
(රේඛා තරංගනී ෆොන්සේකා)
බෙලිඅත්ත බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට බඹරැන්ද ප්‍රදේශයේදී මොනරෙකු ගැටීමෙන් සිදු වූ අනතුරකින් මොණරා මරණයට පත්ව දුම්රිය රියදුරුට තුවාල සිදුව තිබේ.
දුම්රිය රියදුරු ටී. එම් ජයසිංහ මහතා මෙම අනතුරට මුහුණ පා ඇත.
අනතුරින් ඔහුගේ හිසට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබු මොණරා එම ස්ථායේදීම මියගොස් තිබේ.
M7 Class කෙටිදුර ධාවන දුම්රියක් වන 747 දුම්රිය නියමු කුටියේ ඉදිරිපස විදුරුව කඩාගෙන මොණරා රියදුරුගේ හිසේ වැදී ඇත. රියදුරු ප්‍රතිකාර සඳහා යොමුකොට ඇත.
වසර 32 සිය සේවා කාලය තුළ මෙවැනි හදිසි අනතුරක තමා පත්වු පළමු අවස්ථාව මෙය බව රියදුරු මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳ සුරිඳුට වාහනේ අලුත් කරන්න ඕනෑ වෙලා තිබුණත්, කපු රාලලා සල්ලි පාස් කරන්නෑ. ආර්ථිකය අවුලක්ලු.
අර ආචාර්ය නෝනා රෙද්ද උස්සාගෙන එයිද දන්නෑ විරෝධය පාන්න...
පව්...!
මොණරු ඔහොම මෝඩ වැඩ කරන්නේ නෑ. මේ මොනරාගේ හාමිනේ, සෙබඩක්. අපේ හාමිනේලා වගේ තමයි. මූණට කඩා පනිනවා.
දැන් ඔය අනතුර සිදුවන විට, එම වාහනෙ රියදුරු අසුනේ හිටියේ කද සුරිඳුන් වෙන්න බෑනේ ! කද සුරිඳුන් කවමදාකවත් සිය වාහනයේ සුක්කානම අතට ගන්නවා අප දැක නැහැ. ඒ වගේම එම වාහනය පැදවූ රියදුරාද ඉතා හොඳින්, ආරක්ෂාකාරීව එම වාහනය පදවන නිසා සහතිකපත්, සම්මාන ආදිය පවා ලබා තිබෙන බව "කතරගම නිවුස්" පුවත් පතේ පවා කිහිප වතාවක් පලවී තිබුණි. මෙ අනුව, මෙම අනතුරෙ සම්පූර්ණ වගකීම එම කොච්චි රියදුරු භාරගතු බවත්, කද සුරිඳුන් ගෙ වාහනයට සිදුවූ අලාභ වලට වන්දි වශයෙන් පඩුරු වට්ටි දහසක් ගෙවිය යුතු බවත් තීරණය විය. පව් ... අනේ ... පව් ... !