
බියගම ප්‍රදේශය ගං වතුර තත්වය හමුවේ විශාල ලෙස හානියට ලක්වූ අතර,ප්‍රදේශය පුරා එක්රැස් වී තිබූ කැලිකසල ටොන් ගණනක් ඉවත් කිරීමට දින කීපයක කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළ බව බියගම ප්‍රාදේශීය සභා සදහන් කරයි.
එම විශේෂ මෙහෙයුමට ප්‍රාදේශීය සභාවේ සභිකයන්, සෞඛ්‍ය සහ පරිසර කටයුතු සම්බන්ධ නිලධාරීන් එක්ව සිටි අතර, ඉකුත් 7වැනිදා වන විට එම කටයුතු අවසන් කිරීමට හැකිවූ බවද එම සභාව කියයි.
ඉකුත් වසරේ ඇතිවූ ගංවතුර තත්වයෙන් පසු මල්වාන වැනි ප්‍රදේශ වල කසල ඉවත්කිරීමට සති 2-3 අතර කාලයක් ගතව තිබූ අතර, එම තත්වය මගහැරලිම සඳහා මෙවර කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සඳහා අමාත්‍ය අනුර ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ප්‍රාදේශීය සභා සභාපති කුමරප්පෙලි යන මහත්වරුන් කටයුතු කළ අතර එම වැඩපිළිවෙලට ලයන් බෲවරි සමාගමේ අනුග්‍රහය ලබාගත් බවද ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු කීහ.
එහිදී කසල ඉවත්කිරීමේ මෙහෙයුමෙන් අතුරු පාරවල එකතු වූ කැලිකසල ටැක්ටර සහ කුඩා ට්‍රක් රථ භාවිතයෙන් ලයන් පරිශ්‍රය අසල විශේෂයෙන් සැකසු අංගනයකට එකතු කර විශාල ට්‍රක් රථ භාවිතයෙන් කෙරවලපිටිය අංගනයට ප්‍රවාහනය කරනු ලැබිය.

2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බියගම පිරිසිදු කරයි