(එස් ඩී කොඩිකාර )
ඇමැරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්හි පැවැති වර්ල්ඩ් ටී එක්පෝ තේ ප්‍රදර්ශණයට සමගාමීව පැවැති ග්ලෝබල් ටී චැම්පියන් ශිප් තේ තරඟයෙන් ලෝකයේ තේ නිෂ්පාදිත සියළු රටවල් අභිබවමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂ තේ සම්මාන 09 ක් දිනා ගැනීමට දෙනියාය පල්ලෙගම ලුමිබිණි තේ කර්මාන්ත ශාලා ව සමත්ව ඇත.
මෙම ප්‍රදර්ශණය සහ තරඟය 2025.03.23 සිට 26 දින දක්වා පැවැති අතර ලුම්බිණි තේ කර්මාන්ත ශාලාව තේ වර්ග 15 ක් තරගය සදහා ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලුම්බිණි සිල්ව ප්‍රදර්ස් තේ වර්ගයට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මාන 06 ක් දිනා ගැනීම විශේෂත්වයකි.
දිනූ සම්මාන සමග මව් රටට පැමිණි ලුම්බිණි තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ කළමාණාකාර අධ්‍යක්ෂක ඇතුළු පිරිස පිළිගැනීමේ උත්සයක් දෙණියායේ දී පෙරේදා (02) සංවිධානය කර තිබුණි.එහිදී සම්මාන සමග මව් රටට පැමිණි පිරිස දෙනියාය වතුයාය ආසන්නයේ සිට රථ පෙළපාලියකින් තේ කර්මාන්ත ශාලා පරිශ්‍රය දක්වා කැදවා ගෙන පැමිණි අතර දෙනියාය වෙළද හා වාණිජ සංගමය හා දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය ද දෙණියායේ දී ඔවුන් පිළිගැනීමක්ද සිදු කෙරුණි.
එහිදී පැවැති උත්සවයේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහකාර තේ කොමසාරිස් ඩබ්.එම්.එස්.විජේමාන්න මහතා කියා සිටියේ තේ ඉතිහාසය තුළ විශ්ෂ්ඨ ගණයේ සම්මාන 09 ක් ලැබුනු ප්‍රථම අවස්ථාව මෙය බවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd