IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක්

(ජේ .ඒ. එල් ජයසිංහ)

මහවැලි ගඟ උතුරායාමෙන් ඇති වූ ජල ගැල්මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 300ක පමණ පාඩුවක් වී ඇතැයි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

මහවැලි ගඟ උතුරා යාමෙන් ඇතිවූ ගංවතුර නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යුත් උපකරණ, පරිගණක පර්යේෂණ දත්ත උපකරණ, වටිනා ගෘහ භාණ්ඩ ඇතුළු කෝටි ගණනක් වටිනා දේපළ විනාශ වී ඇති බව ද උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සදහන් කළේය.

සිදුව තිබෙන හානිය මේ වන විට ගණන් බලාගෙන යන බවත්, ගංවතුර නිසා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය, කෘෂිකර්ම පීඨය සහ පශු වෛද්‍ය පීඨයේ කෝටි ගණනක් වටිනා පර්යේෂණ හා විද්‍යුත් උපකරණවලට හානි සිදුව තිබෙන බවත් ඔහු පැවැසීය.

විශ්වවිද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ තිබූ කෝටි 6 ක පමණ පරිගණක උපකරණ විනාශ වී ඇති අතර ක්‍රීඩා උපකරණ නඩත්තු ඒකකයේ විදුලි උපකරණ, විශාල ප්ලාස්ටික් ජල ටැංකි රැසක් ගංවතුරට ගසාගෙන ගොස් ඇති බව ද උපකුලපතිවරයා කීය.

ඇතිවූ ආපදා තත්වය නිසා හානි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය යථා තත්වයට පත් කිරීමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇති බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.



අදහස් (4)

ජල ගැල්මෙන් පේරාදෙණිය සරසවියට කෝටි 300ක පාඩුවක්

Nipuna Friday, 05 December 2025 09:08 AM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනයේ පිහිටෙන් විදේශවල පුරවැසිබව ලබා හොඳ රැකියා කරන ආදි විද්‍යාර්ථයින්ට කළගුණ දක්වන්න ඉතා හොඳ අවස්ථාවක්.

:       0       26

Bunny Preena Friday, 05 December 2025 09:17 AM

දැන් කාලගුණය හුඟක් වෙනස් වෙලා අලුතින් හිතලා පරිගනක වැනි යන්ත්‍ර අ් කරන අඩුම ගානේ ගංගා ආශ්‍රිතව හෝ ගංවතුර අවදානමට භාජනය විය හැකි ප්‍රදේශවල ඇති මහල් කිහිපයකින් යුක්තව ආයතනවල පහළ හාලයේ සවි නොකර ඉහළ මහළයට ස්ථාපනය කළ හැකි නම් එම උපකරණ විනාශ වෙන එක වළක්වා ගන්ඩ පුළුවන් වේවි. මෙවර ගංවතුර කවුරුවත් බලාපොරොත්තු විදියට ආපු එකක් ඉදිරියටත් එහෙම වුණොත්?

:       1       14

janahitha Friday, 05 December 2025 09:25 AM

ගංගාරාමයෙන් කෝටි තුනක් ලබාදිලා තිබෙනවා ඔක්කොම ආදි සිසුන් බොහොමයක් විදේශ වල් එකතු වුනොත් නැවත ගොඩ නගන එක අපහසු නොවේ

:       0       13

මහසෙන් Friday, 05 December 2025 12:35 PM

වෛරය හා පළිගැනිමට සොබාදහම දැක්වූ ප්‍රතිචාරය. මින් පසුවවත් මිනිසුන්ට හිංසා කරන්න එපා. සොබාදහම නඩු අහන දවසට ලෝයර්ලා නෑ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site