
'පො.එ.පෙ අපේක්ෂිකාව කුඩු සමග මාට්ටු' යන මැයෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් පානදුර පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සංවිධායක කණ්ඩායම් නායක ශ්‍රී මුණසිංහ පවසනුයේ එවැනි අපේක්ෂිකාවක් ඔවුන්ගේ පක්ෂයේ නොමැති බවය.
ඔවුන්ගේ පක්ෂයෙන් කාන්තාවන් පස් දෙනකු තරඟ වදින බවත් ඔවුන් කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමකට හෝ සම්බන්ධ නොමැති පිරිසක් බවත් එම සංවිධායකවරයා පැවසීය.
පානදුර නගර සභාවට වෙනත් පක්ෂයක අපේක්ෂිකාවක සහ තවත් අයකු අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී මත් ද්‍රව්‍ය සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පො.එ.පෙ. කියනවනං ඉතිං අපි විශ්වාස කරනවා. කවදාවත්ම බොරුවක් කියල නෑ. අපිට හොදටම විශ්වාසයි.
මාලිමා ඩෝබිලාගේ ඒ ආතල් එකත් කුඩු උනා.