(සුජිත් හේවාජුලිගේ)

දිවයින පුරා සියලුම බන්ධනාගාරවල නිලධාරීන් දෙදහසක පමණ හිඟයක් පවතින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හිඟය හේතුවෙන් බන්ධනාගාර කටයුතු වලට දැඩි බලපෑම් සිදුව ඇතැයි වාර්තාවේ.

බන්ධනාගාර නිලධාරින් 2022 වසරේ සිට බඳවාගෙන නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.