
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් සහ තවත් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කියයි.
හිටපු සහකාර කොමසාරිස්වරිය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. හිටපු කොමසාරිස්වරිය ඉඩම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස මේ වන විට කටයුතු කරයි.
අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදුකරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ, සංවර්ධන සහකාරවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
එම වහානය අනීතිකව පැවරීමක් සිදුකිරීම සඳහා නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් නාරාහේන්පිට ශාඛාවේම විමර්ශන අංශයේ, අධීක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී අනීතික ආකාරයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd