(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දු වලින් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් වූයේ යැයි විශ්‍රාම ගැනීම උළෙල අමතමින් පැවසු අගවිනිසුරු මුර්දු පුනාන්දු මහත්මිය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින්නේ යැයිද පැවසුවාය” අගවිනිසුරුවරිය වශයෙන් කටයුතු කළ මුර්දු පුනාන්දු මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රවණාගාරයේදී අධිකරණ ක්ෂේත්‍රයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු උළෙල අමතමින් එසේ පැවසුවාය.
අගවිනිසුරු මුර්දු පුනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවැත්වු උත්සවයට නීතිපති පාරින්ද රණසිංහ ශ්‍රී ලංකා සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය යන මහත්වරුන්ද ශ්‍රේෂ්ඨාධිකරණය. අභියාචනාධිකරණය සහ මහාධිකරණ ඇතුළු සියලුම අධිකරණවල විනිසුරුවරුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇතුළු ජේෂ්ඨ නීතිඥවරුන්ද සමඟ විශාල පිරිසක් සහභාගී වුහ
අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවැත්වු උළෙල අමතමින් මුර්දු පුනාන්දු මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය” අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට මා පැමිණ මේ වන විට වසර 45 ක් වෙනවා” මම අලුත්කඩේට ආවේ නීති ශිෂ්‍යාවක් හැටියට” ඉන්පසු නීතිඥ සංගමයේ සාමාජිකාවක් වශයෙන්ද අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් සහ අගවිනිසුරුවරිය වශයෙන්ද මෙහි කටයුතු කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය 1901 පිහිටවනු ලැබුවා. එය පිහිට වුයේ රාජකීය බලපත්‍රයක් මාර්ගයේන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු අගවිනිසුරුවරයා වන්නේ ශ්‍රීමත් කොරින්ටන්ටන් කැරෙන්ටන් මහතාය. වසර 225 කාලයකදී මා එහි 48 වැනි අගවිනිසුරුවරයා වශයෙන් පත්වුණා. වසර හතහාමාරක කාලයක් ශ්‍රේෂඨාඨාධිකරණ විනිසුරුවරියක් වශයෙන්ද අගවිනිසුරුවරිය වශයෙන්ද කටයුතු කළා.
අගවිනිසුරුවරයකුගේ කාර්යභාරය හුදෙක් ශ්‍රේෂඨාධිකරණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම පමණක් නොවේ.
විනිසුරුවරුන් වශයෙන් අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම සම්මතයන් බිද දැමීම සමාව දිය නොහැකි පාපයක්” මෙම සම්මතයන් සියලූ මට්ටමේ අධිකරණයන් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා” මේ රටේ තරුණ නීතිඥයන් දහස් ගණනක් සිය වෘත්තියේ යෙදෙනවා. තවත් දහස් ගණනක් එකතු වෙනවා මම දැක තිබෙනවා” තරුණ නීතිඥයන් විවිධ ප්‍රශ්නවලට හා අපහසුතාවට මුහුණ දෙනවා” කෙසේ නමුත් ඔවුන් නීතිඥ වෘත්තියේ ආචාර්ය ධර්ම ආරක්ෂා කළ යුතුයි” එහි සම්ප්‍රදායන් සහ ආචාර්ය ධර්ම ආරක්ෂා කළ යුතුයි.
අධිකරණයේ ගරුත්වය සහ නීතියේ මහේශාක්‍යත්වය ආරක්ෂා කිරීමට විනිශ්චය මණ්ඩලය සහ නීතිඥ සංගමය අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි” මේ දෙපාර්ශවයේම සහයෝගය මට ලැබුණා.
අවසාන වශයෙන් මම යළිත් අවධාරණය කරන්නේ ජනතාවගේ මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටිනවා” අධිකරණය දුන් නඩු තීන්දු මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතීයේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමට උපකාරී වී තිබෙනවා” එහි කොටස්කාරියක් විම ගැන ආඩම්බරයක් මට තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd