IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ණය ගැනීමේ ඕනෑකම පහල යයි

(අංජුල මහික වීරරත්න)

මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහල ගොස් ඇතැයි රජය පවසයි.

ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදායින් ඇරැඹි අනුර දිසානායක පාලනය ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩු වීමක් අගපේක්ෂා කරන බව රජය කියයි.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන විට ලංකා ආර්ථිකයේ පැහැදිලි සුබවාදී දිශානතියක් පෙන්නුම් කරන බව රජය පවසයි.

පරිපූරක ඇස්තමේන්තු නොමැති සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් පවත්වා ගෙන යාමට හැකියව ලැබී ඇති වසරක් බවද රජය සඳහන් කරයි. බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8%ක ප්‍රමාණයක පවත්වා ගැනීමට සමත්ව ඇතැයි ද 2025 පළමු මාස 6 තුල රාජ්‍ය ආදයම රුපියල් බිලියන 2321 ක් බව රජය කියයි.

2024 වර්ෂයේ පළමු මාස 6 තුල ලබා ඇත්තේ රු. බි. 1,864 ක රාජ්‍ය ආදායමකි. 2024 පළමු මාස 6 තුළ ආදායම් බදු ලෙස ලැබී තිබුණේ රුපියල් බිලියන 1709 ක් වුවද මේ වසරේ එය රුපියල් බිලියන 2,152.09 ක් දක්වා වර්ධනය වී ඇතැයි රජය සඳහන් කරයි.



අදහස් (2)

ණය ගැනීමේ ඕනෑකම පහල යයි

Nihal Monday, 22 September 2025 01:17 PM

දැන් හොරා කාපු අය ගෙදරනේ, පවුල් පුම්බන්න වියදමක් නැහැ, මැඩම්ලා දුසිම් ගණන් බටහිර රටවලට ජනාධිපතිවරයාලා ඇමැතිලා එක්ක සමුළුවලට ආපුවාම මිලියන ගණන් ජනතා මුදල් කාබාසිනියා කරන අය නෑනේ.. කට්ටිය ආයේ රට සංවර්ධනය කරලා දෙන්න එනවාලු...

:       1       15

ගුණරත්නMonday, 22 September 2025 02:14 PM

හොරා කාලත් රනිල් ආණ්ඩුව අවුරුදු දෙකට ඩොලර් කෝටි 650ක් එකතු කරලා ගියා... මේ ආණ්ඩුව කීයක් සංචිත එකතු කරලද?

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site