
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයෙදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ අමානුෂීක පහර කෑමට ලක්වු සිව්දරු පියෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අමානුෂීක ලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඩබ්ලියු.එම්.කේ.චන්ද්‍රසේන නැමති 36 හැවිරිදි සිව්දරු පියෙකි.
මෙම පහර දීම ඊයේ නවගත්තේගම වෙලෙවැව නගරයෙ කොත්තු හෝටලයක් අසල අතුරු මාර්ගයකදී සිදුවි ඇති බව කියයි.
එම හෝටලයට කොත්තුවක් මිලදි ගැනිමට යතුරු පැදියකින් පැමිණ සිටි නවගත්තේගම පොලිස්ථානයේ පොලිස් රියදුරේකුගේ යතුරු පැදියෙ එම හෝටලයටම කොත්තුවක් මිලදි ගැනිමට පැමිණ සිටි පුද්ගලයකුගේ පාපැදිය ගැටී සිදුවූ බහින්බස්වීම දුරදිගොස් පහරදීම සිදුව ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාර්ශවයම ඉවසන්නම බැරි ලොකු බඩගින්නකින් ඉඳලා වගෙයි
බඩගින්නේ ඉන්න සතෙකුටවත් මේ වගේ ගහන්න එපා. පව් අසරණයා ...කොත්තු කනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. ඕවා කෑවාම මුළු ඇඟම දනවා, වතුර බීලා එපාවෙනවා. පහුවෙනිදාට ඇඟට පනත් නෑ. මොනවා දාලා හදනවාද මන්දා ඔය කොත්තු.. පොලිසිය ගහන්න ඇත්තේ ඒ නිසාද කව්ද දන්නේ? නොදන්නාකමට කන්න එන්න ඇති...