුලුවන් සල්ලි ගොඩක් දීලා, ඒත් හෙන්ඩුවක් ගන්න ලෝභයි වගේ දොස්තර කෙනෙක් හදන්න විශාල ජනතා බදු මුදලක් වැය කලත් ඩියුටි ෆ්‍රී වාහනයක් දෙන්න මැලි කමක් දක්වනවා.

:       106       31

nimalWednesday, 03 September 2025 10:39 AM

primeshika, දොස්තරලා බස් එකේ යන එක නෙවෙයි අවුල. හැමෝටම සුවපහසුවට යන්න ආරක්‍ෂිත පොදු මගී ප්‍රවාහනයක් නැතිකම. දොස්තරල විතරක් නෙවෙයි කුණු අදින මිනිස්සුත් බස් වලින් වැටෙනවා.හැබැයි ඒ මිනිස්සු ගැන කවුරුත් කතා නෑ . එක පාරක් හොදටම බීපු දොස්තර නෝනා කෙනෙක් අහිංසක මනුස්සයෙක් හප්පලා මරලා බොරුවට එයටත් තුවලයි කියලා කළුබෝවිල ඉදන් හොර සහතික හදන බේරුනා මතක නැද්ද. දොස්තරලා විතරක් නෙවෙයි මේ රටේ හැමෝම දුක්විදිනවා

:       11       113

Nimal Wednesday, 03 September 2025 08:55 AM

ත්‍රී වීල් කාරයෝයි, බයික් කාරයෝයි නම් සාපයක්... ඔහේ දානවා පාරට, කිසිම බැලිල්ලක් නැතුව... සිග්නල් එකක් නම් දන්නෙවත් නෑ... එක්කෝ, කලින් දාපු සිග්නල් එක ඔහේ දාගෙන යනවා ... කතා කර කර යනවා... කිසිම සිහියක් නෑ...

:       5       119

පැරකුම්Wednesday, 03 September 2025 02:02 PM

Nimal ඇයි ත්‍රීවීල් කාරයින්ටයි බයික් කාරයින්ටයි සාප කරන්නේ. ඇති තරම් නීති තියනවා ඒව පිලිපදින්නේ නැති එකයි ගැටළුව. මාර්ග නීති කැඩීම වළක්වන්න කිසි ක්‍රමවේදයක් නෑ. මාර්ග නීති කඩනවුන්ට දඬුවම් දීමටත් උනන්දුවක් නෑ. වඩා ක්‍රමවත් දැඩි පාලනයක් යෙදීමෙන් මෙවැනි අනතුරු අවම කලහැක. අපේ රථවාහන පොලීසිය ත්‍රීවීල් මොටර් සයිකල් කරුවන්ට විශේෂ අනුග්‍රහයක් දක්වන බවට ඇති මතය නිවැරදියයි හැකිය.

:       14       6

Pradeep Kumara Wednesday, 03 September 2025 09:20 AM

මගී ප්‍රවාහන බස් රථ වල දොරවල් ඇරගෙන යන්නේ ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල් කීපයක විතරයි. අනිත් බොහොමයක් රටවල් වල කරනවා වගේ දොරවල් වහගෙන යන්න ඕන කියලා නීතියක් පනවන්න ඕන. රියදුරාගේ වරදකින් නොවුනත් හදිසි අනතුරක් වෙන්න පුළුවන්. මගීන්ගේ ආරක්ෂාව තමයි අංක එක.

:       0       85

පැරකුම්Wednesday, 03 September 2025 10:21 PM

අලුතෙන් නීති පනවල ඇති වැඩේ මොකද්ද ඒව ක්‍රියාත්මක කරන්න ඉන්න රථ වාහන පොලීසිය බුදි නම්.

