(රෝෂන් තුෂාර)
අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගල හා කෙටි කලකින් කෝටිපතිනියක වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් නැමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා කොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද දැනුම් දුන්නේය.
තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බදු මුදලක් සහ ‘ලෝලියා ස්කින් කෙයා’ පෞද්ගලික සමාගමේ හිමිකාරිනි පියුමි හංසමාලි මහත්මිය රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ද දේශීය ආදායම් කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
පියුමි හංසමාලී නමැති නිරූපණ ශිල්පිනියට හා විරාජ් තාඹුගල නමැති ව්‍යාපාරිකයාට එරෙහි විමර්ශන ගොනු කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දැනුම් දුන්නේය.
තාඹුගල සහ හංසමාලී යන සැකකරුවන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 හා 190 වගන්ති අනුව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කිරීම, නිසි පරිදි බදු ගොනු පවත්වාගෙන නොයෑම හා බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම පැමිණිලි ගොනු කර තිබිණි.
පැමිණීලි කැඳ වූ අවස්ථාවේ දී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් සැකකරුවන් මෙතෙක් කාලයක් රජයට බදු නොගෙවීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම හා බදු ගෙවීමට ලියාපදිංචි නොවීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව මෙම පැමිණීලි ගොනු කළ බව දැනුම් දුන්නේය.
අදාළ විමර්ශනවලදී තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බද්දක් සහ ලෝලියා ස්කින් කෙයා පෞද්ගලික සමාගමේ හිමිකාරිනි පියුමි හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි අනාවරණය වී ඇතැයි දැනුම් දුන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා හිඟ බදු මුදල් හා ඊට අදාළ දඩ සහ පොලිය අය කර ගැනීමට තාඹුගල නමැත්තාට සහ පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කරන බව ද පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා වාර්තා කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd