(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේ සියලුම සභිකයන්ගේ නම් ලබන 30 වැනිදා රාත්‍රී 12.00ට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් යළි ඉල්ලීමක් කරයි.
සභික නාමලේඛන වහා ඉදිරිපත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් මෙසේ ඉල්ලීම් කරන තුන්වැනි අවස්ථාව මෙයයි.
ඡන්ද ප්‍රතිඵල නිකුත් නිකුත් කළ විගස සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කාන්තා නියෝජනය ද ඇතුළත්ව සිය නාම යෝජනා භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ පනත අනුව සියලු පළාත් පාලන ආයතන ලබන 2 වැනිදාට පෙර පිහිටවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිලධාරියෙක් පැවසීය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සියලුම සභික ලයිස්තු 30ට පෙර ඉල්ලයි