(තුසිත කුමාර දසිල්වා)

බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට  මනෝජ් 3 බහු දින යාත්‍රාවෙන්මුහුදු ගිය ධීවරයන් හය දෙනකුගෙන් එක් අයෙකු මුහුද මැදදී  මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද (28) කිය.

මෙසේ මියගොස් ඇත්තේ අනගිපුර රොෂාන් මධූක (55) නැමැති කන්දවත්ත, මග්ගොන, පයාගල ලිපිනයේ පදිංචිව සිටි ධීවරයෙකු බව පොලිසිය කියයි.

මෙම ධීවරයන් රැගත් බහුදිනයාත්‍රාව ඉකුත් සිකුරාදා 25 දින බේරුවල ධීවර වරායේ චීන වරාය ජැටියෙන් පිටත්ව ගොස් ඇති අතර   ඒ යන අතරතුර  මෙම ධීවරයා  කිසියම් අසනීප තත්ත්වයකින් මියගොස් ඇති බව යාත්‍රා හිමිකරුට  දැන්වීමෙන් අනතුරුව ඔහු බේරුවල පොලිසියට  මේ සම්බන්ධයෙන්පැමිණිලි කර තිබේ.

ඒ අනුව  එම යාත්‍රාවේ සිටි සෙසු ධීවරයන් මියගිය ධීවරයා සමග  27 රාත්‍රි 8.30 ට පමණ බේරුවල ධීවර වරාය වෙත නැවත පැමිණ ඇති බවත් මියගොස්  සිටි  ධීවරයා හා යාත්‍රාවසම්බන්ධයෙන් අද (28)  බේරුවල පොලිසිය හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ( සොකෝ) පරීක්ෂාවට  ලක්කර අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක්  සිදුකිරීමට නියමිත බව බේරුවල පොලිසිය කිය. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම  යාත්‍රාවේ ගමන් ගත් සෙසු ධීවරයන් පස්දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති  අතර     අද(28) මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට වෙ  සිරුර රැගෙන  යාමට  පොලිසියකටයුතු කළහ.