:       0       0

Rohana Wednesday, 03 September 2025 09:23 AM

බසයෙන් බැසීමට කලබල නොවිය යුතුයි. බසය නිවැරදිව නවත්වනතුරු ආසනයේ වාඩිවී සිටීමට මගියාට අයිතියක් ඇත. බසය නවත්වන්නට පෙර සිටම බස් රථයේ දොරටුව ලග තෙරපෙන ක්‍රමය වහා තහනම්කල යුතුය. එවැනි වැරදිකරන මගීන්ට පමණක් නොව රියදුරාටද අවවාද කල යුතුය. එසේ නොකරන රියදුරන්ට විරුද්ධව කටයුතුකල යුතුය. මේ අවාසනාවන්ත මරණය සිදුවුනේ විනයක් නැති බස්රියදුරාගේ වරදිනි.

:       1       48

Nilantha Wednesday, 03 September 2025 11:09 AM

බසයෙන් බැසීමට කලබල නොවිය යුතුය කිව්වට නැවතුමට කිලෝමීටරයක් පමණ තිබියදී කොන්දා බහින අය ඉස්සරහට එන්න කියල බෙරිහන් දෙනවා ඉතින් මගීන් බැරිමතැන අමාරුවෙන් ඉස්සරහට එනවා නැවතුමේ බසය නතරකල රියදුරා එතෙක් කොටා පාරෙ ආවත් එතැන්සිට යන්න හදන්නෙ ගමන ඊයේ යන්න තිබුන එකක් වගේමයි මෙම තත්වය තහනම් කරන්න ඕන රියදුරෝ හිතන්නෙ හැම මගියටම බසය ස්ලෝ කලාම බහින්න පුලුවන් කියල ඒ නිසා මගදිගටම කොහොම කොටකොටා ගියත් මගීන්ට බහින්න නවතාගෙන ඉන්න නම් අමාරුයි නමුත් ලංගමයේ බස් මෙහෙම නැහැ මම රත්නපුර ඩිපෝවෙ කොන්දොස්තර කෙනෙක් මොන්ටිසෝරියට යන දරුවො අම්මාලා සමග ආවත් එම අම්මලට පහසුවට දරුවො වඩාගෙන බැහැල පාරෙ ඈතින් තියල දෙනවා එවැනි අයට අපේ ආචාරය හිමිවෙනවා ඒත් තවත් බසයක් එම පාරෙම එනවිට පිස්සු බල්ලො වගේ මගීන්ට ධාවනය වෙන බසයෙන් ඉක්මනට බහින්න කියන එවුන්ටත් ඒවා නොබලන පළාත් හා අන්තර් පළාත් ප්‍රවාහනයේ ලොක්කන්ට අපේ අප්‍රසාදය පලකරනවා

:       0       34

ගුණරත්න Wednesday, 03 September 2025 02:07 PM

ඉස්සරහට ඇවිත් හිටියේ නැතොත් හෝල්ට් දෙකක් පහු කරන ගිහින් බහින්න වාසනාව ලැබෙන්න පුළුවන්. ඉස්සර පර්මිට් දුන්න කාලේ දොස්තර කෙනෙක්ට වාහනයක් ගන්න එක අමාරු වුනේ නැහැ. දැන් මිලත් එක්ක දොස්තර කෙනෙක්ට වාහන ගන්න නම් වෙනත් ආදායම් ඕන, ප්‍රයිවෙට් ප්‍රැක්ටිස්. කරන්න ඕන. ගොඩක් දොස්තරලා එහෙම ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. විශේෂයෙන් දොස්තරවරියන්.

:       5       18

සඳුන් Wednesday, 03 September 2025 09:39 AM

කණගාටුදායක පුවතක්. නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක මේවා තවත් එක් පුවතක් විතරයි. මට වයස අවු 14 දී බස් එකෙන් වැටී මගේ අත කැඩුණා. වාසනාවකට ඔලුව වැදුණේ නැත්තේ. මගේ අයියා සා/ පෙළ ලියන්න යද්දී බස් එකෙන් වැටී අත කැඩුණා. අන්තිමට තමාට මොනව හරි වුණහම තමා විතරයි. කාළකන්නි බස් කාරයෝ, තුන් පූට්ටුවෝ උන්ගේ ජීවිතත් කාළකන්නි කරගෙන වෙන මිනිස්සුන්ගේ ජීවිතත් කාළකන්නි කරනවා. තුන් පූට්ටුවෝ දකූණට සිග්නල් දාලා, වමට අත දාළා, එක පාර දකුණට කපනවා. බස් එලවන වුන් අයිස් ගහල පොඩි පාරවල්වල පිඹගෙන යනවා... ජීවිතයට වාහනයක් පදින්න දෙන්න හොඳ නැති වුන් තමයි ඔය...

:       0       57

Hasith Wednesday, 03 September 2025 11:01 AM

මේ රටේ බස් එකක යනවා කියන්නේ.. පාරට බහිනවා කියන්නේ.. මරණය අතින් අරන් යනවා වගේ වැඩක් වෙලා.. බස් වල වැඩ කරන්නෙ මනුස්ස වේශයෙන් ඉන්න තිරිසන්නු ටිකක්. මගියෙක් නගිනකම් , බහිනකම් ඉන්නේ නෑ බස් එක අදිනවා .

:       0       42

m. saman perera Wednesday, 03 September 2025 11:22 AM

මොනවා වුණත් රටට වටින වෛද්‍යවරයෙක් නැති වුණා. නිවන් සුව ලැබේවා...

:       0       21

Yasawardhana yapa Wednesday, 03 September 2025 12:14 PM

මොරගහයට ලේන්තැඩිය පාර කියන්නේ රෝහල් තියෙන කන්දේ පාමුල ප්‍රදේශය නොවෙයිද? එම ප්‍රදේශයට විනාඩි කීපයකින් පයිනුත් යන්න පුළුවන් එහෙම තියෙද්දී බසයෙන් ගියා කියන්නේ කොහේටද ඔහොම පරස්පර වාර්ථා ලිව්වාම ලැබීමට නියමිත වන්දිත් ගන්න බැරිවෙනවනේ. ඇත්තටම ඔය දොස්තර නෝනා ගියා කියන බසය ගිය පාරට කොළඹ මඩකලපුව පාර කියන්නේ ඇයි? කිසිමදාක ඔය පාරේ මඩකලපුව බස් යන්නේ නැහැනේ...

:       14       3

.පිටරැටියා Wednesday, 03 September 2025 01:13 PM

රියැදුරන්ගේ නොසැලකිලිමත් කමින් සිදුවෙන වැරැදි වලට, මීට පෙර වාලෙක් කියලා තිබුණා ආණ්ඩුවට රට හදන්න ඉස්සර රියැදුරන් ගේ විනය හදන්ඩ කියලා අපූරු කතාවක්?

:       0       8

Hasith Wednesday, 03 September 2025 02:09 PM

යාපා, අනේ මන්දා ඔයාලා වගේ මිනිස්සු හින්දා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ... දැන් වැරැද්ද මේක ලියපු විදිහද..? නැතිනම් මේ බස් ක්‍රමයද?

:       1       5

Yasawardhana yapa Wednesday, 03 September 2025 03:48 PM

හසිත් මහත්තයෝ මම කිව්වේ දැන් ඔය වෛද්‍යතුමිය සේවය අවසන් කර නිවසට යද්දී නිසා ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්න වෙනවා රජයෙන් ඒවා ගෙවීමට පරීක්ෂණයක් කරනවා. එතකොට මොරගහයට ප්‍රදේශයේ කෙනෙකු කොළඹ මඩකලපුව පාරෙ පැල්මඩුල්ල දක්වා ගියේ කුමටද කියලා... පුවත්පත් වාර්ථාව අනුව ප්‍රශ්නයක් ආවොත් ඇය වෙනුවෙන් සැමියාටත් දරුවාටත් ගන්න තියෙන වන්දිය නොලැබෙන්න හේතුවක් වෙන්න පුලුවන් කියලා මම කිව්වේ කොහේද? ඉතින් රජයේ සේවය ගැන නොදන්නා බවට මම මොනවා කරන්නද?

