(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අහිංසකයන් හිරේ ලගිද්දී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් හමුදා අණ දෙන නිලධාරියා මේ සභාවේ සිටින බව සමග ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා පැවසීය.

විශේෂ ඔත්තුකරුවකු තුන්වෙනි සන්නද්ධ බුද්ධි බලකායට සහරාන් ගැන තොරතුරු ලබා දී ඇති බව සීඅයිඩි වාර්තාවේ සඳහන් වෙනවා. එහි නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවත් ක්‍රියාමාර්ග ගත්තා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බවත් වාර්තාවේ දැක්වෙනවා. නමුත් මේ දක්වාම මේ බුද්ධි නිලධාරින් එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගෙන නැහැ.

නමුත් වවුනතිව් ප්‍රදේශයේ උප පොලිස් පරීක්ෂක විජේනායක මහතාට දෙමළ පරිවර්තනය කිරීම සඳහා ගිය අහිංසක සාජන් කෙනෙකු තමයි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළේ. මේක කැකිල්ලේ තීන්දුව වගේ වැඩක්. බුද්ධි නිලධාරීන් පිට. අණ දෙන නිලධාරියා පාර්ලිමේන්තුව ඇතුළේ.

මේ අණ දෙන නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි. ඒ අය ඉදිරිපත් නොකරන්නේ මන්ද. මේ අය අධිකරණයට ගෙන ඒම වළක්වන්නේ කවුද. කවුද මේ පිටුපස ඉන්න මහමොළකරු. හමුදාවේ කවුරුවත් අත්අඩංගුවට ගෙන නැහැ.