IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන්  චෝදනාවක් ඉදිරිපත්වී ඇත.අප පක්ෂය කිසි විටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.

එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.



අදහස් (12)

අයිස් නිෂ්පාදනයට සම්පත් ලග තබාගත් “සම්පත්“ පක්ෂයෙන් දොට්ට

Pradeep Kumara Saturday, 06 September 2025 02:16 PM

බොරු නාඩගම් එපා මහත්තයෝ.. ඔයාලා බබාලා, කලින් මොනවත්ම දැනගෙන හිටියේ නෑ.

:       37       67

උකුස්සා Saturday, 06 September 2025 02:27 PM

ඕකත් ඉතින් අහන්න දෙයක්යෑ... ගෑවෙන හැම තක්කඩි පිටිපස්සේ කොණ පොහොට්ටුවේ කෙනෙක්...

:       32       70

Lansa Saturday, 06 September 2025 02:47 PM

ඉස්සර නම් මහින්ද මහත්තයා මාව බදාගෙන, අල්ලන්න ආපු අයව එළෙව්වා...

:       25       59

ජයනාත් Saturday, 06 September 2025 02:49 PM

තහනම් වෙන්නේ ලියුමටනේ. සම්බන්ධතාවන් පෙරටත් වඩා සව්මත් නේද..?

:       25       55

ravin Saturday, 06 September 2025 02:54 PM

එනපොට හොද නැහැ... කෙල්ල ගෙට ගනින් කිව්වලු...

:       26       40

[email protected] Saturday, 06 September 2025 02:57 PM

අඩේ අප්පා ඔහොම අස්කරන්න ගියොත් ඉතින් මේ අවුරුද්ද අවසානයේදී පොහොට්ටුවක් ඉතුරු වෙන්නේ නෑ...

:       21       57

විපරමා Saturday, 06 September 2025 03:12 PM

එහෙම බැලුවොත් පක්සයේ නායකයා ඉදලා ඉන්නෙම දූෂිතයෝ?

:       24       37

Hafeel Saturday, 06 September 2025 03:55 PM

ඔයාලා මීට කළින් දන්​නේ නැහැ වගේ. අද මෙයා මෙහෙම කිව්වට, හෙට නාමල් කියාවි මේක දේශපාලන පළිගැනීමක් කියලා.

:       31       33

Lakmal Saturday, 06 September 2025 04:24 PM

ඔක්කෝමලා අස් කරන්න වෙයි. පොහොට්ටුව කියන්න හොරුන් මැරයින් කුඩ්ඩන් වෙනුවෙන් පිහිටවපු බැසිල්ගේ පක්ෂයනේ...

:       30       33

sam Saturday, 06 September 2025 05:44 PM

මේ අනතුරු වලට වගකියන්න ඕනේ ඩ්‍රයිවින් කරද්දී ගතයුතු ආරක්‍ෂිත පියවර, ගැන කියල නොදී, ඕනෙම එකෙක් සුක්කානම කරකන්න උන පලියට නිකන් ඕනේ පාස් කරන ඩ්‍රයිවින් ලයිසන් දෙන උන්. වෙන රට වල විශේෂයෙන් ඩුබායි, Europe වල ලයිසන් ගන්න උන් දන්නවා කොච්චර නම් අමාරුද ලයිසන් ගන්න කියල . අපේ රටේ ඒකට ,...................... බස් ගමුනුත් මේවට වගකියන්න ඕනේ. නීති ක්‍රියාත්මක කරන්න යද්දී මුගේ විරෝධතා

:       0       0

Srinath Saturday, 06 September 2025 07:39 PM

පක්ෂ සමාජීකරණය අයින්කලාට දැන් වැඩක් නෑ… කලින් පොහොට්ටුවේ, කරන්න පුළුවන් හැම බලු වැඩේම කරලා දැන් බොරුවට ජනතාව ගොනාට අන්දන්න හදනවා… NPP ආණ්ඩුව ආවේ නැත්නම් , අයිස් මෙඩ් ඉන් ශ්‍රී ලංකාව වෙනවා

:       0       0

Danushka Sunday, 07 September 2025 07:19 AM

ඔය පක්ෂේ ඉන්නේ එකෝ කුඩු මුදලාලිලා ... එක්කෝ ස්ත්‍රී දූෂකයෝ... එක්කෝ මිනී මරුවෝ , එහෙම නැත්නම් හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site