:       5       4

දිනේෂ් Wednesday, 03 September 2025 04:10 PM

යාපා මහත්තයෝ, පුවත්පත් වාර්තා බලලා නෙවෙයි වන්දි දෙන්නේ

:       1       7

නුවන් Wednesday, 03 September 2025 02:12 PM

අද කාලේ දොස්තරලත් අපේ රටේ නොදියුණු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන තත්වයට වැටිලා නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද?

:       6       15

kasun Wednesday, 03 September 2025 02:15 PM

මේකෙ කමෙන්ට් කරපු අයට පට්ට දැනුමක් තියෙන්නේ... බලන් ගියාම... මැරුණු දොස්තර නෝනා දැක්කා නම් පනිනවා බස් එකට... මෙවන් අකල් මරණයක් ආපසු නොවේවා ඔබට...

:       4       14

දීපාල් Wednesday, 03 September 2025 02:16 PM

විනයක් නැති රටක නීතියක් නැත. නීතියට ගරුකිරීමට අකැමැතිනම් පාඩුව තමන් විසින්ම දරාගත යුතුයි.

:       5       4

primeshikaWednesday, 03 September 2025 02:46 PM

වියදම් කරපු සල්ලි වලට සරිලන සේවයක් ලබාගත නොහැකි වූ නිසා පාඩුව වෙලා තියෙන්නේ රටටම...

:       2       11

ලුම්බිණි Wednesday, 03 September 2025 02:35 PM

මම හිතනවා මෙයා බහින්න සූදානම් වෙලා දොරටුව ළඟට වෙලා ඉන්න ඇති. බස්වලට දොරවල් අනිවාර්ය කළ යුතුයි.

:       2       9

Asela Wednesday, 03 September 2025 06:25 PM

මට ඇය ගැන, ඇගේ දරුවා ගැන, සැමියා ගැන සහ මුළු පවුල ගැනම කණගාටුයි. මරණය ඕනෑම වේලාවක පැමිණේ. සෑම කෙනෙකුටම විනයක්, නියාමනයක්, පාලනයක් සහ වගකීමක් නොමැත. තුන්වන ලෝකයේ රටක දීර්ඝායුෂ ආශ්චර්යයකි.

:       0       0

Asela Wednesday, 03 September 2025 06:25 PM

මට ඇය ගැන, ඇගේ දරුවා ගැන, සැමියා ගැන සහ මුළු පවුල ගැනම කණගාටුයි. මරණය ඕනෑම වේලාවක පැමිණේ. සෑම කෙනෙකුටම විනයක්, නියාමනයක්, පාලනයක් සහ වගකීමක් නොමැත. තුන්වන ලෝකයේ රටක දීර්ඝායුෂ ආශ්චර්යයකි.

:       0       0

සුදත් ජයරත්න Wednesday, 03 September 2025 06:54 PM

අති බහුතරයක් ගැහැනු අය බස් එකේ යන්නේ හරිම අවදානම් අයුරින්.එක අතක ජංගමේ. අනිත් අතේ බැග් එක. ෆෝන් එකයි බස් එකේ පොල්ලයි දෙකම එකට තමයි අල්ලගෙන ඉන්නේ.එවිට බ්රේක් කරන කොට විසිවෙන එක වලක්වා ගැනීමට අපහසු යි.

:       0       0

Sudath Wednesday, 03 September 2025 07:01 PM

A4 පාර .=කොලඹ මඩකළපුව පාර. රත්නපුර ප්‍රධාන මාර්ග ය.

:       0       0

Sam Wednesday, 03 September 2025 07:26 PM

මේවාට රජය වගකිව යුතුය. වෛද්‍යවරුන්ට ප්‍රවාහන පහසුකම් දීම රජයේ වගකීමකි.

:       4       7

Lalla Wednesday, 03 September 2025 10:25 PM

වාහන ගන්න හැකි හොරුන්ට පමණයි.තරුණ වෘත්තිකයන්ට සල්ලි මදි.රට හැර යාමට අවශ්‍ය තල්ලුව රජය ලබාදෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site